යාළුවො,ගෙදර,ස්කෝලෙ මේ දේවල් එක්ක
ජීවිතය ගෙවිල ගියෙ හරිම සැහැල්ලුවෙන්.විභාගය ගැන හිතේ පොඩි බරක් තිබුනත් ඒක
වැඩියෙම හිතට දැනෙන්න දුන්නෙ නැති හින්ද ජීවිතය සැහැල්ලුවෙන්ම ගෙවිල
ගියා.ඒ සතුට තවත් වැඩි කරේ දුහුළු.එයා මගෙ ජීවිතේම කොටසක් වෙලා හිටියේ.අපේ
ආදර කතාව දුහුල් මටසිළුටු එකක් නොවන බව දැන දැනම අපි ආදරය කරා.
ඒ අපිට ආදරවන්තයින් වෙන්න බැරි ලොකු බාධාවක් තිබුණු හින්දා.ඒක අපිට කවදාවත්
මඟ හරව ගන්න බැරි බාධාවක් වුනත් ඒ ගැන නොහිත අපි ආදරය කරා.
මම නෙට් ලොග් වෙන්න පුරුදු වුනේ කම්මැලි කමට.නිකන් ඉන්න වෙලාවට කරන්න දෙයක් නැතිකමට.
නේහව මට හම්බ වුනේ නෙට් එකේ එහෙම ඉන්න වෙලාවක.මුලින් නිකමට ඇරඹුණු අපේ
යාළුකම ටික ටික වැඩි වුනේ අපිටත් නොදැනිම.මම මගෙ විස්තර ඔක්කොම එයාට
කිව්වා.එයා එයාගෙ විස්තර ඔක්කොම මට කිව්වා.එයා මට මගෙ නංගියෙක් තරමටම ලං
වුනා.
එයාට පුන්චි අසණිපයක් තිබුනා.මුලින් එයා ඒක ගැන කියන කොට මට එච්චර හැඟීමක්
නැතිවුනත් පස්සෙ හොයල බලන කොට ඒක පුන්චි ලෙඩක් නෙවෙයි.ලොකු ලෙඩක්.සමහරවිට
එයා මැරෙන්නත් පුළුවන්. ඒක දැනගත්තම මගෙ හිත ඇත්තටම ගැස්සුණා.එයා ඒ වෙනකොට
මට ඒ තරමටම ලං වෙලා හිටියේ.මම එයා වෙනුවෙන් දේවාලෙ බාරයක් වුනේ මගෙ හිත
සනසවා ගන්න.
එයත් ලෙඩේ තියෙන බරපතලකම දැනගෙන හිටියා.එයා කිව්වෙම එයාට හැම දෙයක්ම අහිමි
වේවිම කියලා.එයාගෙ ජීවිතයවත් එයාට අයිති නෑ කියල එයා හිතා ගෙන හිටියේ.මම
හැමතිස්සෙම එයාගෙ හිත හැදුවා.එයාට හොඳ වෙනවමයි කියල එයා හිතේ විශ්වාසය ඇති
කරා.
ඒ දවස් වල මම වැඩියෙන්ම කාලය ගත කලෙ ඒ වෙනුවෙන්.
කාලය හෙමින් ගෙවිල යන අතරෙදි දුහුළු හිතා ගන්න බැරි විදිහට වෙනස් වුනා.එයා
අපි අතරෙ තියෙන නොගැලපීම ගැන හැමතිස්සෙම කතා කරන්න වුනා.මට ඒවට දෙන්න
උත්තර තිබුනෙ නෑ.
මගෙ හිතට දැනෙනෙ දුක මම බෙදා ගත්තෙ නේහත් එක්ක.වෙනදට වැඩියෙන් මම නෙට් එකේ
ඉන්න පුරුදු වුනේ ඒ හින්දා.නේහ මගෙම නංගි කෙනෙක් වගේ මාත් එක්ක දුක බෙදා
ගන්න හිටියා.
අන්තිමට දුහුළු මාව දාල ගියා.නේහ නැති වුනා නම් මගෙ හිතට ඒක දරා ගන්න බැරි
වෙන්නත් තිබුණා.ඒත් ඒ දුක දරා ගන්න නේහ මට සෑහෙන්න උදවු කරා.එයා මාත් එක්ක
එකට දුක් වුනා.
මම අඬන කොට මට හිතුනෙ එයත් අඬන්න ඇති කියලා.
නියඟෙට අහුවෙලා පුරන් වෙන්න හැදුව මගෙ හිතට අළුත් වැසි වස්සවල ආයෙමත්
අස්වැද්දුවෙ නේහ.ඒ පීදෙන අළුත් පැල වල නුහුරු බවක් දැනුනට ඒව පූදින එක
නවත්වන්න මට ඕනෙ උනේ නෑ.මගෙ හිත ඒ අළුත් වැස්සට ආශාවෙන් ඒ පැල වලට ලියලන්න
දුන්න.
දුහුළු ගැන මගෙ හිතේ තිබුණු තැන අඩුවෙන හැම මොහොතක් ගාමෙන නේහ මගෙ හිතේ
ඊටත් වැඩියෙන් ඉඩ අයිති කර ගත්තා.දුහුළු නැති පාළුවට හොඳටම අඩපණ වෙලා හිටිය
මට ඒක නවත්තන ඕන වුනේ නෑ.
මට නේහත් එක්ක එක දවසක්වත් කතා නොකර ඉන්න බැරිවුනා.එයාව ඇස් දෙකින් කවදාවත්
දැකල නැතිවුනාට ලස්සණ සුරංගනාවියක් වගේ හැම හීණෙකින්ම එයා මඟෙ ලඟට ආව.
ඔහොම යද්දි එක දවසක් මගෙ හිත මට කිව්ව උඹ නේහට ආදරෙයි කියල.මට කිසිදෙයක්
හිතාගන්න බැරුව අසරණ වුනා.එහෙම කරන්න බැරි බව මම හොඳටම දැනගෙන හිටියා.එයාගෙ
බෝයි ගැන එයා හැමදෙයක්ම මට කියල තිබුණෙ.
ඒ ගැන නොදන්නව වගේ මගෙ හිත එයාට ආදරය කරා.මගෙ හිත මට බල කරා ඒක එයාට කියන්න
ඕනෙ කියලා.මගෙ හිත මටම පාලනය කර ගන්න බැරි තරමටම එයාව ඉල්ලූවා.
මේ දේවල් දරාගන්න බැරිම තැන එක දවසක මම එයාට ඒක කිව්වා.මම හිතුවෙ එයා මාත්
එක්ක හැමදාටම තරහ වේවි කියලා.ඒත් එහෙම වුනේ නෑ.එයා කිව්වෙ එයාගෙ බෝයි
ගැන.එයාව අමතක කරන්න බැරි බව.
එදා එයා මාත් තරහ වුනා නම්...එහෙනම් මට මගෙ හිත කොහොම හරි හදා ගන්න
තිබුණා.ඒත් එහෙම නොවුනු හින්දා මට හිත හදා ගන්න බැරිවුනා.මගෙ හිත කිව්වෙ
එයා මට ආදරෙයි කියලා.එයාගෙ බෝයි නැතිවුනා නම් එයා මට කැමතියි කියලා.
මගෙ හිත පිස්සුවෙන් වගේ ආදරය කරන්න ගත්තෙ ඒ හින්දා.මේ හැමදෙයක්ම වෙලත් තාමත් එයා මාත් එක්ක ඉස්සර වගේම කතා කරනවා.
අහින්සක හිත් වලට දුක් දෙන එක ලොකු පවක් බව මම හොඳටම දන්නවා.මම කරන්නෙ
වැරද්දක් බවත් මම හොඳටම දන්නවා.ඒත් මගෙ හිත තාමත් එයාව ඉල්ලනවා.
වෙලාවකට මට හිතෙන්නෙ මටයි මගෙ හිතටයි හොඳටම පිස්සු කියලා.
දැන් නේහට හොඳටම හොඳයි මම දේවාලෙට භාර වුනේ කවද හරි එයත් එක්ක ඇවිත් භාරෙ ඔප්පු කරනවා කියලා.
එයා ඉස්සර වගේ මගෙ නංගි වෙල හිටියනම් මට එහෙම කරන්න තිබුණා.ඒත් මම දැන් කොහොමද ඒක කරන්නෙ.මම කොහොමද එයාට ඒක කියන්නෙ.
ඇයි මගෙ හිත මට නොදැනිම මේ දේවල් කරේ.
වෙලාවකට මට මං ගැනම ලැජ්ජයි,දුකයි.
ඒත් මගෙ හිත තාමත් එයා ගැන හීණ මවනවා.කවදම හරි එයා මගෙ වේවි කියලා.
Credits goes to the original writer......
Monday, December 10, 2012
ප්‍රේමය නම් රාගයෙන් තොර ?
ඔන්න තවත් ඇත්තම කතාවක් කියන්නයි
හදන්නෙ.මේක මට ඊයෙ ඇත්තටම දකින්න හම්බුන දෙයක් කිව්වොත් හරි.ඊයෙ මම අපේ
නෑදෑ වෙන අක්ක කෙනෙක් බලන්න කියලා කුරුණැගල ඉස්පිරිතාලෙට ගියා.ගියේ ඉතින් ගර්භණී
වාට්ටුවට.ඒකට ඉතින් ඇතුල් කරල ඉන්නෙ මොන අයද කියල අමුතුවෙන් කියන්න ඕනි
නෑනෙ.
මම ගියේ දවල් 12ට.ඔන්න වැඩි වෙලාවක් ගියේ නෑ පොඩි කෙල්ලෙක්ව වාට්ටුවට ඇදගෙන ආව.ඒ එක්කම එතන මහ කලබලයක් වගේ.කෙල්ල ඇඳගෙන හිටියෙ ඉස්කෝලෙක නිල ඇඳුමක්.මේක දැක්ක මට නම් මුකුත්ම 1 පාරටම හිතාගන්න බැරි උණා.කෙල්ල හොඳටම අඬනවා.තාම 11 වසරෙ කෙල්ලෙක්.මම ඉතින් ඔන්න මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියල හොයල බැලුව.
මේ කෙල්ල ඉස්කෝලෙ වෙලාවෙ ඉස්කෝලෙ පිටිපස්සෙ වැටෙන් හැමදාම කොල්ලෙක්ව හම්බ වෙන්න පනිනවලු.කොල්ලත් අවුරුදු 20ක එකෙක්.කොහොම හරි ඔය කොල්ලත් එනව කියන්නෙ 3 wheel 1කින්.කෙල්ලව එක්කන් යනවලු.මේ ගැන කවුරුවත්ම හොයල නෑ.කෙල්ලගෙ යාළුවො පවා මේ වැඩේට උදව් කරල තියනවලු.මේ වැඩේ කොහොම හරි ඉස්කෝලෙ පිටිපස්සෙ ගෙදරක ඉන්න ඇන්ටි කෙනෙක් දැකල. ඇන්ටිත් ගැම්මටම පොලිසියට කෝල් 1ක් දීල.පොලිසියෙන් ඇවිත් කෙල්ලවයි කොල්ලවයි දෙන්නම අල්ලල.අන්තිමට තමයි දැනගන්න ලැබිල තියෙන්නෙ ඒ වෙනකොටත් කෙල්ල මාස 2ක ගර්භණියක් කියල.කොහොම හරි ඉතින් මේ කෙල්ලට කසාද බඳින්න තරමක වයසකුත් නෑ.කොල්ලත් මුලින් කෙල්ලව බාරගන්න බෑ කිව්වලු. පොලීසියෙ අන්කල්ලත් එක්ක ඒව කොහෙද ඉතින්.
වැඩේ කියන්නෙ ටිකක් වෙලා යනකොට කෙල්ලගෙ ගෙදරිනුත් ආව.ඔන්න එතකොට තමා නියම හරිය උනේ.කෙල්ලගෙ අම්මත් ඇඳන් ඇවිත් තිබ්බෙ කොටට කොටේ විලි ලැජ්ජ නැති ඇඳුමක්. එතන හිටපු නර්ස් ඇන්ටිල ටිකටයි පොලිස් ඇන්ටිල ටිකටයි මේක දැකල මළ. ඔන්න කියන්න ගත්ත හොඳම භාෂාවෙන් අම්මට.මේ වගේ ගෑනු නිසා තමයි කිව්ව මේ ළමයත් මෙහෙම හැදිල තියෙන්නෙ.අම්මට ලැජ්ජාවක් නැතිකොට දුවට මොන ලැජ්ජාවක්ද කියල බැන්න.බැනපු සමහර ඒව මෙතන කියන්න බෑ.ඒව ටීක් ටීක් ටීක් කියල තමයි කියන්න වෙන්නෙ අහගෙන නම් ඉන්න බෑ.කොහොමෙන් කොහොම හරි කෙල්ලගෙ ජීවිතෙත් ඉවරයි.කොල්ලටත් ඉතින් බඩුම තමා.
මේ වගේ දේවල් ඉතින් කොහේ කොහෙත් සිද්ධවෙනවනනෛතින් මේ වගෙ දේවල් වත් අහල අම්මල තාත්තල මීට වඩා ළමයි ගැන සැලකිලිමත් උනොත් හොඳයි කියල මට හිතෙනවා.මේක මට කියන්න හිතුණෙ අද උදෙත් ඒ පොඩි කෙල්ල තනියම වාට්ටුවෙ පැත්තකට වෙලා අඬ අඬ හිටපු හැටි දැක්ක නිසා.ඕවට නම් ඉතින් දැන්නම් අපිට කරන්න දෙයක් නෑ.මට දුක නම් හිතුණ.ඕකට හේතු උනේ නොදැනුවත්කමද තිබිච්ච හදිසි කාම ආශාවද කියල දන්නෙ නෑ.කොහොම උනත් කිසිම දෙයක් හදිසියෙ කරන්න යන 1 හොඳ නෑ කියලයි මට නම් කියන්න තියෙන්නෙ.මේක ගැන මොකක් හරි අදහසක් කියල යනව නම් මම කැමතියි.

කාට කාටත් හොඳ පාඩම්
මේක ඔයාල ඔක්කොටම ගොඩක් වටින කතාවක් කියල මට හිතෙනවා.ඒ නිසා ඒක මෙතන දාන්න හිතුණා.
මේක සිද්ද වෙලා දැන් වැඩි දවසක් ගත වෙලා නෑ. මගේ හොඳම යාලුවෙක් ඉන්නවා.ඌ කලින් ඉස්කෝලෙ ගියේ මොරටුවෙ වේල්ස්කුමර විදුහලේ.කොල්ලො ඉතින් ඉස්කෝලෙ යද්දි පොඩි පොඩි ලව් පටන්ගන්නව කියල දන්නවනෙ.මූත් ඉතින් වේල්ස්කුමරියක් එක්ක යාළු උනා.ඔහොම ටික දවසක් ලව කරගෙන ගියා.එතකොට මූ සාමාන්ය පෙළ කරන කාලෙ.ටික දවසකින්ම කෙල්ල මූට මට බෑ මේක කරගෙන යන්න කියල කිව්ව.මොකද කෙල්ල මේක කරල තියෙන්නෙ ඒකිගෙ පරණ කොල්ල ඒකිත් එක්ක තරහ වෙලා හිටපු කාලෙ උගෙන් පළි ගන්න හිතාගෙන.මූ එක්ක එහේ මෙහේ රවුම් ගැහුවම ඌට අප්සට් යන නිසා.කොල්ල ආපහු කෙල්ල පස්සෙන් ආවම මූට බූට් 1 තිබ්බ.ඔන්න ඔහොමයි කතාවෙ මුල ටික.
සාමාන්යපෙල ඉවර උණාට පස්සෙ ඌ ආපහු මෙහේ ඉස්කෝලෙට ආව.ඌ කලින් අර කියපු කෙල්ල සිරා කරපු නැති නිසා එච්චර දුකක් නම් තිබ්බෙ නෑ.මූට නම් මෙහෙදිත් කෙල්ලෙක් සෙට් උනා.ටික දවසක් ඔහොම ගෙවිලා ගියා.අර කෙල්ල මූට ආපහු කෝල් කරල කිව්ව අර කොල්ලව ආපහු අතෑරිය කියල.හැබැයි මූ එක්ක සෙට් වෙන්න ඒකිට ඕනකමක් තිබ්බෙත් නෑ.ඊට පස්සෙ තිබ්බෙ යාළු ෆිට් 1ක් විතරයි.
ඔන්න ටික දවසක් ඔහොම ගියාට පස්සෙ තමයි කතාවෙ හොඳම හරියට එන්නෙ.අපි දන්න තව අයියා කෙනෙක් ඉන්නව.ඌ වැඩ කරන්නෙ නේවි එකේ.මූට දවසක් නිකමට කෙල්ලෙක්ගෙ නම්බරයක් ඕන කියල මගේ යාළුවගෙන් ඉල්ලුවා.නේවි එකේ එකා නම් පොඩ්ඩක්වත් ලස්සන එකෙක් නෙවෙයි.මගේ යාළුව මූට එක පාරටම දුන්නෙ උගේ පරණ කෙල්ලගෙ නම්බර් 1.ඌට ඒකිත් එක්ක පොඩි තරහකුත් තිබ්බ නිසා තමයි එහෙම කරේ.ඒ උණාට ඒ කෙල්ල එහෙම කොල්ලොන්ට අහු වෙන්නෙ නැති කපටි කෙල්ලෙක් බව නම් ඌ දන්නව.ඒකි හොයන්නෙ ගොඩක් ලස්සන කොල්ලොන්වලු.ඉතින් ෆෝන් නම්බර් 1 දුන්නට ඒ වැඩේ හරියන්නෙ නෑ කියලත් ඌ දැනගෙන හිටියා.
ඔන්න ඉතින් මාසෙකට විතර පස්සෙ නේවි එකේ කොල්ල මට කෝල් කරා.ඌ කියනවා ඌ ඉන්නෙ හෙන අප්සට් එකේලු.ඇයි කියල ඇහුවම ඌ කියනව අර කෙල්ලව ගෙදරින් බන්දල දෙන්න හදනවලු.මම ඒත් පුදුම උණා.මොකද ඌ ඒ වෙලාවෙ අර කෙල්ලගෙ විස්තර හරියටම වගේ කිව්ව.ඌ කියන විදිහට ඌට කෙල්ලව සෙට් වෙලා.ඌ නම්බරේ ගනිද්දි කෙල්ල කවුද කොහෙද කියලවත් දැනගෙන හිටියෙ නෑ.අඩුම තරමෙ නමවත් දන්නෙ නෑ.මම පට ගාලා කෝල් එකක් දාල මගෙ යාලුවගෙන් ඇහුව උඹ අරූට කෙල්ලගෙ විස්තර කිව්වද කියල.මූ කිව්ව නෑ කියල.දැන් නම් මටත් සැකයක් ආව.නේවි එකේ එකා කියපු විස්තර ටික මම උගෙන් ඇහුවම ඌත් කිව්ව හරියටම හරි කියල.එතකොට මට තේරුනා එහෙනම් වැඩේ ඌට හරි ගිහින් තමයි කියල.කෝකටත් කියල මම නේවි එකේ එකාට අපේ ගෙදර එන්න කියල කිව්ව හරියට විස්තරේ අහගන්න.
නේවි එකේ කොල්ල නිවාඩු හම්බවෙච්ච ගමන්ම අපේ ගෙදර ආව.මිනිහ කිව්ව ඒ කෙල්ල මිනිහට දැන් සෙට් කියල.ඒක කරගන්න එච්චර අමාරුවක් තිබ්බෙත් නෑලු.ඒකිට ම්ස් කෝල් 1ක් ගහපු ගමන් ඒකිත් මැසේජ් කරාලු.කොහොම හරි දැන් නිතරම හම්බ වෙන්නත් යනවලු.නේවි එකේ කොල්ලගෙ හැටි දැක්කොත් අපිටත් එපා වෙනවා.ඌ එච්චරටම කැත එකෙක්. ඒ වගේම මෝඩ එකෙක්. ඌ අරූටත් කරගන්න බැරි වෙච්ච වැඩේ කරා කියල කිව්වම ඉතින් පුදුම වෙන 1 අහන්නත් දෙයක්ද.නම්බරේ දුන්නටත් දැන් ඌට අප්සට්.
ඔය අතරෙ මම නේවි එකේ එකාගෙ ෆෝන් 1 අරගෙන බැලුවා.මැසේජ් හොරෙන් බලන 1 එච්චර හොඳ දෙයක් නෙවෙයි උණාට ඇත්ත සිද්දිය දැනගන්නත් ඕනිනෙ.ඔන්න එතකොට තමයි මට වැඩේ තේරුනේ.කෙල්ල ගොඩක් මැසේජ් වල මූට කියල එවල තියෙන්නෙ ඒකිගෙ දුක ගැන තමයි.සමහර ඒවගෙ මූට බැංකු ගිණුම් වලට සල්ලි දාන්න කියලත් තිබ්බ.ඔහොම ඔහොම බලාගෙන යනකොට අන්තිමේදි 1 මැසේජ් 1ක මට ඕනම කරන දේ මට හොයාගන්න පුළුවන් උණා.ඒකෙ තිබ්බ විදිහට කෙල්ල කලින් කොල්ලෙක් නිසා අම්ම කෙනෙක් වෙන්න යනවලු.ඒකිගෙ මෝඩකම් ඔක්කොම වගේ ඒකි මැසේජ් වල කියල තිබ්බ "අනේ අයියෙ මට සමාවෙන්න" කියල තමයි හැම 1ක්ම පටන් අරන් තිබ්බෙ. අන්තිමේදි මේක ගැන ඔක්කොම විස්තර ටික අහගන්න ඕන නිසා මම නේවි එකේ කොල්ලගෙන් ඇහුව ඇත්ත මොකක්ද කියල.මම මැසේජ් බලපු බව කිව්වට පස්සෙ ඌ මට විස්තරේ ඔක්කොම කියල දැම්ම.
කෙල්ල 1 ලස්සන කොල්ලෙක්ට ගොඩක් ලව් කරල තියනවා.හැබැයි ඒකා කපටියෙක්.කෙල්ල ඌට ගොඩක් ලව් වෙලා කලින් කොල්ලො ගානකටම බූට් තියපු හැටි කියල.මේව ඉතින් අහද්දි ඕනම කොල්ලෙක්ට ඇති වෙන්නෙ තරහක්නෙ.මූ ඉතින් කෙල්ල්ව එහෙ මෙහෙ හැම තැනකම එක්කන් ගිහින්. අන්තිමට වෙන්න ඕන හරිය ඔක්කොම උණාට පස්සෙ ඌ මේකිටත් නොකිය හිමින් අතුරුදහන් වෙලා.කෙල්ල ඒ පළාතම දන්න කොල්ලො 1 පාරක් බැලුවොත් 2පාරක් හැරිල බලන ජාතියෙ කෙල්ලෙක්. ඉතින් කෙල්ලට කොල්ල දාල ගිහිපු බව පෙන්නන්න ලැජ්ජ නිසා (මොක උණත් ඒකිගෙ ලොකු කම අඩු නැති නිසා) මුකුත් නොවුන ගානටම ඉඳල.පස්සෙ ටික දවසකින් කරපුවගෙ ආනිශංස එනකොට තමයි තරු පෙනිල තියෙන්නෙ කොල්ලව හෙව්වට ඌව හොයාගන්න බැරි වෙලා. ඌ රට යන්න හිටපු එකෙක්ලු.සමහර විට ඌ එහෙම පනින්නත් ඇති.ඒ නිසා කෙල්ල සියදිවි නහගන්න හිතල.ඔය අතරෙ මේකගෙ මිස් කෝල් 1 වැදිල තියෙන්නෙ.හැබැයි මේ පාර නම් කෙල්ල හැදිල කියලයි ඌ කියන්නෙ. කෙල්ල ගොඩක් ලස්සන නිසා ඌ බාරගන්න කැමතිලු.කෙල්ල මුගෙ ගැන ගෙදරටත් කියල. ගෙදරිනුත් මූට මේ සීන් 1 නිසා කැමැත්ත දීල.
මේ කතාව ඇහුවට පස්සෙ මට නම් කෙල්ලො ගැන ලොකු බයක් ඇති උණා.හැබැයි කෙල්ලගෙ වැරැද්දට හේතුව කොල්ලෙක්. හැබැයි ඒ නිසා දෙපැත්තටම මුකුත් කියන්න බෑ. මොනව උනත් මෙහෙම වෙලා තියෙද්දිත් වරදට සමාව දීපු නේවි එකේ කොල්ල නම් ගොඩක් අදහන්න වටින කෙනෙක් කියල මම කියන්න කැමතියි.ඒ වගේම තමන්ගෙ ලස්සන රූපෙ ගැන ඕනවට වඩා ආඩම්බරයෙන් ඉන්න කට්ටියටත් කවද හරි වරදින වෙලාවක් එනවා.
මේක කියවන කටිටිය රෙප් දෙන්නම කියල මම කියන්නෙ නෑ.පුළුවන් නම් මේ ගැන පොඩි හරි අදහසක් කියල යන්න.

මම ඔයාට ණය ගැතියි අම්මේ…
දොස්තර ඇවිත් මට කිව්ව දේ අහලා මට දරාගන්න බැරිව ගියා..
" ඔයාගෙ අම්මට ආයෙමත් පෙනීම ලැබෙන්නෙ නැහැ ,එයාට අනිවාර්යයෙන් ඇස් දෙකක් බද්ධ කරන්න ඕන."
මට දරාගන්න බැරිඋනා ඒ වචන ටික..
තාත්ත නැති අපිව අම්මා බලගත්තේ හුඟාක් මහන්සි වෙලා,සමහර දවස්වලට අම්මා කන්නේ බොන්නේ නැතිව ඉස්කෝලෙ ගාස්තු ගෙවපු දවස් ගොඩාක් තිබ්බා. අසනීපයක් හැදුනහම අම්මා අඬලා දෙවියන්ගෙන් කන්නලව් කරපු ඒව මට අද වාගෙ මතකයි.
එහෙම හිටපු අම්ම අද ඉස්පිරිතාලෙ ඇදක දිගා වෙලා ඉන්නවා ,හරියට එයාට කිසිම ආදරයක් ලඟ නැහැ වගේ. එයාව එහෙම බලන් ඉන්න බැහැ මට.
අනේ මගේ අම්මට ආයෙ මාව බලන්න බැරිවෙයිද?
හිතට ලොකු වේදනාවක් දැනෙනවා..
මේ ලෝකෙ උතුම්ම වස්තුව අම්මා, අපිට මේ ලෝකය දකින්න ඉවහල් උන අම්මා,අපිව ඇස් දෙක වගේ බලාගත්ත අම්මා, දෙවියනේ එයාට අද මේ ලෝකෙ බලන්න බැරිවෙලා..
එයා වෙනුවෙන් මට යමක් කරන්න පුලුවන්නම්..දෙවියනේ මම මොනවද කරන්නේ..
දින කීපයක් ගෙවිලා ගියා..අම්මා සත්කාර ඒකකයේ තිබ්බා..දවස් 3ක් ගතවුනා. අම්මා ඒ සත්කාරයෙන් පස්සෙ කිව්වෙම “මට ඉස්සෙල්ලම මගෙ පුතාව බලන්න ඕන,එයාගෙ මුහුණ බලන්න ඕන “ කියලා..
දොස්තර මගේ ලඟට ඇවිත් කිව්වා.
"මම ඔයා ගැන ආඩම්බර වෙනවා පුතා" කියලා…
විවේක දින කීපය ගත උනාට පස්සේ අම්මගේ ඇස්වල බැඳලා තිබුන වෙලුම් පටි ලිහිල් කරා. අනේ මගේ අම්මට දැන් ලෝකය බලන්න පුලුවන්, එයාට දැන් මාව බලන්න පුලුවන්, කොයි තරම් සතුටක් මට හිතට දැනෙනවද…
අම්මා මට ඒ වෙලාවෙ කතා කලා. “ කෝ මගේ රත්තරන් පුතාව බලන්න ඕන ..කෝ මගේ පුතා එයාව මට පෙන්නන්න…"
මම අම්මා ඉස්සරහින් ගිහින් හිටගත්තා..
“අම්මේ,.. මම මෙහෙ අම්මේ”
අම්මගේ ඇහේ තිබ්බ වෙලුම් පටි ලිහනවත් එක්කම අම්ම ඇස් ඇරල මා දිහා බලන් හයියෙන් අඬන්න පටන් ගත්තා..මට ඒ හඬ විතරයි ඇහුනේ..
“පුතේ ඇයි පුතේ මෙහෙම කලේ ..ඔයා අම්ම වෙනුවෙන් ඇයි මෙහෙම දෙයක් කලේ ..ඔයාගෙ හිත මෙච්චර මෙලෙක් උනේ ඇයි මයෙ පුතේ”’ අම්මා විලාප තිබ්බා..
මම අම්ම දිහාවට හැරුනා .
“මට ඔයාගේ සෙනෙහසට ප්‍රති උපකාර කරන්න මට මගේ ඇස් දෙක දන් දෙන්න විතරයි පුලුවන් වුනේ අම්මේ, මට සමා වෙන්න..”
මට මීට එහා එයාට කියන්න පිල්තුරක් තිබ්බේ නැහැ ..

නුඹ හඬන්න මගේ ළඟට වී සත්තමයි ආදරේ කරන්න බැ
නුඹ බොහෝ හැඬුවාය.සැබැවින්ම මා
මතක් නොවී නොතිබෙන්නා සේම කඳුලද නුඹ ළගම රැදිණි.අන් අයගේ දෑස් මඟහැර
මිහිතලයට යාඥා කරමින් කාර්යාල වැඩෙහි යෙදුණාය.පැහැදිලි කරගැනීමට බොහෝ දේ
තිබුණද සීතලද උණුසුම්ද කියා ගත නොහැකි හදවතක් සියල්ල අවුරා සිටියේය.නුඹට මා
සමඟ කතා කල හැකි නොවිණි.ඒ මා නුඹ සමඟ කතා නොකළ නිසාය.නුඹට දුක් වීමටත්
ඉස්පාසුවක් නැති බව දනිමි.අලුත් කාර්යාලයේ වැඩ අධිකය.හිත හැඬූ කඳුලු ඔය
උගුරේ හිරවී තිබෙනවා නිසැකය.
“හෙලෝ.. විසල් ඔයාට කොහොමද”
ඈ මීට පෙර අමතා නොතිබූ දුරකතන අංකයකින් මා අමතා තිබුණි.දැන සිටියේ නම් ඇමතුම මඟහැර ඉන්නට තිබිණි.දැන් කල හැක්කක් නොමැති නිසා මා බෙහෙවින් නිශ්ශබ්දය.
“ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? මිනිස්සු කොහොමද මෙහෙම වෙනස් වෙන්නේ?මට එකපාරක් ඔයාව දකින්න ඕනේ ප්ලීස්..”
“බෑ”
“ප්ලීස්. ප්ලීස්. ප්ලීස්.”
ඈ කියාගෙන ගිය නුමුදු මම ඇමතුම විසන්ධි කළෙමි.
ඇය මට මෙතරම් ආදරේ කරන්නේ මන්දැයි මම නොදනිමි.ඇයට ආදරය කරන කාලයේදි හැඟීම් සන්තර්පණය කරගත්තා හැරෙන්නට සැබෑවටම ආදරය කළාදැයි මට වැටහීමක් නැත.එය වටහාගැනීමට මා හට උවමනාවක්ද නැත.
මා හොඳටම මහන්සි වී සිටි කාලකණ්නි හවසක නොහිතූ විරූ ලෙස ඇය මා සොයා ආවාය.
“ඔයා ආවෙ වැරදි දවසක”
“කාලයක් මිම්මක් නැතිව මට ඔයාව හොයගෙන එන්න සිද්ධ වුණා”
“කරන්න දෙයක් නැහැ.මම ඉන්නේ වැඩක..ඔයා යන්න”
“අද ගියොත් ඔයාව ආයෙත් මුණගැහෙන්න බැරි වෙනවා.ඔයා කතා කරන්නෙවත් නැහැ..මම යන්නේ නෑමයි”
“ඔයා දැන් කිව්වම අහලා යන්න.මම කතා කරන්නම්”
මේ ගෙන්දගම් පොළවේ පාරක් තොටක් නොදන්නා ඈ අඳුර මැදින් දිව යන තුරු බලා සිටියෙමි. නොපෙනෙන ඈ අමතක කරමින් මගේ සුරංගනාවිය මා ඉදිරියට ඇදෙනු මා දුටුවෙමි.මම ක්ෂණයකින් සිනහවකින් මුව සරසාගෙන ඇයව පිළිගෙන නාට්‍ය උළෙල වෙත කැඳවාගෙන ගියෙමි.
රාත්‍රිය නිමාවී ගියත් පසුදා පහන් වුවත් හැමදා එසේම වුවත් මම සස්යාට පොරොන්දු වූ දුරකථන ඇමතුම නොගත්තෙමි.නමුත් ඇය මගේ මතකය හා පොරබඳිමින් සිටියාය.ඈ මා සතු වීමට පෙර මා වෙත ලියූ ලිපියක් අතට ගත්තෙමි.
බොරුනේ කියන්නේ ආදරේ නම් කෝ...?එහි ඉහලින්ම ලියා තිබිණී.එකල අපි මිතුරන් වී සිටියෙමු.නමුත් දොලොස් වෙනි මාසේ අන්තිම රැය පහන් වෙද්දී ආදරය කරන බව පවසා තිබුණෙමි.ඇයත් මට ආදරය කරන බවට ඇය ලියූ කවි වලින්ම පහර දෙමින් තර්ක කලෙමි.නමුත් ඇය මට ඒ වන විටත් ආදරය නොකරන බව පවසා තිබිණි.කෙසේ හෝ මා සංවිධානය කරන ලද දෙවන නාට්‍ය උලෙළ සඳහා මා පිටත්වන මොහොතකට පෙර ඇයට ඇමතුමක් ගතිමි.සස්යාටත් පෙර මා ආදරය කර ලීසාට ගෙදරින් පිටවන හැම මොහොතකම ආචාර කොට සමුගෙන යෑම පුරුද්දක් විය.ඈ අවුරුද්දකට පමණ පෙර මා හට අහිමි වූවාය.ඈ අහිමි වීමෙන් පසු මා මගෙන් ජීවිතය බේරාගත්තේ බොහොමත්ම අමාරුවෙනි.දැන් තවදුරටත් ලීසාට අචාර කොට සස්යාට කතා කිරීමට පටන් ගත්තෙමි.සැබවින්ම සස්යාට ලීසාගේ මතකයන් අමතක කරවවීමේ හැකියාවක් තිබූ නිසා මා ඇයට ආදරය කරන බව තරයේ විශ්වාස කළෙමි. සස්යා අමතක කරවීමට ද තවත් කෙනෙකුට හැකියාවක් ඇති බව මම දැන සිටියෙමි.ඒ මගේ කොට කොණ්ඩ කාරියටය.නමුත් එතෙක් මට ඈ හමු නොවූවාය.මගේ සිහිනයේ පමණක් ජීවත් වූවාය.තවද ලීසාගේ ඇඳුම් තෙතබරිත වී දඟකාරකමට සිනාසෙමින් සිටින විටක ගත් පින්තූරයක් බිත්ති පුරා ලියවුණු සියලු කවි අතර රාමුකොට මේසය මත තිබුණි.සස්යා එම පින්තූරය දුටුවද කිසිවක් නොකීවාය.ඇයගේ ඊර්ෂ්‍යාව කාන්දුවන්නට දුන්නොත් සොරොව් බිඳදමා මහා විනාශයක් කරන්නට ඉඩ ඇති බව තේරුම් ගෙන මගේ රාගය අවබෝධ කොටගත් බවක් පෙන්වා නිහඬව සිටියාය.
සස්යාට කතා කොට නාට්‍ය උලෙළ සඳහා යන බව පැවසුවෙමි.ඇය මට ඉත සිතින් සුභ පැතුවාය.
“නුඹ සයුරක් නම් ඒ දියේ නැලවෙන්නට දිය බිඳක් වන්නම්” එය ඇසූ විට මට මහත් පිළිකුලක් දැනිණි.
“මොනවද මේ කියන්නේ හරිනම් කියන්න ඕනේ ‚සයුරක් කපා ඇදෙන නෞකාවක් වන්නට දිරියක් දෙන්නම් වගේ දෙයක්නේ.පිස්සු කියවනවා.”
ඈ සැලි සැලී නොදොඩා සිටියාය.මා ඇමතුම විසන්ධි කළෙමි.
නමුත් ඈ ඉහත කවිය සම්පූර්ණ කර මට කෙටි පණිවිඩයක් එව්වාය.ඒ අනුව මගේ මුල් වැටහීම වැරදි විය. ඈ මට පවසා තිබුණේ මට සාගරයක් වීමට අවශ්‍ය නම් ඈ එහි දිය බිඳක් වීමටද සූදානම් බවය.මට මා ගැන ලජ්ජා සිතුනු තරමටත් වඩා අහිංසකී ගැන දුක සිතිණි.
නුඹ සයුරක් නම්
ඒ සයුරේ රැල්ලක් වී
නැලවෙන්නට මං
දිය බින්ඳක් වෙන්නම්..
නුඹ ඉරක් නම්
ඒ හිරුගේ ගින්නක් වී
එළිය ගෙනෙන්නට මං
හිරු කිරණක් වෙන්නම්..
නුඹ මල් කිණිත්තක් නම්
ඒ කිනිතේ මලක් වී
දිරිය දෙන්නට මං
හැමදාමත් සුපිපෙන්නම්...
මා හා කතාවෙන් වික්ෂිප්ත වූ ඈ දිනපොතේ ලියූ සටහනක් පසුදිනෙක තැපැල් කොට මට එව්වාය.මාගේ සමහර වචන ගැන ඈ දින ගණන් කල්පනා කළාය.තේරුම් ගැනීමට උත්සාහ ගත්තාය.ඈ සමඟ මෙන් වචන මිලියන ගණනක් වෙනත් කිසිවකු සමඟ මම කතා කොට නැත්තෙමි.නමුත් ඇය මා අවබෝධ කොට නොගත්තා මෙන්ම අවබෝධ කොට ගත්තේ වමාවර්තවය.මගේ දෑස් නැවතත් ලියමනේ අකුරු සෙව්වේය.
ආදරෙයි...??
කෝ කව්ද මට?
කවද්ද?
නෑනේ මට දැනෙන්නේ..
ආදරෙයි..
ඔහොම කියලා දෙන්නෙපා මට
බලාපොරොත්තු...
ආදරේ වචනවල තිබුණට
හිතේ තිබුණට
දැනෙන්නෙ නැහැ
නුදුන්නහම..
එහෙම කියලා දවසක් මං ඔයත් එක්ක කතා කලා.එතකොට මං පිළිඅරගෙන ඉවරයි මම ඔයාට ආදරය කරන බව.ඒත් මං එහෙම කියලා හුරතල් වෙද්දි ඔයා මට කිව්වේ ආදරය කරාට සස්යා මං ඔයාට ප්‍රේම කරන්නේ නැහැ කියලා. මං හිරිවැටුණා.
ජිවිතේ ඇයි මේ තරම් මට රිද්දන්නේ විසල්.ඉවසන්න අමාරුයි.මම කොහේද මේ පැටලෙන්නේ..අපහැදිලි අඳුරක..ආදරෙයි ඒත් ප්‍රේම කරන්නේ නැහැ.ප්‍රේම කරත් බඳින්න බැහැ කියනවා.ඒක හරි නොබැඳ එකට ඉන්න පුලුවන්.එතනදි අපිව බලෙන් එකිනෙකාට නීතිමය විදිහට බැඳිලා නැති නිසා හදවතින් තමයි බැඳිලා තියෙන්නේ.මට ඔයා ඉන්නවනම් ඕනම සීමාවක් තරණය කරන්න එකඟ වෙන්න පුලුවන්.ඒත් දෙවියනේ මේ සමාජය ගැහැණියකට ගෞරවයක් දෙන්නේ සංස්කෘතික සාරධර්මත් එක්ක.එතකොට ඒ කතාව යථාර්තවාදී වීමත් එක්ක ප්‍රශ්නයක් මතුවෙනවා නේද..
ඒ නිසා එහෙම කරන්න එපා රත්තරං..ප්‍රේමයක් බැඳීමක් ඔයා දෙන්නේ නැත්තම් මං බලෙන් ගන්නේ නැහැ.මේ මෝඩ මට විසඳගන්න් බැරිව ඔයාට කරපු ආදරේ අතහැර ගන්න බැරිව විඳවනවා මම.මට බයයි ඔයාට පව් පිරෙයි කියලා..මේ හැමදෙයක්ම ඔයාටයි කියන්න ඕන.එත් ඔයා දවස් ගාණකින් අදයි මට කතා කරේ.එත් විනාඩි කීපයක් විතරයි.කතා නොකර කෙටි පණිවිඩයකින් කොහොමද ඔයා මට ආදරෙයි කියන්නේ.වචන වලට හැරෙන්නේ හැඟීම්ලු.එහෙම කියලා ඔයා දිනනවා.ඒත් මට රිදෙනවා.මෙහෙම රිද්දන්න මට කතා කරන්න එපා කියන්නත් මට ලෝභ හිතෙන හැටි පුදුමයි.
හැම ලස්සන උදේකම රෑකම පුංචි මලක් පිරුණු හඳක් දැක්කම මං ප්‍රාර්ථනා කරේ මගේ ජිවිතෙත් ලස්සන සම්පූර්ණ එකක් වෙන්න කියලා.
ඒත් දැන් ලස්සන බලන්නවත් පුරවන්නවත් ජිවිතයක් නෑ මා ළඟ.මං ගෙවන්නෙ කරපු පවක් වත්ද කියලත් මගේ පිස්සු හිතට හිතෙනවා.
ඉස්කෝලෙ යන කාලේ
පොත්වලට පෙම් බැඳලා
අධ්‍යාපනයට
චපල කම් කරන්න බැරි හින්දා
ආදරේ කරපු හිත් වලට
ගිනි තිබ්වා.
මගේ ජිවන අවකාශයෙත් හයිඩුජන් විතරයි තියෙන්නේ.හිතට ගිනි තියාගෙන මටත් මැරෙන්නයි හිතෙන්නේ.ඒත් ඉපදෙන එකවත් මැරෙන එකවත් මට තිරණය කරන්න අයිතියක් නැහැයි කියන පව් පින් රාමුව ඇතුලේ මම හදිසියේම කොටුවෙනවා.ඒ රාමුව බිඳින්න කොහොමත් හයියක් නැහැ.පුංචි කාලේ ලේ කිරි කරලා දහඩිය වගුරලා හදපු ඒ අහිංසක හිත් දෙකට දුකක් කෝමද දෙන්නේ..මට එල්ලෙන්න පිදුරු ගහක් වත් නැති හැටි.ඇත්තටම එපා ඔයාගේ අසම්පූර්ණ ආදරය මට..මං විඳවනවා ඔය ගල් හිත් ඉස්සරහා..ඔයා අම්මටත් දුක් දෙන්න එපා..එයාව බලන්න යන්න..ඔයාගේ අම්මත් ඔයාව දාලා ගිය දවසට දෙව්දත්ත වගේ අඬන්න වෙයි.මහා දරදඬු මිනිහෙකුගේ දෑත් මත්තේ මගේ හිත හිරවෙලා..ඔයාට නොදැනෙන තරමටම දැනී දැනී මං විඳවනවා..මේ මිරිඟු ආදරේ මායාව හොඳටම ඇති...
ඔය හිත් ගැබ
ගැඹුරුද ඔතරම්
මා දවන තරම්
මසිත පවන් රොදකට වුව
සැලෙන තරම්
නුඹ නොදනී මා හඬන තරම්..
--------------------
සැබවින්ම සස්යා මීට අවුරුද්දකට පෙර අහිමිව තිබු ප්‍රේමයේ වේදනාව අමතක කෙරෙව්වාය.ඉතින් මා ඇයට ආදරය කල යුතු නොවේද...
හුදෙක් උදෙන්ම නැගිටින මා දවස පුරා දුව ඇවිද රාත්‍රිය පහන් වී එනතුරුත් මා ගැන අවධානයෙන් සිටියාය.මගේ වැඩවලදී සියදහස්වර සුභ පැතුවාය.මෙය යනුත් ප්‍රේමයදැයි මම නොදනිමි.නමුත් එය විශාල විභවයකින් යුතු එක් එක් ශරීර එකක් මත දිය කල හැකි තරම් වූ බව දනිමි.මා හට ප්‍රේමය නම් එම විභවයෙන්ම ඇවැසි වී තිබුණි. නමුත් මා හට එය නොලැබුණි.
“සරාගී සිහිනයක සදා මුවා වී
ඉකිබිදිනවා කලුවරේ
කඳුලු කැට කඩා වැටෙනවා
හිතේ ඇති තෙරපුම මඟ ඇරෙන්න
නුඹ හඬන්න
මගේ ළඟට වී
සත්තමයි ආදරේ කරන්න බැහැ මට”
ඒ නිසා මා ඇයට පැවසුයේ මා ඇයට ආලය කරන බැව් පමණි.දැන් මා ඇයට කල ආදරයද මට නොදැනෙන්නේය.මා මත්පැන් බීමට බෙහෙවින් ඇබ්බැහි වී සිටියෙමි.බොහෝ විට මා ඈ හා දීර්ඝ කතා වලට පැටලුනේ මත්පැන් බී සිටින විටය.එවිට මම මා නොවීමි.
නුඹේ හිත කීරි ගැහීගැහී පාර පාර රිද්දන ඔබගේ ප්‍රේමය කිසිදා නිවෙනු නැත.නුඹේ ප්‍රේමය මා විසින් අභිනිෂ්ක්‍රමණය කොට තිබුණ ද නුඹ ඒ දියේ තවමත් කිමිදෙමින් ගිලෙමින් යලි ගොඩ එමින් සිටියාය.මගේ සුසුම හඳුනා ගත් දා පටන් නුඹ මට ප්‍රේම කළාය.නුඹ කප්පරක් උසට ගොඩගසා සිටි පැතුම් මා රුකුල් දුන් ඒවා නොවේ.අවශේෂ වශයෙන් මා කිසියම් වුත් පොරොන්දුවක් හෝ කෘතඥතා පූර්වක ත්‍යාගයක් හෝ නුඹට ලබාදි නොමැත.මා අයාලේ කියව කියවා විඳව විඳවා යන විට නුඹ මා පසු පස වැටුණු පැපරාසිනියකි.මගේ සෑම නිර්මාණයක් පසු පසම හඹාවිත් හීන මායාවක් ගොඩනගා ගත් හිගන්නියකි.නමුත් කිසි දිනෙක නුඹ මට කේවල් කර නොමැත.මේ ජීවිතය මට තිත්තව තිබුණි.සමහරවිට වෙනසක් කළ හැකි අයෙක් මට ඇවැසිව තිබුණි.නුඹ මා තුරුලේ උණුහුම් වූ මලක් පමණි.නුඹට මා අත්හැරුණු සැටි ගැන නුඹ අදටත් දුක්වන බව දනිමි.අත්හැරීම නුඹට පසක් කර ගැනීමට අපහසු වන සත්‍යක් වනු ඇත.අදහාගත නොහැකි කමින් අතරමං වන බව දනිමි.නුඹට මා අපරිමාණය.එය අතිශෝක්තියක් ද නොවේ.මේසා සියල්ල මා උගනීමෙන් නුඹ මා තුල මොට වී යනු ඇත.ඒ මිනිස් ස්වභාවයය.
“විසල් මට ඔයා එක්ක කතා කරන්න ඕන”
“මං වැඩක..තව ටිකකින් ගන්න”
මා වැඩෙහි යෙදෙන වේලාවල් තිබුණද මීට පෙර මා ඇය ඇමතුවෙමි.දැන් මා හට ඈ මඟ හැරීමට අවශ්‍ය වී ඇත.
“ඔයාට කතා කරන්න පුලුවනිද”
“කියන දෙයක් ඉක්මණට කියන්න”
එවිටම මගේ සුරංගනාවිය මා ඇමතුවාය.මා ඇයගේ ඇමතුම ගත යුතුව තිබුණි.
“මට කෝල් එකක් එනවා.මට ඒක ගන්න ඕන”
“විසල් ඒ ඔයාගේ යාලුවා නේද..අනේ ඔහොම ඉන්න”
“එයාගේ ආමන්ත්‍රණයම මාරයි.අපි හිතන්නෙවත් නැති පැති වලින් එයා හිතනවා.අවුරුදු ගාණක් පිටරට ඉගෙන ගෙන ගොඩක් හොඳ අධ්‍යාපනයක් තියෙන කෙනෙක්.”
“විසල්....”
මා ඇමතුම විසන්ධි කලෙමි.
“සුරංගනාවක් හිමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි” මා ඇය වෙනුවෙන් භාවිතා කල වාක්‍යය එයියි.
සස්යා දුරකථන ඇමතුමට බොහෝ බාධා කලාය.එක දිගට දුරකථන ඇමතුම් ගත්තාය.සුරංගනාවියගේ ඇමතුම විසන්ධි කලා පමණි.
“විසල්”
“මගේ හිත කාන්දු වෙනවා වෙන තැනකට.හුගක් ඩිස්ටර්බ් කලා ඔයා”
“කොතනටද කාන්දු වෙන්නේ.ඔයාගේ අලුත් යාලුවා ළඟටද”
“අපෝ නැහැ.එයා පිරිමියෙක් වගේ ගෑණියෙක්.එත් මගේ ජීවිතේ මේ වෙනකොට ගෑණු හතරදෙනෙක් ඉන්නවා.”
“ඔයා ආදරේ කරපු හිතින්ම මට ද්වේෂ කරනවා.ඒකනේ ඩිසටර්බ් කරා කියලා මට බනින්නේ.ඒක පොඩි කාලයක් නෙවේ.පැයක්.හිත කාන්දු වෙන තැනකට චීන මහා ප්‍රාකාරය වෙන්න බැරි මට මොනවද කරන්න තියෙන්නේ .පිච්චෙනවා ඇරෙන්න”
“ඔයා හරිම සාම්ප්‍රදායිකයි සස්යා.ඔයා අනිත් හැම ගෑණියක් වගේම මගේ යාලුවට ඊර්ෂ්‍යා කරනවා.ඔයා හදන්නේ මාවත් ඒ ගෝත්‍රික සංස්කෘතියට කොටු කරන්න හදන එක.මට ලොකු තනිකමක් සීතලක් දැනෙනවා.ඒකයි උණුහුම හොයන්නේ”
“මෙච්චර කල් මගේ පපුවට තුරුලු වෙලා හිටිය ඔයාට සීතලක් ඉනුවේ ??..”
“බොළඳ කෙල්ලෙක් වෙන්න හදන්න එපා සස්යා.ඔයාගේ ආදරයට මාව බැඳලා තියන්න ශක්තියක් නැත්තම් මං මෙතනින් පිටමං වෙලා යනවා.මං ඔයාට ආදරේ කලා.ඒත් මට ඕනේ මගේ ජීවිතේ උස්සලා පොළවේ ගහන තරමේ ආදරයක්.ඒ ශක්තිය ඔයා තුළ නැහැ.පුලුවන් කමක් තියෙනවා නම් මට වෛර නොකර ඉන්න.ඊට පස්සේ මට සමාව දෙන්න.කරදරයක් වුණොත් මට කියන්න.මට ඔයාට යාලුවෙක් වෙන්නම්”
“මට යාලුවෝ ඉන්නවා විසල්.මට තවත් යාලුවෙක් නෙවෙයි ඕන.මට මගේ විසල්ව ගෙනත් දෙන්න. තව පාරක් උත්සහ කරලා බලන්න.”
“මට බැහැ.මං ඔයා පහුකරගෙන ඇවිත් ඉවරයි. ”
“යාලුවෙක් වෙන්නත් ඔයාට බැහැ.කමක් නැහැ.මේ ආදරයෙන් මං පලි ගන්නේ නැහැ.”
“පරිස්සමින් ඉන්න සස්යා”
සමනල කන්ද නාය යන්නේ නම් මේ ඊට හොදම වේලාවය.බැතිබර සමනල්ලු සහනයක් සොයාගෙන සමනල කන්ද වඳින්න යනවා.මං වෙනුවෙන් සමනල කන්ද උසට ප්‍රාර්ථනා ගොඩගහපු ඇගේ හිත නාය යනකොට අහවල් එහෙකට සමනල්ලු වන්දනාවේ යනවද.
සමනල කන්ද නාය ගිහින් වන්දනාවෙ යන්න එපා සමනලී !
යශෝධරා මට හම්බ වුණා - විසල් මන්දාකිණියක් වගේ එයා!
මගේ නිදහස මට ඇවැසි බව නුඹට දැනී තිබිණි.සති කිහිපයක් නිහඬව සිටීමේ ප්‍රතිඵලයක් ලෙස නුඹෙන් මිදී යන ලෙස මට දන්වා සිටියාය.මා මුලු රාත්‍රියක්ම හැඬුවෙමි.තවදුරටත් කිසිවෙකුටත් මෙසේ නොකරන බවට මා මටම සපථ වූවෙමි.ඇයව මෙලෙස හැරයාමට ඇවැසි වූයේ තව කලක් ගිය පසුය.නමුත් ඇයට මගේ වෙනස දැනී ඇත.මා යා යුතු විය.පසු දින උදයේ මා ඇගෙන් සම්පූර්ණයෙන්ම මිදී සිටියෙමි.
මා මගේ සුරංගනාවියට තව තවත් බැඳුනෙමි.ඇගේ විභවය මගේ ගුරුත්ව කේන්ද්‍රය චලනය කිරීමට තරම් සමත් විය.මා සස්යාට කටට එන දෙයක් කිව්වෙමි.ඒ අතර මගේ සුරංගනාවිය හා මා අතර යාලු කමක් මිස ඊට වඩා දෙයක් නොමැති බවයි.මා ඇය ඕස්ට්‍රේලියාවේ සිට ආ බවත් සිංගප්පූරුවේ සිට ආ බවත් ලෙස එකිනෙකට වෙනස් විවිධ දේ කියා තිබුණි.ලොකුම නොසැලකිලිමත්කම වූයේ ඇය පිරිමියෙක් වගේ ගැහැණියක් යයි කීමය.මා හට බොරු කීමට ඇවැසි නොවුණි.නමුදු මා ඇයගේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දිය යුතුවද නොතිබිණි.මා සිතනුයේ මේ සියල්ලක්ම සස්යා අනුමාන කරන්නට ඇත.ඈ සුරංගනාවිය මගේ දැන් පෙම්වතියදැයි අසන සැමවිට තරයේ එය එසේ නොවන බව ප්‍රකාශ කලෙමි.ඒත් එය එසේ නොවිණි.එහි ප්‍රතිඵලයක් ලෙස කාලයක් මා සුන්දරිය ලෙස ඇමතූ සස්යා බොහෝ වික්ෂිප්තවී සිටියායා.සිහි එලවා ගත නොහී අනවශ්‍ය දුරකතන ඇමතුම් හා පණිවිඩ නිතර එවන්නට පටන් ගත්තීය.
“විසල් මං ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ මරණය.ඔයාගේ මරණයට වගකියන්න දෙවියන් නැත්තං මං ඉන්නවා.ඔයා මැරෙන්න ඕන කෙනෙක්.”
මම මෙයින් බොහෝ වික්ෂිප්ත වීමි.අද මගේ උපන් දිනයයි.උපන් දිනයකට ලැබිය හැකි නරකම සුභ පැතුම නොවේද.මට සිහි එලවූයේ උපන්දිනයට සුභ පැතීමට කාර්යාලයට මා සොයාගෙන ආ සුරංගනාවිය දැකීමෙන්ය.ඒ බවද ඈ දැන සිටියාය.
--------------
“මේ ලොකේ දෙවි කෙනෙක් ඉන්නව නම්.කවදාවත් විසල් කිසිම ගෑණියෙක් එක්ක සතුටින් තියන්න එපා”
“මට වෙලාවකට මහා කාලකණ්ණි හැගීමක් දැනෙනවා සස්යා.ඒත් මං හිතන්නේ නැහැ ඒ ඔයාගේ ශාප හින්දා කියලා”
“විසල් මට අනුකම්පා කරන්න.මට උදව් කරන්න.ඇයි මට බොරු කියන්නේ ඇත්ත කියන්න.”
“මං ඔයාට ඇත්ත කිව යුතු නැහැ”
මා හට ඇය වටහා ගැනීමට අවශ්‍ය නොවිණි.ඇය හට මා තුල ආදරයක් කෙසේ වෙතත් ගෞරවයක්වත් නොමැති බවත් මගේ සුරංගනාවිය හා සැසදීමේදී ඇය තුල කිසිම යහපත් ගුණාංගයක් නොමැති බවත් පවසමින් මා දුරකතනය විසන්ධි කලෙමි.
විරහව දරාගැනීමට තරම් ඈ පරිණත නොවී සිටිම මා බෙහෙවින් නොසන්සුන් බවට පත් කල කරුණක් විය.ඇගේ දුක මට දැනෙන්නේ නැත. මා සම්පූර්ණයෙන් ඇගෙන් මිදී සිටියෙමි.
ඇඟිල්ලෙන් අල්ලා හෝ මා නවතා ගැනීමේ හැකියාවක් ඈ වෙත නොතිබිණි.සුරංගනාවිය මා සම්පූර්ණයෙන්ම දික්විජය කොට තිබිණි.සස්යා හා මගේ සබැඳියාව තුල හොර රහසින් හෝ මා ඇයව පතා ඇත.සස්යා ඔල්මාදයෙන් මෙන් විසල්ගේ චමත්කාර ජනක ප්‍රේමය දෙස බලා සිටියාය.ඔහු විසින් පිරියම් කල කම්මුල් හරහා සීසීකඩ අතුල් පහරවලින් රැලි නැංවුවාය.රෝස කම්මුල් හා දෑත් නිල් පැහැ ගැන් වී තැලීම් ලප වලින් පිරී ගියේය.
ඈ අසරණව මේ විසල් වීදී මත ජීවත්වන්නට නැගී සිටියාය.තට්ටු ගොඩනැගිලි මැද ඇයව බොහෝ කුඩාවට ඇයට දැනෙන්නට ඇත.ඈ හට මා විනිවිද යා නොහැකි වූ තැන් බොහෝය.මා තුල වර්තනය වීමට හෝ ඇයට අවබෝධයක් තිබුනේ නම් ඇයගේ සිතිවිලි දමනය කරගන්නට ඇයට ඉඩ තිබිණි.සස්යා අතරමග නැවතුණු සියල්ල මැද නුඹ අතරමං කර දැම්මේ නුඹ කියවමින් සිටි පොත එහි රචකයා විසින්ම උදුරාගත් නිසාය.
මේ සියලු මතක ආවර්ජනයට තුඩු දුන්නේ මෑතකදි නුඹ අහම්බයක් මෙන් මගේ දෘෂ්ටි කදම්බය තුලින් ගොස් ප්‍රතිබිම්බයක් සැදීමට සමත් වූ නිසාය.මා සුරංගනාවිය හා දරුපැටවා සමග ළඳරු සායනයට යමින් සිටියෙමි.නුඹ මා හිඳගත් බංකුවේම හිඳ සිටියාය.මා තරමක් ප්‍රසිද්ධ නිසා නුඹ හා සිනාසීම සුරංගනාවිය එතරම් ගණන් නොගනු ඇත.නමුත් ඒ සිනහව මා නුඹ මඟහැර සිටි වසර ගණනක් සිහිපත් කරන්නට සමත්විය.මා කෙතරම් නුඹ මඟහැරියෙමිද?දුටු තැනකදීවත් මා නුඹට කතා නොකලෙමි.නුඹ සහභාගි වන වැඩසටහනකටත් නොපැමිණියෙමි.ඒ අතර දරු පැටවා මහා හයියෙන් හඬන්නට විණි.සුරංගනාවිය සිනාසී
“අහිංසකම හිත් රිදුණම තමයි නපුරුම..මේ බලන්න විසල්, පුතා වේදනාවට කොනිත්තනවා. ”
ඒ නොදන්නා කමට හේතුව මේ අධ්‍යාපන ක්‍රමය ද සමාජ ක්‍රමයද සංස්කෘතික බලපෑම් ද වෙන්න පුලුවන්.සස්යා, නුඹේ හිතුවක්කාර ප්‍රේමයෙන් නුඹ මිදෙන්නට ඇත.ඒ, “ශක්තිමත් ගැහැණියක්” අද මා නුඹගේ සිනහව තුලින් දුටු බැවිණි.නමුත් මා සැමවිටම නුඹ මඟහරිනු ඇත.සුරංගනාවිය හා මා දරුපැටවා රැගෙන සායනයට පිවිසුනෙමු.

Thursday, December 6, 2012
෴දෙහදක් ආදරෙන්෴
සරසි උදේ පාන්දරින් නැගිට පොත් සකසන්නට විය . එදා ඉරිදා දිනයකි . ඉගෙනීමට ඉතා දක්ෂ සරසි A/L විභාගය සමත් වූ වහාම ගමේ දහම් පාසලේ ගුරුවරියක් ලෙස සේවය කලාය . ඒ ඇගෙ ඉගෙනීමටත් එය පිටුවහලක් වූ නිසාය . සරසිගේ පවුල ඉතා පුංචි පවුලකි . පවුලෙ එකම දරුවා සරසි විය . සරසිගේ පියා තැපැල් සෙවකයෙකි . ඉතා ගුණ යහපත් දරුවෙකු වූ සරසි ගමේ සියලු දෙනාගේ සිත් දිනාගැනීමට සමත් වූවාය . ඒ ඇගේ හැදියාව නිසාය .
සුදු සාරිය හැඳ කොණ්ඩය එක කරලට ගොතා දමා පොත් දෙක තුනකුත් අතැතිව කුස්සියට පැමිණියාය .
"අම්මේ එහෙනම් මං ගිහින් එන්නම් . අප්පච්චි ගියා නේද ? "
"ආ ඔව් පුතේ පුතාට පරක්කුත් ඇති නේද ?"
"ටිකක් විතර පරක්කුයි . එහෙනම් මම ගිහින් එන්නම් අම්මේ "
සරසි මවට දණ ඔබා වැන්දාය . ඉන්පසු දහම් පාසල වෙත පියමං කරන්නට වූවාය .
"ආ_ _ _ _ සරසි නංගී දහම් පාසල් යනවා නෙද ? අද ඉරිදනෙ ." ඒ නදීරය . ගමේ චණ්ඩියෙකු ලෙස කවුරුත් හැදින්වු නදීර පවා සරසිට හිස නමා කතා කරන්නේ ඇගේ තිබු හැදියාව හා චාම් ගති නිසාය .
"ආ _ _ _ ඔව් නදීර අයියේ . ගිහින් එන්නම් . " සරසි අඩිය ඉක්මන් කරමින් යන්නට පටන් ගත්තේ ඇයට පරක්කු වී ඇතැයි සිතුන නිසාවෙනි .
"ගුඩ් මොර්නින් මිස් "
ඒ හඬින් සරසි පිටුපස හැරී බැලුවාය . සුදු සරමක් හා අත් දිග කමිසයක් ඇඳ සිනා මුසු මුහුණින් බලා සිටින පිරිමි ළමයෙකි .
"ගුඩ් මොර්නින් "
සිසුවාද සරසි හා ගමන් මගට වැටුණෙය .
"මිස් මිස්ට මාව මතකද දන්නෙ නැ . ම්ං ගිය සතියෙ මිස්ගෙ පංතියට ආවෙ .
සරසි නැවත වතාවක් සිසුවා දෙස බැලුවාය . එය සැබැවකි . සරසිට දැන් එය මතකෙට අවේය .
" ආ ඔව්නේ මට දැන් මතකයි . මොකක්ද නම කිව්වෙ ?"
"මම මිස් තුහිත "
"තුහිත මොකද කරන්නෙ ?"
"මිස් මම ඉස්කොලෙ යනවා . ලබන අවුරුද්දෙ A/L . කොමස් කරන්නෙ මිස් . එත් එකොන් නම් මෙලෝ දෙයක් දන්නෙ නැ ."
"අනේ අනේ කියන හැටි විතරක් . මමත් ගිය අවුරුද්දෙ A/L කරේ . කොමස් කරේ . මට එකොන් වලට A පාස් එකක් ."
"ෂා මිස් නියමයිනෙ ."
"ටිකක් මහන්සි උනොත් තුහිතටත් අමාරු නෑ . ඔය වගෙ කිය කිය නිකන් හිටියොත් නම් කොහොමත් අමරුයි ."
"ඒක තමයි මිස් . මිස්ට පුලුවන්ද මට කියල දෙන්න ."
"ම් ම් _ _ _ බැරි කමක් නැ . පුලුවන් වෙලාවක කියල දෙන්නම් .
දෙදෙනා කතා බහත් සමගම දහම් පාසල් බිමට පැමින සිටියහ .
"එහෙනම් මිස් මං පංතියට යන්නම් ."
"හොඳයි තුහිත ."
එදින තුහිතට දහම් පාසල් නිමාවී නිවසට ගිය පසු සරසිව සිහිවිය . ඇය පිලිඹඳව සිතන විට තුහිතට අලුත්ම හැඟිමක් සිතට එයි .
"අම්මේ අම්මේ _ _ _"
"ඇයි පුතේ ? "
"කව්ද අම්මේ අර එහා පාරෙ ලොකු ගෙදරක් හදල පදිංචි වුනේ ?"
ආ එ අය කොලඹ කට්ටියක් . හරි හොඳයිලු එක පුතෙක්ලු ඉන්නෙ . මං හිතන්නෙ ඒ දරුවා දහම් පාසල් එනවා ."
සරසිට ඔහුව සිහිවිය . එසේනම් ඒ තුහිත විය යුතුමය . මේ ලඟකදී දහම් පාසල් අවේ ඔහුය .
ඊලඟ ඉරු දිනයේදි තුහිත හමුවු පසු සරසි ඔහුගෙන් විස්තර අසුවාය .
"තුහිතලා නේද අර අලුතින් පදිංචියට ආවේ ?"
"ඔව් මිස් අපි තමයි . තාත්තිගෙ බිස්නස් වැඩ හුඟාක් තියෙන්නෙ මේ කිට්ටුවනේ .තාත්ති හිතන් ඉන්නෙ මටත් ඒ බිස්නස්ම පවරන්නලු මිස් . එකනෙ මට ඉගෙන ගන්නම කියන්නෙ එයාලා ."
"මං තුහිතට උදව් කරන්නම් . මට පුලුවන් විදිහට කියුල දෙන්නම් . වැඩක් නැති වෙලාවට අපේ ගෙදර එන්නකො . මං අපේ අම්මලාටත් කියන්නම් . "
"අනේ මිස් ලොකු දෙයක් ."
එතැන් පටන් තුහිත සවසට ගොස් සරසිගෙන් පාඩම් අසා දැනගත්තේය . ඒ මාස ගණනට තුහිත එකොන් විශයෙන් හොඳ මට්ටමක සිටියේය . තුහින එ කලයේදි සරසිට කතා කලේ අක්කේ කියාය . ඒ ඔවුන් දෙදෙනා අතර වැඩි වයස් පරතරයක් නොවු නිසාය .
දිනක් සරසිගෙන් තුහිත මෙසේ අසුවේය .
"අක්කේ අපේ ඉස්කොලෙ ප්‍රදර්ශනයක් තියෙනවා ලබන සඳුදා . අක්කිත් යමුකො මාත් එක්ක ඒක බලන්න ."
"මම ? අම්මලා කැමති වෙයිද දන්නෙ නැ මල්ලි ."
"හා හා මං නැන්දාගෙන් අහන්නම් . අපේ එක්සැම් වලටත් තව මාසයයිනෙ . අපි තමයි එක කරන්නෙ ."
තුහිත හොඳ ලමයෙක් වූ නිසා සරසිගේ මව හා පියාද එයට අකමැති නොවූහ .
සරසි උදේ පාන්දර නැගිට ලක ලෑස්ති වූයෙ තුහිතගේ පාසැලට යාමටය . ඇය උදෙ පාන්දර ලා කහ පැහැති කෙටි ගවුමකින් සැරසී දිගු කොණ්ඩය කඩා දමා පුංචි කට්ටක් ගැසුවාය . ඳඟකාර යුවතියක් බඳු වූ සරසි එදින වෙනමම ලස්සනකින් යුතුවිය .
ම්ව් පියන්ගෙන් අවසර ගත් සරසි තුහිත පැමිනෙන තෙක් බලා සිටියාය .
"අද අක්කා ගොඩාක් ලස්සනයි ."
තුහිත එය කීවෙ අමුතුම අකාරකටයි . එයින් සරසිගේ හිතටද අමුත්තක් දැනුනි .
බස් රථය කෙමෙන් කෙමෙන් සැතපුම් ගිලා ගන්න අතර තුර සරසි එක පාරටම තුහිත දෙස බැලුවාය . ඇය දුටුවේ තුහිත තමන් දෙස බලා සිටින අයුරුය . ටික වේලාවකින් තුහිනගේ පාසල ලඟට යාමට ඔව්නට හැකිවිය .
"අපි කැන්ටින් එකෙන් මොනව හරි කමු " තුහිත කීවේය .
" හා _ _ . සරසි කිවේ ඇයටද බඩගින්නක් තිබු බැවිනි .
සරසි හා තුහිත මේසයේ අසුන් ගත්තාය . ඔව්න් ෂොටීස් කා සිසිල් බීම පානය කලෝය . ඒවාට සල්ලි දීමට නැගිට ගිය තුසිත එනතුරු සරසි මේසය මත තිබූ තුහිතගේ පර්ස් එක විවර කල බලුවාය . එහි ඉදිරිපස දමා තිබුනෙ සරසිගේ ඡාය රුවකි . සරසි ගැස්සී ගියාය . ඒ සමගම පැමිණි තුහිත .
" ඕක නම් බලන්න එපා " යැයි කීවේය . නමුත් ඒ වන විට සරසි එය බලා හමාරය .
"මේ මොකක්ද ? " ඇය ඡායාරුපය පෙන්වා අසුවාය .
"එදා කඨින පිංකම දවසේ ගහපු ෆොටො එකක් මිස් . ලස්සන නිසා පර්ස් එකට දා ගත්තා . "
"අපි යමුද මිස් ඇතුලට ?"
"හා යමු "
නමුත් ඔහු ඇයට මිස් කීවේ ඇයි ? මේ ගමන ආ වෙලේ සිට සිදුවන්නේ අමුතු දෙවල්ය . සරසිට අමුතුම භයක් ඇති විය .
ඔව්න් දෙදෙනා පාසල් ප්‍රධාන ශාලාවේ වූ ප්‍රදර්ශන කුටියට ගොඩ වූවොය . ඒ සමගම පැමිණි තුහිතගේ මිතුරන් පිරිසක් ඔව්න් දෙදෙනා අසලට පැමිණියොය .
"ආ මචන් තුහිත . කොහොමද ඉතින් ?
"හොඳයි බං ."
"මෙයාද අර කිව්ව ගර්ල් . වාව් මාර ගති බං . උඹල දෙන්නා හොඳට මැචින් . "
"පිස්සුද බං මෙ මගේ මිස් . "
"හරි හරි බං එහෙම තමයි කියන්නෙ ." ඔව් දෙ දෙනා සිනා සිසී එතෙනින් ඉවත් විය .
සරසිගේ දෙනෙතට කඳුලු පිරිනි . එය තුහිතද දුටුවේය .
"මිස් අනේ අඬන්න එපා . මං ඔයාට අදරෙයි . "
සරසි ඒත් අඬුවාය . නමුත් සරසිද තුහිතට ආදරය කලාය .
"තුහිත අපිට ඒ දේ ගැලපෙන්නෙ නෑ . මං ඔයාට වඩා වැඩිමල් . ප්ලිස් මාව ගෙදර එක්ක යන්න . ඒ දේ වෙන්නෙ නෑ තුහිත . "
එදා සරසි නිවසට ආවේ ඉතා දුකිනි නමුත් ඇය ඒ දුක මවට පෙන්නුවේ නැත .
"කොහොමද පුතේ ගමන ?"
"හොඳයි අම්මේ . මට ටිකක් මහන්සියි "
"පුතා ටිකක් නිදාගන්න . එතකොට මහන්සිය ඇරිල යයි . " සරසි ඇඳෙන් ඇල වූවාය . ඒත් සමගම ඇයට නින්ද ගියාය .
පසුදා සරසි දැන ගත්තේ වෙනම කතාවකි .
"බලන්න පුතේ අර තුහිත පුතාලා ගමෙන් ගිහිල්ලා . මෙච්චර හිටියා . ඒ ලමයා අපිටවත් කිව්වෙ නැනෙ . ඇයි ඒ දන්නෙ නෑ ." සරසිට ඇඬුම් වාවාගන්න බැරිවිය . ඇය හඬමින් කාමරය තුලට ගියාය .
දින සති මාස ගතවෙමින් වසර හතරක කාලයක් ගත වුණි .
දිනක් සරසිලාගෙ ගෙවත්තට ඇතුලු වූයේ කලු පැහැති නවීන කාරයකි . කාරයෙන් බැස්සේ වෙන කවුරුවත් නොව තුහිතය . මෙය දුටු සරසිගේ මව්පියෝ පුදුම වූහ .
"ආ තුහිත පුතානේ . කොච්චර කාලෙකින්ද ? එන්න එන්න ඇතුලට ."
"කෝ ඇන්ටි සරසි ?"
"ආ අපෙ කෙල්ල ගෙදරට නාකිවෙවී ඉන්නවා පුතෙ අන්න කාමරේ ."
තුහිත දොර රෙද්ද මැත් කරමින් කාමරයට පැමිණියෙය . සරසි ජනේලයෙන් ගෙමිදුල දෙස බලා සිටියාය . ඇගේ දැස් තෙත් වී තිබුණි . තුහිත දැක ගත් වහාම ඒ දැසින් කඳුලු බිඳු රූටා වැටුණි .
"සරසි ඔන්න මං විභාගෙ පාස් උනා . තාත්තිගෙ බිස්නස් ඔක්කොම දැන් පාලනය කරන්නෙ මම . තාමත් ඔයාට අදරය කරනවා . එක අඩුවයි . මං ඔයාට වඩා අවුරුද්දක් බාලයි . මාව බඳිනවද ? "
සරසිට කතාකරගැනීමට පවා නොහැකි විය . හිටි වනාම ඇය ඔහුට තුරුලු වුවාය .
"මාත් ඔයාට හුඟාක් ආදරෙයි . එකයි මෙච්ච්ර කල් බලන් උන්නෙ . "
ටික වෙලාවක් එහෙමම උන් ඔවුන් නැවත මුහුනින් මුහුණ බැලුවෝය .
"දැන් මම ඔයාට වඩා හුඟාක් උසයි . " තුහිත කීවෙ සරසිගෙ දෙවුරට දැතම තබාගෙනය . සරසි සිනා මුසු මුහුනින් සිටියෙය .
"හා හා දැන් කාමරෙට වෙලා ඉඳලා බෑ අන්න ලෙලි පොඩ්ඩ බලන්න අපේ අම්මලත් ආවා ." සරසිට දෑස් අදහාගත නොහැකි විය . සරසි හා තුහිත එකටම වාගේ මැද සාලයට පිවිසුනෝය . තුහිතගේ මව හා පියා සමග සරසිගෙ මව් පියෝ කතාවකය . සරසිගේ මව සරසි දෙස බලා ...
"කෙල්ල අවුරුදු 4 කට පස්සෙ අද තමා හිනා උනේ පුතෙ ."
සෑම දෙනාගෙම දැස් වල සතුටු කදුලුය .
"මගේ පුතාට හොඳටම ගැලපෙන දුව සරසි දූ තමයි " ඒ කතාවෙන් තුහිතගේ දෑඟිලි තුල සරසිගේ දෑඟිලි පැටලුනි .
අතීතයට සමුදෙමින් වර්ථමානය ඔව්න්ට ආසිරි පැතුම් එක් කරද්දී සරසි හා තුහිත මුහුදු වෙරළෙ රළ දිහා බලා සිටියෝය
කතාව - ලක්ෂිකා දිල්ශානි .
ගලේවෙල .

Monday, December 3, 2012
මෝඩකම
මම මේ කියන්න යන්නෙ සම්පූර්ණ සත්ය සිදුවීමක්.මේක උනේ අපේ ගෙවල් ලඟ කොල්ලෙක්ට.කවුරුත් දන්නව ඇතිනෙ Mobitel sim වල chat කියල 1ක් තියනව.ඕකෙ ඉන්නෙ මොන ජාතියෙ කට්ටියද කෙල්ලොද කොල්ලොද කියන්න කවුරුවත් හරියට දන්නෙ නෑ.මොකද user name 1ක් විතරලුනෙ තියෙන්නෙ.මම මේ කියන කොල්ලත් මේ චැට් වල register වෙලා.කෙල්ලො එක්ක chat 1 දාගෙන හිටියා.ඒ කොල්ලටත් පුදුම අමාරුවක් තියන එකෙක් තමයි.ඔහොම යන අතරෙ මූ කෙල්ලෙක්ගෙ ෆෝන් නම්බර් 1ත් ඉල්ලගත්ත.
කෙල්ල ඉන්නෙ මූට වඩා 144km දුර පළාතක.මූ දවස තිස්සෙම වෙන වැඩක් කරේ නෑ.කරේ කෙල්ලට call ගත්ත 1 තමයි.කෙල්ල maths කරන කෙල්ලෙක්ලු.ගොඩක් සල්ලි තියනවලු.අම්ම රට ගිහින්ලු.කෙල්ල විතරලු පවුලෙ ඉන්නෙත්.මූ ඔහොම පුරාජේරුව අපිට දැම්මමාපිත් ඉතින් අහගෙන හිටිය.ටික දවසක් ගියේ නෑ මූ කෙල්ලට love කියලත් කිව්ව.කෙල්ලත් හා කිව්වලු.අපිට නම් හිනා.කවදාවත් දැකලවත් නෑ.voice 1 නම් මට කතාකරද්දි ඇහුනෙ ඇන්ටි කෙනෙක්ගෙ වගේ.
Love කරන්න පටන් අරගෙනත් වැඩි දවසක් ගියේ නෑ.මූ කෙල්ලව හම්බවෙන්න ගියා.කොල්ල පොහොසත් පවුලක එකෙක් නෙවෙයි.හැබැයි ඌ රඟපෑවෙ කුරුඳුවත්තෙ එකෙක් වගේ.අම්මටයි තාත්තටයි හරියට job 1ක් තිබ්බෙ නෑ.ස්වයං රැකියා තමයි කරේ.එහෙම කරල ඌට ඉගැන්නුවෙ.අපිට වගේ නෙවෙයි ඌට ගෙදරින් දෙන්න පුළුවන් උපරිම ආදරේ දුන්න.ගෙදරින් එලියට වැඩිය යන්න දුන්නෙ නෑ.ගියා නම් ඉස්කෝල පන්ති වලට විතරයි.මූ ඉතින් කොහොම හරි කෙල්ල හොයාගෙන ගියාලු.කෙල්ලට එදා දවසෙ මූ උගේ පොතේ තිබිච්ච සල්ලි වලින් රු.6000ක් විතර වියදම් කරල.ගමන් වියදම ඇරෙන්න.කොහොම හරි මූ එදා ගෙදර එනකොට රෑ 12ත් පහු වෙලා.ගෙදරට වැඩේ ලාවට වගේ මාට්ටු.මූ කෙල්ල එක්ක යද්දි අදුරන කෙනෙක් දැකල ගෙදරට call කරල කියල.
උගේ අම්ම එදා උගෙන් ඇහුවලු.මූ බොරුවම දාල බේරිල.ඒ උනාට උගේ අම්මට සැකයි.ඇව්ත් මගෙනුත් ඇහුව.ඌ කියනව කෙල්ල මාර ලස්සනයිලු.ඌ තරම් සුදු නම් නෑලු.හැබැයි ලාලිතය නම් උපරිමලු.ඒ මොන මගුලක්ද කියල මට නම් තේරුනෙ නෑ.මම ඌට නිතරම අවවාද කරන්න try කරා.ඒත් ඌ කණකට ගත්තෙ නෑ.ඌ හිටියෙ ගෑනිගෙ ලෝකෙ.ඌගෙ කාමරේ තිබිල මට පෙන්නුව mobitel card මිටියක්. ඒවගෙ වටිනාකම රු.12000ක් විතර.ඌ මාසයක් කෙල්ලට කතා කරපු card කියල කිව්ව.මට නිකන් පිස්සු වගේ.අනේ අසරණ දෙමව්පියන්ගෙ සල්ලි.
ඔය විදිහට කාලයක් ගියා.මූ දවසට පැය 14ක් ෆෝන් එකේ.අම්මල තාත්තල වැඩ නිසා මූ මොනව කරනවද කියල දන්නෙ නෑ.ඔය අත්රෙ මූ දෙතුන් වතාවක් කෙල්ල හම්බවෙන්නත් ගියා.මූට කොල්ලො කියන දේවල් රුස්සනෙත් නැතුව ගියා.ගෙදරත් නිතරම වලි සල්ලි ඉල්ලල.ඔය අතරෙ කෙල්ල හම්බ වෙන්න ගිය වෙලාවක මුගේ අක්ක බැඳපු එකාට කෙල්ලවයි මූවයි අතටම මාට්ටු උනා.ඌ මූට හොදටම තඩිබාල ගෙදර එක්කන් ආව. එදා මුගෙ තාත්ත ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ නවත්තල හිටියෙ.එහෙම වෙලත් මූ කෙල්ල බලන්න ගිහින්.මූ ඒ තරමට කෙල්ලට වහල් වෙලා.මටත් මුගේ phone එකේ තිබ්බ msg එහෙම බලන්න ලැබුණ.ඒව දැක්කම මට තේරුනා කෙල්ලත් මාර බඩ්ඩක් තමයි කියල.ඒවගෙන් බාගෙට බාගයක් අමු කුනුහර්ප.
කොහොම හරි 1 දවසක් කොල්ලගෙ ඇඳේ මෙට්ටෙ යට තිබිල අක්කට ලියුමක් මාට්ටු වෙලා.ඒකෙ තිබ්බෙ කෙල්ලට ළමයෙක් හම්බ වෙන්න එනව කියල. අක්කටයි ගෙදර කට්ටියටයි යකා නැගල van 1ක් අරන් කෙල්ලගෙ ගෙදර හොයාගෙන ගියා.ඒකිගෙ පොහොසත් ගෙදර තිබිල තියෙන්නෙ කාමර 2යි.ඒකත් කබල් ගෙයක්.දුප්පත් උනාට නම් කමක් නෑ කියමුකෝ.කෙල්ලගෙ තාත්ත කරන්නෙ කසිප්පු විකුණන 1ලු.අම්ම රට.ඉතින් තාත්ත තනියට වෙන ගෑනියෙක් ගෙනත්. මූට කෙල්ලගෙ ගෙදරින් උඩින්ම කැමතිලු. කොහොම හරි මුගේ අම්මල කෙල්ල හොයන් යද්දි ඒකි ගෙදර ඉඳල නෑ.ගෙදර එවුන් කොල්ලගෙ අම්මටයි තාත්තටයි තිත්ත කිණුහර්පෙන් බැනල.කොල්ලගෙ අම්මත් ලේසි පහසු ඇන්ටි කෙනෙක් නෙවෙයි.එයත් හොඳට කියල ඇවිත්.
ගෙදර එනකොටම කෙල්ල කොල්ලගෙ කණෙ සීන් 1 තියල.ඌ අම්මයි තාත්තයි එක්ක හොදටම රණ්ඩු වෙලා.ගෙදරින් යන්නත් හදල.මස්සිනා තමයි ගහල එක්කන් ඇවිත් තියෙන්නෙ.කොහොම හරි කෙල්ල මූව හොඳට ගොනාට අන්දල.බබෙක් හම්බ වෙන්න ඉන්නව කියල නිතරම කියන්න ගත්ත.කොල්ල අවුරුදු 18න් තාත්තා කෙනෙක් කරන්නයි යන්නෙ.උගෙත් වැරැද්ද නිසා ඌට දැන් කරගන්න දෙයක් නෑ.කෙල්ල හොඳ එකියක් නෙවෙයි කියල මූටත් ආරංචි උනා.හැබැයි එතකොට පරක්කු වැඩියි.කෙල්ල අවුරුදු 16න්ම කොල්ලෙක් එක්ක පැනල ගිහිපු එකියක්.පස්සෙ කොල්ල ඒකිව දාල ගිහින්.ගෙස්ට් ගානෙයි හෝටල් ගානෙයි ගිහිපු එකියක් නිසා එහේ කොල්ලො නම් මේකි ගැන හොඳට දන්නව.ඉතින් එහෙන් නම් කොල්ලෙක් අල්ල ගන්න බෑ.මුගේ මෝඩකමට අහු උනා.
කොහොම හරි මිනිහ මට කෙල්ලගෙ photo 1ක් පෙන්නුව.ඌ කිව්ව ලාලිත්ය කොච්චර තිබ්බද කියනව නම් ඒකි හරියට සයිවරි කඩේ කොත්තු ගහන තැටිය වගේ.මූණ දැක්කම මට වමනෙට ආව.කට්ට කළුයි.ටිකක් මහතයි.ඒකිම මූට කියල දවසක් දැන් ඔයාට යන්න රෑ වෙලා නිසා අපි ගෙස්ට් 1ක නවතිමු කියල.මූත් ගොනා වගේ අහු උණා.ඉතින් ඊට පස්සෙ මූට ඒකිගෙන් බේරෙන්න බැරි උනා.කොල්ල නම් සුදු ලස්සන එකෙක්. අම්මල ඌව ගේ ඇතුලටම දාගෙන හැදුවෙ නැත්නම් මෙහෙම දෙයක් නොවෙන්නත් තිබ්බ. අම්මට මේව ගැන හිතල අන්තිමට පිස්සු හැදුණ.පිස්සන්කොටුවෙත් කාලයක් නතර කරල බෙහෙත් කරා.කොල්ල නම් ගෙදරින් පැනල ගියා.ඌ දැන් කොහේ ඉන්නවද කියන්න දන්නෙ නෑ.සමහරවිට ඌ අර කෙල්ලව කසාද බඳින්න ඇති.අම්මලත් ගෙවල් වහල දාල යන්න ගියා.අම්මට පිස්සු හැදුනේ ඌ නිසා.
ඉතින් මේ සේරටම මුල මෝඩකම සහ හරියට සමාජය ගැන දැනුමක් නැතිකම කියල තමයි මම හිතන්නෙ.මේක මගේ නිර්මාණයක් නෙවෙයි.ඇත්තම කතාවක්.සිද්ද උනෙත් ගිය අවුරුද්දෙ.කොල්ලන්ට විතරක් නෙවෙයි කෙල්ලන්ටත් මේක හොඳම පාඩමක්.දැන් කාලෙ ගොඩක් කට්ටිය FB එකෙනුත් ආදරය හොයාගන්නවනෙ.ඔය වගේ FB love 1ක කතාවකුත් මම දන්නව ඒකත් පස්සෙ කියන්නම්.කවදාවත් හරියට හොයල බලන්නෙ නැතුව ආදරය කරන කෙනාව තෝරගන්න හොඳ නෑ.අනික ඇත්තම දේ නම්, අපිට අම්ම තාත්ත තරම් මේ ලෝකෙ වෙන කවුරුවත් ආදරේ නෑ.අන්තිමට ඉතුරු වෙන්නෙ අපිට ඒ දෙන්න විතරයි.මේක ගැන ඔය කට්ටියගෙ අදහසුත් කියනව නම් මම කැමතියි.

මීවිත ඇදිරිය
මම ඇදේ ඉහ ඉද්දර අතගා බැලීමි.කුඩා මොටර් ඇන්ජිමක් මෙන් පුරු පුරු ගා මගේ උනුහුම අපේක්ෂාවෙන් සිටින පූස් තඩියා අතින් ගෙන බිමට දැමූ මම
ඇද විට්ටමට කොට්ටය දමා ඇල වීමි.කුස්සියේ දැල්වෙන බල්බයෙනුත් හිරමනයෙන් නැගෙන ජරබර හඩිනුත් අනුත්තරාගේ උදෑසන වික්‍රමය ආරම්භ වී ඇතැයි යන්න
අවබෝධ විය.
චිප් දුවනවා අහකට...
අනුත්තරා පූසාට සැර වූවාය.මම විදුලි පන්දම ගෙන ඔරලෝසුව දෙසට අල්ලා බැලුවෙමි.
හතර හමාරයි.අරනෙක් අතට හැරී නිදාගන්නට දෑස කිව්වද අනුත්තරාට ලූණු බිකක් හෝ සුද්ද කර දෙන්නට මගේ සිත මට බල කලාය.
අනුත්තරා මා සමග ඇත්තේ අමනාපයෙන් විය යුතුය.ඉදහිට හෝ මිතුරෙකු සමග සෙට් වුවහොත් අනුත්තරා මා සමග රොස් වෙයි.
පෙරදිනනම් නිවසට පැමිණියේ කෙසේද යන්න වත් මගේ මතකයේ නැත.උදෙන්ම ෂේප් එකක් දාගන්නවා.මම එසේ සිතමින් ඇදෙන්
බැස කුස්සියට ගියේය.
ම්... හංහහ්.... හතර හමාරයි... මම ඈ කථාවට ඇදගනු වස් කීවෙමි.ඈ කරබාගත් වනම හිරමනය කැරකුවාය.
කෝ දෙන්න අනූ පොල් ටිකක් ගාලා දෙන්න.....
ඈ නිහඩව පොල් බෑය තබා කේතලය ලිප මත තැබුවාය.අනතුරුව බෝන්චි කරල් කීපයක් කුල්ලකට දමාගත් ඇය ඒවාගේ නූල් අදින්නට විය.
මට අම්මා සිහි වෙයි.අම්මේ චූ බරයි... අම්මා උදෑසන උයද්දී මම බොහොවිට ඇහැරගන විත් අම්මාගේ ඇගේ දැවටුනු අන්දම මට අද මෙන්
මතකය.මම අනුත්තරා අසලට ගොස් ඇගේ බද වටා අතක් යැව්වෙමි.අනුත්තරාද මට මවකි.බිරිදකි.විටෙක දියනියක මෙන් මා හා සුරතල් වෙයි.
අහකට වෙන්න මාලන් මට පරක්කු වෙනවා.... ඈ එසේ කියමින් මගෙන් මිදුනය.ඈ දැන් අනුත්තරා නොවේය.තවමත් ඇත්තේ ඊයේ යකා නැගගත්
ගැහැණියයි.මම නිහඩ වීමි.ඈ විසින් ලිප තබන ලද කේතලය ගිනිදැලින් තැලුම් කා ඉවසා ගත නොහැකිව හෝස් හෝස් ගාන්නට විය.විස්කෝතු ටින්
එක මා අසලින් තැබූ ඈ කහට කෝප්පයක් වත් කලාය.වෙනදානම් ඈ කිරි කෝප්පයක් හදන්නීය.එකත් එකටම කිරිපිටි ඉවරවී ඇති සෙයකි.මගේ
ඉහ මොල රත් වෙන්නේ දැන්ය.පෙරදා උදෑසන අනුත්තරා මට බඩු ලිස්ට් එකක් දුන්නාය.කිරි පිටි අනුත්තරාගේ අකුරු මගේ කලිසම් සාක්කුවේ
ගුලිවී තවමත් තිබිය යුතුය.
කිරිපිටි ඉවරද?... මම හොරෙක් මෙන් කොදුරා ඇයගෙන් ඇසුවෙමි.අනුත්තරා වහා මා දෙස බැලුවාය.
නිකන් විහිලු කරන්න එපා මාලන්... අනුත්තරාගේ දෑසින් කදුලු කඩාහැලුනේය.ඇගේ හඩ දරුවන්ටද ඇසේයැයි සිතන තරම් විය.
ඔයා ඊයේ ගෙදර ආවේ හතර ගාතෙන්.හොද වෙලාවට අර පැටවු දෙන්නා නිදාගෙන උන්නේ.මාලන් ඔයා මිදුලේ වැට ගාව ඉදල ගෙට අරගෙන එන්න
මං මොන තරම් දැගලුවද.බඩුත් අරගෙන ගෙදර එනව කිව්ව මිනිහ ගෙදර ආවේ අතේ සතයක්වත් ඉතුරු කරගෙනද?
ඩයස්.... ඩයස් කථා කලානේ...අනුත්තරා... මම ඇයට පිලිතුරු දෙන්නට වෙහෙසුනෙමි.
කවුරු කථා කලත් මාලන් ඔයාට ඔයාගේ සීමාව තේරෙන්න ඕනි.ඔයා පොඩි ලමයෙක්ද?ඔයා දන්නවද ඔයාගේ සපත්තු දෙක ඔරලෝසුව අඩුම
තරමේ මං ඔයාට දාපු මගුල් මුද්දවත් ඔයාගේ අතේ තියෙනවද?
මොනවා....
මම මගේ ඇගිලි දෙස බැලුවෙමි.දෙවියනේ.... මට මගේ වෙරි මතයෙහි රස දැන් රත් වූ ඊයම් කල්දේරමක බැස ඉන්නාක් මෙන් දැනෙයි.
මං කොච්චර පිරිමහ ගත්තත් ඔයා හම්බ කරන දේ ඉතිරි කලත් වැඩක් නෑ මාලන්.අපි කොච්චර ආදරෙන් හිටියත් වැඩක් නෑ මාලන් ඔයාට බැරිනම්
වීදුරු බෝතල් වලින් ඈත් වෙලා ජීවිතේ පටන් ගන්න....
අනුත්තරා පියවි ලොවේ සිට අමතන්නේ මේ සැබෑ සත්‍ය හඩින් නොවේද?මම වැරදි කල කුඩා දරුවෙකු මෙන් ඇයට සවන්දී සිටියෙමි.පිටුපස හැරී
ලිපේ දර සකසන අනුත්තරාගේ නයිටි ගවුම උරහිස අසලින් ඉරී ඇත.ඈ එය අන්ඩ දමා සකසාගෙන බොහෝ කල් වියයුතුය.ඒහෙත් ඒ පිලිබදව
ඇගෙන් කිසි මැසිවිල්ලක් මා වෙත මීට පෙර නොලැබුනි.අපි කොච්චර ආදරෙන් හිටියත් වැඩක් නෑ අනුත්තරාගේ ඒ වචන මගේ දෙකන් හරහා
යන යවුල් මෙනි.එහෙත් අද මේ ඈ කෙරෙහි බිදී යන්නේ ඈ අතින්ම සාර්ථකාංකය දක්වාම වටහාගත් දුක නොවේද?මම කොතරම් ඇයට ආදරය කලත්
මගේ බීමත් කම නතර කරන්නට මට පුළුවන් කමක් නොවීය.බීගත් කල මා අධමයෙක් ලෙස නොහැසිරෙන බව මම දනිමි.එහෙත් මා බීගන්නේ
කුමක් අරඔයාද යන්න මමවත් නොදනිමි.මා ඇතුළු අප සියළු දෙනාම එක්ව ලබන ජොලිය කුමක්ද?මා මගෙන්ම ප්‍රෂ්ණ කලෙමි.ඩයස්ගේ හෝ
නන්දනගේ ආරාධනයෙන් මම බෝතලයකට සම්මාදම් වීමි.එසේ සප්පායම් වන මා ගෙදර එන්නේ සිහිකල්පනාවකින් තොරවය.අනුත්තරා මං
ඔයා ගැන බැලුවේ නෑ මම සිහියෙන් ගෙදර ආවේ නෑ මගෙ සිත මටම දොස් තබන්නට විය.අනුත්තරා වහා මගේ දෙපා මුල ඇදවැටුනාය.
ඇසේ කදුලු කෙතරම් උණුසුම්දැයි මට මේ සීතල උදෑසන හොදින් දැනුනි.අනුත්තරා මේලෙස මගේ දෙපා සිප ගන්නේ දෙවන වරටය.පලමු කොට
අපේ විවාහයේදීය.මම වහා ඈ නැගිට්ටුවා මගේ ලයට තද කර ගත්තෙමි.
මට නැතත් මගෙ අහිංසක දරුවෝ දෙන්නට බේබදු තාත්තෙක් වෙන්න එපා මාලන්....
ඒ උදෑසන උදා වුයේ එලෙසය.ඒ දිනය ගෙවී ගියේ එලෙසය.රෑ දෙගොඩහරියේ හතර ගාතෙන් ගෙදරට එන මම එදා පටන් දෙපයින් සැබෑ සැමියෙක්
සැබෑ පියෙක් ලෙස ගෙට ගොඩවන්නට පුරුදු වීමි.
අප්පච්චියට අද නිමාඩුද?
මගේ පුතු මගෙන් ඇසුවාය.මං පුතුන් දෙදෙනා දෑතින් ගෙන කුස්සියට ගියෙමි.
අද අප්පච්චියා අපිත් එක්ක තේ බොන්නේ...ලොකු පුතා එසේ කියමින් මල්ලී සමග වේගයෙන් සාලයට දුව ගියේය.මම අනුත්තරා වෙත ලංවීමි.
ඇගේ මුහුණේ මහත් වූ කාන්තියක් විය.මම ඇගේ අතගෙන සාක්කුවේ වූ දේ තැබූවෙමි.
මොනාද?
මගුල් මුද්ද.... ඔෆිස් එකේ චිරන්ත තමයි හොයලා දුන්නේ....
නෝනා කැමති නම් සුරා සූදුවෙන් තොර හැන්සම් කොල්ලෙකුට.මාත් කැමතියි මේ නෝනව අයෙත් කසාද බඳින්න.....
මම තොල්පට විකාගෙන සිනාව නවත්වාගෙන කීවෙමි.අනුත්තරා මගෙ උරහිසෙහි එල්ලී මගේ පපුවට තුරුල් විය.මීවිත ඇදිරිය සදහටම අප පුංචි
කූඩුවෙන් තුරන් විය..

Sunday, December 2, 2012
ආයෙත් නොදකීවි.
සීතල සුළගට රහස් කියමින් නටන වැටකෙයියා පොහොට්ටු ලන්ද පුරාවට තාල මවයි.
සැංගී ගීත ගයන විහඟුන් කොහේදැයි සොයමින් ඉබාගාතේ ඇදෙන වලාකුළු නිල්ල ගලන
වෙල් යාය නේක වර්ණයෙන් සරසවයි.වැඩපොලකට උදෑසනින්ම කඩිමුඩියේ දුවන සංකීර්ණ
චරිත මෙන් රඟපාමින් බිඟුහු ඕලු මල් යායට රොක් වෙයි. ඕලුද ඒරංගනයට සිනාසෙයි
ඈතින් එන්නේ අඹරං මාමාගේ අලුත් ට්රැක්ටරයටත් සද්දයයි. අවුරුදු දෙකකට ඉහත මාමාගේ සිහිනයක් වී තිබූ බලාපොරොත්තුව ඉෂ්ට වීම නිසා අඹරං මාමාගේ මූණට ආව හිනාව තවමත් මැලවී ගොස් නැත. එයා ඒක ගැනම තොරතෝංචියක් නැති ව කියවන්නෙ ඒකයි, මේ වෙලාවට ඔහු හසුරවන්නේ තම බාල දෝණියගේ පුංචි කෙල්ල අකුරට අරං යනවා. වටේ පිටේ ඉන්න සුදු සමනල රොත්තම අඹරං මාමා එක්ක ටවුමේ ඉස්කෝලෙට යනවා. ඒක තමයි ට්රැක්ටරයටත් වඩා සද්දෙට මේ කෑහෑගැහිල්ල
" අනේ පියල් අයියේ මොකද මේ එළියට වෙලා" මේනකා නංගි මගෙන් ඇහුවා.
"හුළං ටිකක් වදින්න එළියට ආවා නගා....." මේනකගේ රිදී හිනාව ඒක හරිම ලස්සනයි. රෝස මලකට නොරිදෙන්න පිණිකැට වැටෙනවා වගේ..... බලං ඉන්න ආසයි. මේනකා නගාට වඩා හැඩකාරි එයාගේම ඇවැස්ස නෑනා...... සඳමලී..... ඔව් එයා හඳක් වගේ තමයි. ගිය මාසෙ පිටගමකින් දීග ගියාලු. තාමත් මට මතකයි ගොම්මන් වැටෙන වෙලාවට සේතු මාමාගෙ ඇහැ වහලා අටුව ළඟට දුවගෙන එන දඟකාරි.
' පියල් අයියාට හිඹුටු ගෙනාවා' කියලා අතේ ගුලිකරගෙන ඉන්න හිඹුටු ගෙඩිය පෙන්නලා දුවන පොඩි එකී , ගමටම හිටිය හඳ, ගමේ කවුරුත් එයාට ආදරෙයි.
" පියල් පුතේ" අම්මා මා ළඟට එනකන් මම දන්නෙ නෑ. සඳමලී නගාව මතක් වෙනකොට වට පිටාව ඔක්කොම අමතක වෙනවා.
"දැං ගෙට ගියොත් නරකද?"
"තව ටිකක් මෙහෙම ඉන්නම් අම්මෙ" මට එහෙම කියවුණේ ඉබේටම, අහස නිල් පාටට බබළනකොට, ඈතින් සියාතු අයියාගේ කුඹුරු කෑල්ල එක්ක ඒ අහස අනඟ රැඟුම් පානකොට මම කොහොමද දාලා යන්නෙ........? මම ආසයි තව ඉන්න.
'කීපාරක් නලාව පිම්බද? ඔහොම තමයි කටුස්සගෙ කරේ රත්තරං බැන්දාම.... ' බංදුවා පතලෙන් මැණිකක් උස්සගෙන ඇවිත් එකපාරම පෝසත් වෙලා, ලාභෙට වාහනයක් අරන් ඇවිත් උජාරුව පෙන්නුව දවසෙ ආතා එහෙම කිව්වා. දැනුත් කඩුල්ල ළඟට වෙලා නලාව ගහනවා. ඔය ඉතිං ආතාව ආතාව අවුස්සන්න. ඒත් ආතා ගෙදර නැති පාටයි.
"පියල් අයියේ මොකද කියන්නේ රවුමක් යමුද වාහනේ...?"
"එපා මල්ලියේ..." මට හිනාගියේ ආතා මතක් වෙලා. බංදුවා වාහනේ උජාරුව පෙන්නගෙන යන්න ගියා...... ආයෙත් නිහඬයි. වක්කඩට කොරවක්කෙක් ඇවිත් තටු ගහ ගහා තිත්තයෝ ගිලිනවා. පොඩි කාලේ මට මතකයි මමයි, මල්ලියි, නංගියි එකතු වෙලා තිත්ත පැටවුන්ට අකුරු උගන්නනවා. මල්ලිනම් කොළඹට ගියා ඉගෙනගන්න... නංගිනම් ළඟදි ගෙදර එයි. කුළුඳුලේම දරුවා ලැබෙන්න ඉන්න නිසා ගෙදර එන හින්දා අම්මා ලහි ලහියේ කෑම හදන්න අරං….. ගේ පුරාම හමන්නේ කෑම සුවඳ….
ගමේ හුළඟෙ හීතලටයි, මේ නිස්කල්ංක කමටයි මම ගොඩාක් ආදරෙයි. පානදර ඉදං උදැල්ලයි කැත්තයි එක්ක පොර බැදලා ඇඟ තෙමාගෙන හැලෙන දාඩිය වල තියන අපෙකම කොළඹ රටේ සීතල කාමර වල ඉඳලා එළිඅයට බහිනකොට රස්නෙට දාන දඩියවල නෑ. මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ මොලේ වෙහෙසන්න විතයි. ඊට පස්සෙ මොලෙයි ඇඟයි වෙහෙසලා වැඩ කරන මනුස්සයා දිහා බලලා ‘ගොඩයා’ කියන්න. මේක හරිම අසාදාරණ ලෝකයක්. ඒත් අසාධාරණ නැතුව ගමට හැමදාම ඉර පායනවා. ලෝකෙ දියුණු වෙනවා, ආසාව වැඩි වෙනවා, හොඳම කොටසට රණ්ඩු වෙනවා…. ගහමරාගන්නවා, බයිනේත්තු පිස්තෝල හදනවා, ගම් නියම් ගම් ගිනි තියනවා…. අන්තිමට…………
“පියල් අයියෙ අපි යමු ගෙට…. අහස හොඳටෝම කලු කරලා” මෙනකා මගේ ළඟට ආවා
“මේ ඉර එළිය වැටෙන්නේ…?”
“ඒ ඉර එළිය වැටෙනවා නෙවෙයි…. දෙවැටෙන් එහා පැත්තෙ පිදුරු ටික ඇවිලෙන්න දාලා… ඒ රස්නෙයි ඔය එන්නේ”
“මගේ අත රෝද පුටුවේ අඟුල ඇරියා…. හුස්ම පපුව පුරෝලා පිට වුණා
“පිදුර අවුලන්න අස්වැන්න කැපුවාද?”
“ඔව් අයියේ කන්න දෙකකට පස්සේ ගිය මාසේ ඇස්වැන්න ඩිංගක් කැපුවා.. මේ කන්නෙත් වපුරන්න බැරි වෙයි…. මොරසූරන වැස්ස නිසා කුඹුරු ඔක්කොම ගොඩවෙලා….: මාව තල්ලු කරගෙන ගේ පැත්තට ගෙනියන ගමන් මේනකා කිව්වා.
“අබරං මාමා පොඩි එකීව දාගෙන ට්රැක්ටරේ ගියා නේද?”
අබරං මාමා ඇදුම වැඩිවෙලා අද ට්රැක්ටරේ එලෙව්වෙ කුමාර අයියා….. පොඩි එකීගෙත් ඊයෙ ඇඟ රත් වෙලා තිබ්බ නිසා ඉස්කෝලෙ ගියෙ නෑ ඒත් අර නල ළිඳ විවෘත කරන උත්සවේට පත්තරෙන් එනවා කියලා ගමේ පොඩි උන් ටිකක් දාගෙනැතනට එන්න කියලා ඉස්කෝලෙ මහත්තයා පණිවිඩයක් එවලා තිබ්බා
“මම හිතුව හැම දේම වැරදියි නොවැ නගා”
“ අයියා මොනාද හිතුවේ…”
“මම දැක්කේ ඉස්සර ගම”
ඉස්සර ගමට වඩා අද වෙනස් අයියා…. ඔය පැත්තෙන් කෑල්ලක් ගොඩ කරලා පැක්ටේරියක් ගහන්න පාස් වෙලාලු. ඕලු මල් යායම දැං නෑ. ගියපාර ගංවතුරට ගංවතුරත් එක්ක ඕලු වඳ වෙලා ගියා….: මගේ හුස්ම ආයෙත් දීර්ඝ උණා
සීමා මයිම් නැතුව හිතෙන අනන්න්තවත් දේවල් අහස පොළොවටත් හොරා හිතේ ඉපදිලා හිතේම වැලලිලා යනවා අවුරුදු දෙකකට ඉස්සල්ලා මම දැක්ක ගමත් එහෙමයි. අවුරුදු ගානක් තිස්සෙ කන්දෙකට පුරුදු වෙලා තිබුණෙ මැෂින් තුවක්කුවේ සද්ද්යි. ඒ අස්සේ කුරුල්ලෙක්ගෙ සිංදුවක් ඇහුවේ ගම මතක් කරගෙන. අන්තිමට මම දැක්කේ ලොකු ගිණි බෝලයක් ඊට පස්සෙ සුදු පාට…… අදත් මම ගම දකින්නේ හිත ඇතුලෙන්, හෙටත් එහෙමයි, මම මගේ ඇසි දෙකෙන් මේ කිසිදෙයක් ආයෙත් නොදකීවි.

෴ සිහින සටන ෴
ඉන්දිව තියටර් එක ඇතුලට අරගෙන දැන් පැය දෙකකටත් වැඩියි...
ඉන්දි සැරින් සැරේ බඩ රිදෙනවා කියන්න අරගෙන සති දෙකක් විතර වෙනවා. ඒ කියන හැම වෙලාවෙම බෙහෙත් ටිකක් ගන්න යන්න ලෑස්ති වෙන්න කිව්වම අනේ මහන්සියි කියලා බැහැ කියනවා. ගිය සිකුරාදා එයාටත් කියන්නෙ නැතිව ඩොක්ටර් ගාවට එක්කන් ගියාම එතන වෛරස් උණ කාරයෝ පිරිලා....
" අනේ බලන්න මින්දික, තාම යන්නෙ 10. අපේ අංකේ 55. අද රෑම අපි දෙන්නට මෙහෙ තමයි ඉන්න වෙන්නේ...
" ඒ වුනාට කමක් නැහැ ළමයො. ටිකක් වෙලා ඉදලා බෙහෙත් ටිකක් අරගෙන යන්. දැන් සතියක් විතර තිස්සෙනේ ඔයා කියන්නෙ බඩ රිදෙනවා කියලා. අම්මලා කවුරුහරි දැන ගත්තොත් දෙන්නටම බැනුම් අහන්න වෙනවා...."
"එහෙම වෙන්නේ නැහැ මින්දික. අපි ගෙදර යන්. දැන් මගේ වේදනාව අඩුයි. අම්මලා මොනවහරි කිව්වොත් මම කියන්නම් මමයි බෙහෙත් ගන්න බැහැ කිව්වේ කියලා"
" ඔයා එහෙම කිව්වට මොකක් වුනත් ලෙඩේ අඩු නැහැ කියලා ඔයාගේ මූණෙන්ම පේනවා. මහන්සි නම් යන් කාර් එකට, ටිකක් නිදා ගෙන ඉඳලා එමු..."
ඉන්දි මොකුත් කිව්වේ නැහැ. කාර් එකට යන්න නැගිට්ටෙත් නැහැ. එයා එක ලඟ තියෙන ඔරලෝසුවයි, දැන් ඩොක්ටර් බලන අංකයයි තියෙන ඩිස්ප්ලේ එකයි දිහා බලන් ඉන්න ගත්තා. තාම 10 මයි...
අංක 18 යද්දි, රෑ නමයට විතර ඩොක්ටර් එලියට ආවා. ඩොක්ටර් රෑ කෑමට බෙහෙත් දෙන එක ටිකකට නවත්තනවා කියලා නර්ස් කිව්වා. මම ඉන්දිගේ මූණ දිහා බැලුවා. මගේ උරහිසට හේත්තු වෙලා එහෙම්මම නින්ද ගිහින්. පව් මගේ කෙල්ල...
" ඉන්දි... නැගිටින්න..."
"හම්ම්..."
"අපි යන් ඉන්දි. අපි ගිහින් හෙට එමු. හෙට උදේ වරුව විතරයි මම ඔෆිස්.."
එදා කොහොමෙන් කොහොම හරි අපිට ඩොක්ටර්ව හම්බවෙන්න බැරි වුනා.
ඉන්දියි මායි මුණ ගැහුනේ මම රස්සාවක් කරන්න ගත්තු අලුතමයි. ඉන්දිට නම් ඒ කාලේ ජොබ් එකක් තිබුනේ නැහැ. එයා කොල්ලුපිටියේ ක්ලාස් ආව ගියේ මම ඔෆිස් ගිය බස් එකේමයි. මුලින් මුලින් ඇස් වලින් විතරක් කතා කරපු අපි ප්‍රේමවන්තයෝ වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. අවුරුද්දක් විතර දෙන්නා ආශ්‍රය කරලා අපේ කතාව ගෙවල් වලට කිව්වේ ඉන්දිගේ පලවෙනි පඩිය ලැබුනු දවසෙමයි.
ඉන්දිගේ අම්මා "උඹට තියෙන හදිස්සියක්" කියලා අහාවි ද දන්නෑ කියලා දෙන්න හිතාගෙන හිටියට ඉන්දිගෙ අම්මා එහෙම අහලා තිබුනේ නැහැ. සමහරවිට ඉන්දිගේ නංගියත් ඉන්න හින්දා වෙන්න ඇති. ඉන්දිගේ අම්මා කියලා තිබුනේ මම හඳහන ඉල්ලගෙන එන්න කියලා විතරයි. අපේ ගෙදරිනුත් මොකුත් ලොකුවට ඇහුවේ නැහැ. තාත්තා ඇහුවා මොකක්ද සම්පූර්ණ නම කියලා. මම ඉතින් එයාගේ සම්පූර්ණ නම කිව්වා.
" වීරසිංහ මුදියන්සේලාගේ ඉන්දීවරි සුධර්මා වීරසිංහ..."
" හම්.. ඒ ළමයට අම්මලා තාත්තලා එක්ක කතා කරලා අපිට එහෙට යන්න දවසක් වෙලාවක් දාගෙන අපිට දැනුම් දෙන්න කියන්නකෝ..."
තාත්තා ඒ කතාව අම්මා දිහායි මගේ දිහායි සැරින් සැරේ බල බල. අම්මගේ මූණේ මම කවදාවත් කලින් දැකලා නොතිබිච්චි හැඟීමක් පිරිලා. මම පස්සේ දැන ගත්තේ, අම්මා ඒ වෙලාවේ හිත හිත ඉදලා තියෙන්නේ "මගේ පොඩි පුතා ගිය දුර..." කියලලු.
හඳහන් බලපු වෙලාවේ කියලා තිබුනේ හඳහන් ඒ තරම් ගැලපෙන්නේ නැහැ කියලයි. ඒත් හොඳ වෙලාවක් බලලා කලොත් මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා. ඉතින් ඒ ඒ විදහට කරුණි යෙදිලා මීට අවුරුදු දෙකයි මාස හතරයි දින නමයකට කලින් අපි දෙන්නා අපේ වුනා....
දැන් පැය තුනකටත් කිට්ටුයි. ඇයි මෙච්චර වෙලා යන්නේ... ඉන්දිගේ අම්මා මගේ ගාවට ඇවිත් ඉදගත්තා.
අපි දෙන්නා එකතු වෙනකොට මට වයස විසි හතරයි මාස ගාණයි. ඉන්දිට විසි දෙකක්වත් නැහැ. ඉන්දිගේ අම්මා අහයි කියලා හිතන් හිටිය ප්‍රශ්නේ ඇහුවේ නැති උනාට අපේ යාලුවෝ නම් හැම එකාම වගේ ඒ ප්‍රශ්ණය අපෙන් ඇහුවා. ඒත් අපි දෙන්නා කවදාවත් එහෙම දෙයක් ගැන කතා කලේ නැහැ. දෙන්නට දෙන්නා ගැන ලොකු විශ්වාසයක් තිබුනා. දෙන්නගේ වර්තමානය ගැන වගේම අනාගතය ගැනත්...
වෙඩින් එකෙන් පස්සේ දෙන්නම රස්සාවට ගිය පලවෙනි සතියේ දවසක් රෑ කෑමට නූඩ්ලස් හදන ගමන් ඉන්දි කතාවක් පටන් ගත්තා.
"මින්දික..."
කටහඩ ගැඹුරුයි. "ඇයි ඉන්දී.."
"අපි කාලෙකට දරුවෙක් නොහදා ඉමු..."
මම කර කර හිටිය ලූණු කැපිල්ල අත ඇරලා දාලා මම ඉන්දි ගාවට ගියා. ඉන්දි ආයෙත් කතා කරන්න ගත්තා.
"අපි තාමත් ජීවිතය පටන් ගත්තා විතරයි. දෙන්නම තාම ඉගෙන ගන්නවා. දෙන්නටම රස්සා වල ගොඩක් දුර යන්නත් පුලුවන්, යන්නත් තියෙනවා. අපි තාමත් බස් එකේ යන්නේ එන්නේ. අම්මලා දීපු දෙයක් ඇරෙන්න අපේක කියලා ඉතිරියක් නැහැ. ඔයා මගේ ගාවින් ඉන්නවා. මට ඒ ඇති. අපි ටික දවසක් මෙහෙම ඉමු..."
මම ඉන්දි දිහා ටිකක් බලන් හිටියා. වෙඩින් එකට කලින් ඔය සබ්ජෙක්ට් එක ගැන වැඩියෙන්ම කතා කලේ ඉන්දි. මම ඒ කියපු දෙයකට මොනවහරි කුණු කතාවක් කියලා හිනා වුනා මිසක් ඇත්තටම මම මේ දේවල් ගැන වැඩිය හිතලා තිබුනේ නැහැ. ඉන්දි මගේ ගාවට ඇවිත් තුරුල් වුනා.
"මටත් ඒ ඇති පැටියෝ..."
එදා නූඩ්ල්ස් එක වෙනදටත් වැඩිය රහට ආවා. හෙට ඉදලා අලුත් අලුත් ක්‍රම වලට නූඩ්ලස් හදන හැටිත් අපි එදා කාලා ඉවර වෙලා කතා කලා.
"පුතේ... ඊයේ ඔෆිස් එකේ වැඩ කරන ගමන්ලුද අසනීප වෙලා තියෙන්නේ...?"
"ඔව් අම්මේ. ඔෆිස් එකෙන්මයි හොස්පිටල් අරන් ඇවිත් තියෙන්නෙ. ඇඩ්මිට කරගන්න ඕනේ කිව්වම තමයි මට කෝල් කලේ..."
ඇතුලට අරගෙන පැය හතරකට විතර පස්සේ ඩොක්ටර් එලියට ආවා. මාව ඩොකටර් ගාවට දිවුනේ ඉබේටමයි...
"කොහොමද ඩොකටර් මගේ ඉන්දිට...? ගොඩක් වෙලා ගියා නේද ඔපරේශන් එකට..?"
"හම්ම්... එන්නකෝ මගේ රූම් එකට. කතා කරන්න ටිකක්..."
මම ඩොකටර් පිටි පස්සෙම එයාගේ රූම් එකට යන්න හැරුනා. ඒ වෙලාවේ ඉන්දිව එලියට අරන් ඇවිත් වෝඩ් එකකට අරන් ගියා. මම ටක් ගාලා දුවලා ගිහින් මගේ ඉන්දිගේ මූණ බලලා ආවා. අම්මලා ඉන්දිත් එක්ක වෝඩ් එකට ගියා. මම ඩොක්ටර්ත් එක්ක ආවා.
"ඉදගන්නකෝ..."
"තැන්ක් යූ ඩොකටර්.."
" දැන් ඔයාලා බැදලා කොච්චර කල් ද..? "
" අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. ඇයි ඩොකටර්?'
" දරුවෝ ඉන්නවද..."
"නැහැ ඩොක්ටර්. අපිට වුවමනාවක් තිබුනේ නැහැ..."
"එහෙමද... මම කියන දෙයට කලබල වෙන්න එපා. මිසිස්ගේ වයසේ කෙනෙකුට හරිම කලාතුරකින් මේ වගේ දෙයක් වෙන්නේ. මිසිස්ගේ වූම්බ් එකේ ( ගර්භාශයේ) ඩිස් ඕර්ඩර් එකක්. අපිට ඒක අරන් දාන්න වුනා. ඒක තව ටික දවසක් තිබ්බනම් ජීවිතයට අනතුරක් වෙන්න තිබුනා..."
මම නැගිට්ටේ ඇයි කියලා මම දන්නෙ නැහැ. ඒත්...
" කමක් නැහැ ඩොක්ටර්. මගේ ඉන්දිගේ ජීවිතය බේරලා දුන්නට ඩොකටට පින්..."
මම ඉන්දි ඉන්න වෝඩ් එක දිහාට යන්න ගත්තා. මට දැනුනේ මම ඇවිද්දට එක තැනමයි කියලා. මගේ ලෝකය නැවතිලා...
මම ඇද ගාවට එනකොටත් ඉන්දිට හරියට සිහිය ඇවිත් නැහැ....
"මොකද පුතේ ඩොකටර් කිව්වේ...?" අපේ අම්මා මගේ ලඟට ඇවිත්...
"ලොකු මොකුත් නැහැ අම්මේ. දැන් ඔපරේශන් එක කලානේ. ඔක්කොම ඉක්මණට හොඳ වෙයි කිව්වා..."
තාත්තත් මගේ ගාවට ආවා.
"ඉන්දිගේ අම්මා දුව ගාව ඉන්නම් කිව්වා. දැන් ඔයා ගෙදර ගිහින් හවස එන්න. ඊයේ හවස හොස්පිටල් එකට ආපු ගමන්නේ..."
මම ඉන්දි ගාවට ආවා. අනේ මගේ ඉන්දි... මට සමා වෙන්න ඉන්දි...!
ඉන්දිගේ අම්මා විතරක් ඉතිරි කරලා අනෙක් තුන් දෙනාව දාගෙන හොස්පිටල් එකෙන් ආවා.
ගිය අවුරුද්දේ මගේ උපන් දිනේ දවසේ උදේ එයාගේ ඔෆිස් එක ගාව හෝල්ට් එකෙන් බහින්න ලංවෙලා,
"හවස මොකුත් වැඩ දා ගන්න එපා හරිද.. ඉක්මණට ගෙදර එන්න"
මම කොහොමත් හවසට වැඩ දා ගන්නේ නැහැ. MBA කරන්න ගත්තට පස්සෙ වෙලාව හරිම සීමිතයි. අනෙක් එක ඔෆිස් එකේ ප්‍රෝමෝශන් දෙන්නෙ වැඩ කෝටියකුත් එක්කනේ. ඒ හින්දා හවස් වෙද්දි හොද ගනන්...
එදා ගෙනාපු කේක් එක කපලා අපි දෙන්නගේ බර්ත්ඩේ පාටි එක ඉවර වෙලා ටීවී බල බල ඉන්න ගමන් ඉන්දි කතාවක් පටන් ගත්තා...
"මින්දික..."
කටහඩ ගැඹුරුයි. මීට කලින් එකම එක දවසයි ඒ හඩින් ඉන්දි කතා කරලා තිබුනේ...
"ඔයා ආස දුවෙකුට ද... පුතෙකුට ද..?"
අවුරුද්දකට විතර පස්සෙත් ඒ සබ්ජෙක්ට් එකට මුල පිරුවෙත් හැමදාම වගේම ඉන්දිමයි.
"ඕනේ කෙනෙක්... අපිව ලබන්න පතපු ඕනේ කෙනෙක් අපි ගාවට ආවාවේ. ඒත් ඉන්දි..."
ඉන්දි මූණ ඉස්සුවා.
"තව ටික දවසක් මේ විදිහටම ඉමු නේද... මගේ MBA එක පටන් ගත්තා විතරයි. ඔයාටත් ෆයිනල් තියෙනවා. ඒ හින්දා තව අවුරුද්දක් හමාරක් විතර මේ විදිහටම ඉමු නේද..."
විනාඩි පහක් විතර දෙන්නගෙන් එක්කෙනෙක් වත් කතා කලේ නැහැ. හරිම දිග විනාඩි පහක්...
"කමක් නැහැ. මට ඔයා ඉන්නවනේ..."
එදා අපි දෙන්න වෙනදට කලින් ඇදට ගියා.
හවස එද්දි ඉන්දිට සිහිය ඇවිත්. ඉන්දිගේ අම්මා නාන කාමරයට ගිහින්.
"මට මොකද වුනේ මින්දික..."
මම අල්ලගෙන හිටිය ඉන්දිගේ අත තදින් මිරිකුණා....
" අයි මින්දික ඔයා අඩන්නේ.... අඩන්න එපා ළමයෝ මාව ඉක්මණට සනීප වේවී... මේ බලන්නකෝ අම්මේ ලොකු බබෙක් අඩන හැටි..."
"ඉන්දි... ඩොක්ටර්ස්ලා ඔයාගේ ගර්භාෂය අයින් කරලා..."
ඉන්දිගේ හිනාව නැවතිලා මූණ අදුරු උනේ එකම මොහොතේ...
"මොකක්ද... ගර්භා...,"
"ඔව් ඉන්දි... මට සමාවෙන්න ඉන්දි..."
"මට ඒ කියන්නෙ ජීවිතේට අම්මා කෙනෙක් වෙන්න බැරි ද මින්දික... ජීවිතේටම...? කියන්න මින්දික, අනේ කියන්නකො...."
එදා අපි දෙන්නට උදව් කරන්න තිස් තුන් කෝටියෙන් එක්කෙනෙක් වත් අපේ ගාව හිටියේ නැහැ. අපි අපේ දුක කදුලු ගංගාවක දිය කරලා ඇරියා. මුලු වෝඩ් එකම අපි දෙන්නා දිහා බලන් උන්නා....

උපන්දින තෑග්ග…
මචං බිනියා…ඔව් කියපන්. මචං මං ගැන මුකුත් අවුලක් ගන්න එපා මේක
කිව්වට. උඹ මගේ ෆිට් එක හින්දා කියන්නෙ…නෑ නෑ බං එහෙම අවුලක් නෑ,
කියපන්…මං අද උඹේ ගෑනි වෙන එකෙක් එක්ක යනවා දැක්කා බං බයික් එකක…මේ
සිද්ධිය බිනිත්ගේ කන වැටුනු පළමු අවස්ථාව මෙය නොවීය. එනමුත් පූර්ණගේ
කතාවෙන් මොහොතක් ගොළු වූ බිනිත්ගේ නලළ දහඩියෙන් තෙත් වී තිබින. නෑ…නෑ…මේ…මේ…එයගේ
අයියා වෙන්නැති බං…අද කොහෙද යන්න ඕන කිව්වා…මට වැඩ හින්දා මං කිව්වා
අයියත් එක්ක යන්න කියලා…ආහ් අයියනම් අවුලක් නෑ…අපේ යුතුකමනේ ඕවා කියන එක…යැයි
පවසා පූර්ණ තම කැබින් එකෙන් පිටව යන අයුරු බිනිත් බලා සිටියේ කිසිඳු අමුතු
දෙයක් සිදු නොවුනු විලසිනි. එහෙත් ඔහුගෙ හිතේ තිබූ වේදනාකාරී අදහස් නිසාම
ඔහුට කිසිඳු වැඩක් කිරීමට හිත දුන්නේ නැත. එනිසාම ඔහු එදින වේලාසනින්
කාර්‍යාලයෙන් පිටව ගොස් තිබින. වෙනත් පිරිමි ප්‍රශ්නයකදී පිලිතුරු සොයා යන
බාර් එක බිනිත් ගේ ප්‍රශ්න වලටනම් විසඳුම නොවීය. කුඩා කළ සිට ආගම දහමට
ලැදිව උස් මහත් වුන බිනිත් එදිනද ගියේ පංසලටය. වෙනත් ප්‍රශ්නයක් ආ විට
පංසලේ ලොකු හාමුදුරුවන්ගෙන් අනුශාසනා ලබා ගන්නා බිනිත් මේ ප්‍රශ්නය පිලිබඳ
කිසිවෙකුටත් නොපැවසූයේ තම බිරිඳ ගැන ඒ අය වපැරසින් බලාවියැයි ඇති බිය
නිසාමය. පංසල් ගොස් ගෙදර යන විට සපුමලී වඩාත්ම කැමති බූන්දි ගෙන යාමටද ඔහු
අමතක කලේ නැත. කිසිඳු වෙනස් කමක් නොදක්වමින් බිනිත් හැසිරුනේ වෙනදාටත් වඩා
ඇයට ආදරෙන් කතා කරමිනි. ඇයද පෙර සේම ඔහු සමග හැසිරුනේ මොකුත් නොවුන ගානටය.
එයද බිනිත් හට වේදනා ගෙන දෙන්නක් විය මන්දයත් ඇය මේ කරන්නේ රඟපෑමක් බව ඔහු
ඇයටත් වඩා හොඳින් දන්නා නිසාය. කෙතරම් ආදරෙන් සැලකූවත් ඇය අගේ සතුටනම් අත්
හරින පාටක් පෙනෙන්නටවත් තිබුනේ නැත. ඒ දිනෙන් දිනම බිනිත්ට මේ ගැන විවිධ
කථා කන ගැටුන හෙයිනි. කාර්‍යාලේ ඕපා දූපා කතා වෙන ගැහණුන්ගේද ප්‍රධාන
මතෘකාව වී ඇත්තේ බිනිත්ගේ බිරිඳ හා සාරංගනම් මේ තරුණයා සමග එලිපිට නටනා
මගුල් නාටකය ය. ඉවසාම හෙම්බත්ව සිටි බිනිත්ට ඉවසීම ඇරෙන්න තවත් කරන්න දෙයක්
තිබුනේ නැත. ඒ සපුමලීගේ සතුට වෙනුවෙනි. දිනෙන් දින ගත විය සපුමලී ඇගේ
චරිතය ඉතා හොඳින් රඟන්නට වූයේ කිසිඳු සැකයක් මතු නොවන ලෙසය. මේ කිසිත්
නොදන්නා කෙනෙක් මේ යුවල දෙස පිටින් බලා නිගමනය කරන්නේනම් මේ ඉන්නෙ ලොකේ ඉන්න හොඳම කපල්ස් වලින් එකක් යැයි පවසනවා නොඅනුමානය.
සපුමලීගේ උපන්දිනය ලං විය. උපන්දිනයට පෙර දින බිනිත් සපුමලීට පැවසුවේ තමාට හෙට වැදගත් වැඩක් ඇති හෙයින් හෙට ඔෆීස් යෑම අනිවාර්‍ය බවයි. ඒ එවැනි වැඩක් ඇති නිසාම නොව සපුමලීට අමතක නොවන දිනයක් වන හෙට දිනද සාරංග සමග ගත කිරීම ඈ වඩාත් සතුටු වේ යැයි සිතු නිසාය. පහුගිය අවුරුදු කීපයම එකට සතුටින් සැමරූ සපුමලීගේ උපන් දිනය බිනිත්ටද අති විෂේශ දිනයක විය. මේ ඇයව හමු වූ පසු බිනිත් නොමැතිව ගෙවෙන පළමු උපන්දිනය විය. සපුමලීද බිනිත්ව නවත්වා ගැනීමට උත්සහ කලේ නැත. ඒ වෙනුවට ඇය කලේ දෙවියන්ට ස්තූති කිරීමය.
උපන්දින දා උදා විය. සපුමලී ඇස් අරින්නටත් මත්තෙන් නැගිට බිනිත් විසින් කිරිබතක් පිළියෙල කළහ.ඒ කළ ඔහු නොකියාම කාර්‍යාලයට පිටත්ව ගියේය. ටිකක් දහවල් වන විට කවුදෝ ගේට්ටුවට හයියෙන් තඩි බාන ශබ්දය ඇසී සපුමලී එහි ගොසින් ගේට්ටුව විවර කළාය. නාවර පෙරා ගත් හඩු ගැසුනු අවුරුදු දහයක දොලහක පමණ කොලු ගැටයෙක් සිට ගෙන සිටී. ඔහු අත තරමක් විශාල පාර්සලයක් හා ලියුම් කඩදහියක්ද වෙයි. ඒ සියල්ල සැනෙකින් සපුමලී අතට පත් කල කොළුවා ක්ෂණයෙන් නොපෙනී යන්නට විය. කිසිත් සිත ගත නොහැකිව සිටි සපුමලී ලියුම් කඩදහිය විවෘත කර බැලීය. එහි මෙසේ සඳහන් විය.
“ආදරණීය සපුමලී, ඔයාගේ සතුටට මම බාධා කරන්නේ නෑ…මේක තම්යි මට දෙන්න පුළුවන් හොඳම තෑග්ග ඔයාට….ඔයා සාරංගත් එක්ක බයික් එකේ යද්දි මේක අරගෙන යන්න…හැමදාම සතුටින් ඉන්න…මීට හැමදාම ඔයාට පණ වගේ ආදරේ කරන බිනිත්…”
මෙතෙක් කල් බිනිත් සියල්ල දැන තමා සමග ජීවත් වූවා යැයි දැනගත් නිසාම සපුමලීගේ කොඳු නාරටිය පණ නැති වී මුළු ඇඟම අප්‍රානික විය. ඇය උද්‍යානය අලංකරණය සඳහා තබා තිබූ බංකුව මත වාඩි වීම පාර්සලය ලිහන්නට විය. එහි තිබුනේ සම්පූර්ණයෙන් ආවරනය කරන ලද හෙල්මට් එකකි.

දෑස ගොළු වී…
තාරා ඔයා යන්නේ නැද්ද?…මේ තාත්තිට හොඳටම පරක්කුයිලු…හැමදාමත් වගේ නයනතාරගේ මව තාරාගේ ගමන් ඉක්මන් කිරීමට කෑ ගැසුවාය.මේ එනවා අම්මා….
හරි තාත්තී යමු. අම්මා යනවා බායි…
ඔවුන් දෙදෙනා ගේට්ටුවෙන් නික්ම යන තුරු බලා සිටි මව වාහනය නොපෙනී ගියාට පසු ගේතුලට ගියාය.
දුව ඔයාට බ්‍රෙක්ෆස්ට් ගන්න කොහෙන්ද නවත්තන ඕන…නුගේගොඩ කිට්ටු වනවා සමගම තාරගේ පියාගේ හඬ අවධි විය.
ආහ් තාත්ති ඔය පෙරේරා ඇන්ඩ් සන්ස් එක ගාවින් නවත්තන්නකෝ මම මොනවා හරි අරන් එන්නම්…
ආ සල්ලි, ඕන නෑ තාත්ති මා ගාව තියෙනවා…
ආපණය තුලට ගොඩ වැදුනු නයනතාරා හැම් සහ එලවළු පුරවන ලද විශාල ප්‍රමානයේ සැන්ඩ්විච් දෙකක් මිලට ගෙන නැවතත් වාහනයට පැමිණියාය.
නුගේගොඩ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිඝනක ජාල කරනය පිළිබඳ උපාදිය හදාරන නයනතාරා එහි පළමු වසරේ සිසුවියක් විය. සරසවියට ඇතුළු වී කෙටි කලක් වූවත් එහි සිටි සියළු දෙනාගේම පාහේ මතකයේ තාරාගේ රුව සටහන් වී තිබින. මන්දයත් ඒ දුටුවන් සිත වශී කරනා රූපයකින් හෙබි වීමත්, තම රූපය ගැන ආඩම්බර නොවී සිටීමත් නිසාය. නිහඬ චරිතයක් වූ තාරාට කිසිවෙකුගෙන් අපහසුවක් හෝ කරදරයක් නොවීය.
තම පියාට සමුදීමෙන් පසුව වේලාව බැලූ ඇය තවත් මිනිත්තු හතලිහක් පමණ තම දේශනයට ඇති හෙයින් තම උදේ අහාරය ගැනීමට කැන්ටිම වෙත පිය මැනීය. අතුරු සිදුරු නැතිව පිරී ගිය කැන්ටිමේ හිස් උන එකම එක අසුනක් ඈත කෙරෙවරක තිබෙනු තාරාගේ නෙත් ගැටින. වහා වහා ඒ වෙත ගිය ඇය එහි වාඩි වී තම ජංගම දුරකථනයට ලැබී තිබූ පණිවිඩයකට පිළිතුරු සැපයීය. තමා අසල සිටින කෙනා තමා දෙස බලා සිටිනවා යැයි ඇයට හැඟුන නිසාවෙන් ඇය ඔහු දෙස බලා මද සිනහවක් පෑවාය.
ඒ දිලීප විය. තාරා මොහුව නොහඳුනන නමුත් මීට පෙර දෙතුන් වතාවක්ම ඔහුව දැක ඇත. අඩි හයයි අඟල් තුනක් පමණ උසකින් යුක්ත වූ දිලීප ද අන් අය අතරේ කැපී පෙනෙන චරිතයක් විය. ඒ ඔහුට හිමිව තිබූ අසාමාන්‍ය උසත් සිත් ඇදගන්නා සුළු පෙනුමත් නිසාවෙනි. බෝහෝ දෙනෙක් දන්නා නමුත් තාරා විසින් නොදන්නා තවත් එක් කාරණයක් දිලීප හා බැඳී පවතී. එනම් ඔහු ගොළු වීමයි. උපතින්ම ගොළු නොවූ දිලීපට අවුරුදු දාසයේදී පමණ දරුනු ලෙස වැලඳුනු අඩප්පර රෝගයෙන් ඔහුව ගලවා ගැනීමට දොස්තරවරුන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය. එම රෝගය සුව වූවත් ඔහු සදාකාලික ගොළු භාවයට පත්විය. සිදුවුන කිසිම දේකින් පසුතැවිළි නොවූ දිලීප තම අධ්‍යන කටයුතු ඉතා හොඳින් සිදු කරගෙන ගියේ අන් අයටද තරඟයක් වෙමිනි.
නැවතත් තාරා තමා නියුතු කාර්‍යයේම යෙදෙන්නට විය. දිලීපද ඔහු කියවමින් සිටි පත්තරයට නෙත් යොමාගෙන සිටී. උදේ අහාරය මතක් වූ තාරාට අත් සේදීමට අවශ්‍යව වූ හෙයින් අසුන නැති වේයැයි බිය නිසාම තම අත් බෑගය එහි තබා යන්නට විය. ආපසු හැරුනු තාරා දිලීපට තට්ටු කර,
මම අත් සෝදගෙන එන්නම් කාටවත් වාඩි වෙන්න දෙන්න එපා…හොඳේ…යැයි පැවසූවාය.
සිනහමුසු මුහුනින් ඔලුව වැනූ දිලීප ඇයගේ අත් බෑගය දෙස බලා නැවතත් ඇය දෙස බලා සිනාසීය. සිනාසී පිළිගන්නවා ඇරෙන්නට ඔහුට වචනයකින් ඇයට සංග්‍රහ කිරීමට හැකියාවක් නැති බව තාරා නොදනී. විනාඩි කිහිපයකින් පසු නැවත පැමිණි ඇයට දක්නට ලැබුනේ ඇය බලාපොරොත්තු නොවූ දසුනකි. ඒ දිලීප විසින් සැන්ඩ්විච් දෙකෙන් එකක් අනුභව කරමින් සිටීමයි. පෙරේරා ඇන්ඩ් සන්ස් සළකුන සහිත කවරයද පසෙකින් වේ.
තාරාගේ ඔලුවට විවිද අදහස් එකින් එක ගලා එයි. සමහර විට මෙයාට කන්න දෙයක් ගන සල්ලි නැතුව ඇති…නැත්තම් මෙයත් එක හිනා වුන හින්දා මාව බයිට් එකට ගන්න වෙන්න ඇති…මේ හොරෙක් ද?…අනේ මන්දා කමක් නෑ කන දෙයක්නෙ සමහර විට මම වාඩි උනහම මට කියයි විස්තරේ…මම මොකුත් කියන්නෙ නෑ.
තාරා එසේ සිතා ඔහුගේ ඇඟේ වදිමින්ම ඇගේ අසුනෙහි අසුන් ගත්හ. තාරා දෙස බලා සිනහවක් පෑ දිලීප නැවතත් සැන්ඩ්විච් එක අනුභව කරන්නට විය. තත්පර කිහිපයක් ගත වූවත් දිලීප මේ ගැන කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීය. ඇය තුල කැකෑරෙමින් තිබුනු කෝපය තවතවත් ඉස්ස්මතු වෙන්නට විය. ඔහුට පෙනෙන්නට තම බෑගය ඇවිස්සීය. මොනවාදෝ මුමුණමින් ඇය වේගයෙන් එම කාර්‍යයෙහි යෙදෙන්නට විය. ටික වේලාවක් ඒ දෙස බලා සිටි දිලීප ඒ වන විට අනුභව කරමින් සිටි දෙවැනි සැන්ඩ්විච් එකෙන් තම මුඛ ස්පර්ශ කරන ලද කොටස කඩා දමා ඇය වෙත සිනහමුසු මුහුණින් පිළිගැන්වීය. බැමි බිඳිමින් ඈ තුළ වූ කෝපය එළියට එන්නට විය. ඉන්නේ කොතැනද කොහේද මේ සියල්ලම අමතක විය.
තමුසෙට ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් තියෙනවද හලෝ….
මුළු කැන්ටිමම නිහඬ විය සියල්ලන්ම් සිදු වන්නේ කුමක් දැයි දෑස් යොමා බලා සිටී. ඒ හැමටමත් වඩා දෑස් ලොකු කර දිලීප තාරා දෙස බලා හිඳී. තමා අතින් සිදු වූයේ වැරද්දක්දැයි සැක හැර දැන ගැනීමට ඔහු නැවතත් තමා දිගු කළ සැන්ඩ්විච් කැබැල්ල දෙස බැලීය.
කන්න නැත්තම් ඉල්ලගෙන කනවා ඕයි…හොරකම් කරන්නේ…
තාරාගේ දැසේ මෙන්ම දිලීපගේ දෑසේද කඳුළු පිරී ඇත. තාරා කඳුළු සළමින් නොනාත්වාම දිලීපට අවඤා සහගත ලෙස බැන වදී. දිලීපද කිසිත් කරගත නොහැකිව ඇය දෙස බලා සිටී. ඉවසා සිටි දිලීප හස්ත භාෂාවෙන් යමක් පැහැදිළි කිරීමට ගියත්…එයද තමාට කොලොප්පන් කරනවා යැයි සිතූ තාරා දිලීපට පහරක් ගසන්නට අත එසවීය, එවැන්න්නක් කිරීමට ඇයට ශක්තියක් නොවූ මුත් ඒ මොහොතෙහි ඈ තුල තිබුනු ආවේගය එවැන්නක් කළත් පුදුම නොවිය යුක්තකි. සිදුවන්නේ කුමක්දැයි සිතාගත නිහැකිව සියළු දෙනා බලා සිටී…
හොරෙන් කාලා මෙතන ගොළුවා වගේ ඉන්න හැටි විතරක්….චික්
තාරාගේ ඒ පද ටිකට දිලීප සිර කරගෙන සිටි කඳුළු කඩා හැලෙන්නට විය. පෙනුමෙන් උස මහත වූවත් ලාමක හිතක් ඇත් දිලීපට එය තවත් දරාගත නොහැකි විය. තාරා ඇගේ අත් බෑගය ගෙන බලා සිටි සෙනග අතරින් කඩා බිඳගෙන යන්නට වූයේ නොනවත්වමින්ම මොනවාදෝ මුමුණමිනි…සියළු දෙනා දිලීප දෙස බලා සිටී. ඔවුන්ට මුහුණ දීමට ඔහුට ශක්තියක් නැත. බිම බලා ගත් දෑසින් යුතුව ඔහු තම අසුනේ වාඩි වීය…
රතු වූ මුහුනින් යුතුව තාරා කැන්ටිමෙන් එලියට පැමිණියාය. ඇයගේ පපුව වේගයෙන් ඉහළ පහළ යයි. ඒ මොහොතෙහිම ඇගේ දුරකථනය නාද වන්නට විය, ඇමතුම පියාගෙනි.
ඇයි?…
ආහ් දුවා ඔයාගේ කෑම එක කාර් එකේ දාලා ගිහින්…අදට කැන්ටිමෙන් කන්න…

ආදරණීය ආදරය......
පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට
දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා
තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ
සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න
පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..
ටික වෙලාවකින් ජෙට් එකක් ඇවිත් නැවැත්තුව.. අප්පා, මේ මොඩිෆයි කරපු කාර් එකක්නේ..කාර් එකේ ඉස්සරහ හිටපු ගෑණු ළමයව දැකල මට ඉක්කාව හැදුන.ඒ තරම් ලස්සනයි.ඒ ගමන්ම මං අනිත් සීට් එකත් බැළුව.මගේ ඉක්කාව නැවතුනා.ඇයි අනේ දෙවියොත් පණුවොන්ටම හොඳ පළතුරු දෙන්නෙ ? බිම ඉඳන් කෙල ගිලින අපිටත් හොඳ ගෙඩියක් ඉඳල හිටලවත් දෙන්න බැරිද ?
කොල්ල එලියට බැස්ස..පණුව කිව්වට අමීර් ඛාන් වගේ ලුක් එක..කෙල්ලටම මැච් වෙනව..ඒත් ඉරිසියාව හිතේ තියෙද්දි අමීර් ඛානුත් පණුවො වෙලා ගස් ගෙම්බො පණුවො වගේ පේනවලුනෙ..
කොල්ල පොර වගේ අනිත් දොර ඇරල අත් දෙකෙන්ම කෙල්ලව උස්සල ගත්ත.ඒ පාර නම් මම ෆෝන් එක අරන් කටේ දාගත්ත.යකෝ ෆිල්ම් එකක් වත් ෂූට් කරනවද.මම වටපිට බැළුව මගේ මූණත් පොඩි කෑල්ලකට හරි දා ගන්න..නෑනෙ..මොකක්ද මුන් මේ නටන්න හදන නාඩගම ??
කොල්ල කෙල්ලව උස්සන් ඇවිත් බංකුවක් උඩින් තිබ්බ.කෙල්ලගෙ මූණ නම් රතු වෙලා.කොල්ල නම් ආතල් එකට හිනා වෙනව..වටේ හිටපු හැමෝම උන් දෙන්නගෙ ගුණ කියනව හිමින් හෙමින්.මටත් වෙන වැඩක් නැති එකේ ඒ දිහා බලං හිටිය.
කොල්ල ගිහින් අයිස් ක්‍රීම් එකක් කෙනත් දෙන්නම බාගෙ බාගෙ කෑව.පවු දෙකක් ගන්න සල්ලි නැතුව ඇති..පැය බාගයක් විතර ඉඳල ආපහු කොල්ල කෙල්ලව වඩා ගන්න හැදුව.
ඒ පාර නම් එතන හිටපු මැදි වයසෙ කට හැකර ගෑණු කෙනෙක් ගේමට බැස්ස.
මුන්ට ලැජ්ජාවක් නැති හැටි,අම්මප..මගුල් විසේ ගහල නම් වෙන කොහෙට හරි පලයල්ල.මේතනට පොඩි උන් එනව පේන්නෙ නැද්ද ? මල සමයං
කොල්ලගෙ මූණ රතු උනා.කෙල්ලගෙ ලස්සන ඇස් වලින් කඳුළු බේරෙනව.කෙල්ල අඬ අඬාම කොල්ලට මොකක්ද කිව්ව.කොල්ල එහෙමම කිසි කතාවක් නැතුව කාර් එක ගාවට ගිහින් ඩිකිය ඇරල මොකක්ද අරන් ආව..දෙයියනේ, රෝද පුටුවක්..:O
කෙල්ල බොහොම අමාරුවෙන් කොල්ලගෙ අතේ එල්ලිල රෝද පුටුවෙ වාඩි උනා..හැමෝම කටවල් ඇරන් බලං හිටිය.කාර් එක තිබුනෙ මම හිටපු තැනමයි.කෙල්ලව වාඩි කරවල කොල්ල ආපහු රෝද පුටුව ඩිකියට දාන ගමන් මාත් එක්ක කතා කරා,
මල්ලි මේ මගේ ගර්ල්,මෙයා ගොඩක් දුප්පත්.බොහොම මහන්සියෙන් ඉගෙන ගත්තා.අපි හම්බ උනේ කැම්පස් එකේදි.එයා ගොඩක් දක්ෂ නිසා ජපානෙට ශිෂ්‍යත්වයක් ලැබුනා.ඒත් එයාට අනතුරක් වෙලා ආපහු ආවෙ කකුල් දෙකම පණ නැතුවඒයා ගොඩක් අකමැති උනා මං එයාව බාර ගන්නවට.ඒත් මල්ලි එයාගෙ කකුල් පණ නැති උනාට මගේ ආදරේට පණ තියෙනව.මට පණ තියෙනකම් මම එයාව බලා ගන්නව.ලබන මාසෙ අපි බඳිනව.පෝරුවට නගින්න බැරි උනත් මම කිසි අඩුවක් කරන්නෑ මගෙ රත්තරං කෙල්ලටමිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්,මට ඒව අදාල නෑ..අපි යනව මල්ලි
මං කටත් ඇරන් අහන් ඉද්දි එයා එක හුස්මට කියවන් ගියා..
-හරි,බුදු සරණයි අයියෙ
මට දෙවියන්ගෙන් අහන්න තව දෙයක් තියෙනව, කවුද වැරදි?

පැණිවළලු
කළු පාට රැළි කරපු තිර රෙදිවලින් වට වෙච්ච සීතල දේශන
ශාලාවේ බොකු ගැහිච්ච කහ පාට ෆයිබර් පුටුවල ළමයි පේළි පේළි වාඩිවෙලා ඉන්නව.
සීලිමෙන් විහිදෙන රිදී පාට විදුලි එළියට හැමදේම සැරට බබළනව. හරියටම ඒ
ගොල්ලො ඉස්සරහින් හිටගත්තම මට ඉස්සරහින් වම් පැත්තෙ අඩි තුන හතරක් ඈතින්
දෙවැනි පේළියේ තුන්වැනි පුටුවෙ එයා වාඩිවෙලා මං දිහා බලන් ඉන්නව.
ලොකු රැුළි තියෙන කළු පාට කොණ්ඩෙ ලාවට දෙපැත්තට බෙදල බුරුලට මිටියක් වෙන්න බැඳල ඒ මිටිය ඉස්සරහට අරන් උස පපුව උඩින් තියාගෙන ඉන්නව. හිතුවක්කාරෙට වගේ එහෙට මෙහෙට හැරිච්ච රැුළි තියෙන කොණ්ඩෙ දිගේ රිදී පාට ලයිට් එළිය බේරෙනව. දුන්නක් වගේ රවුමට හදාපු ඇහි බැමට යටින් ඉහළට ඉස්සුණු කළු පාට ලොකු ඇහි පිහාටු පොඞ්ඩක්වත් හොලවන්නෙ නැතුව දිලිසෙන ලොකු රවුම් ඇස් මගෙ දිහාට හරෝගෙන එක එල්ලේ බලන් ඉන්නව. ඒක ඉවසන්න බැරුව ඒ ඇස්වලින් මගෙ ඇස් අයින් කර ගන්නව.
පිළිම හදන කෙනකුටවත් අඹන්න බැරි තරම් මොළකැටි නහය යටින් හරියටම විතරන් කාරයෙක් නියම කරන තැන රෝස පාට නාරම්බික් වගේ තොල් පෙතිත් ඊටත් යටින් හරියටම නියම තැනින් වක් වෙලා දෙකට බෙදෙන නිකටත් නැවෙන තැන් හොයන්න බැරි තරම් සියුමැලි විධියට ගිහිං කන් පෙතිවලට හේත්තු වෙනව. ගිනි අව්වට දිලිසෙන මූදු වතුරෙ කොළ පාට මැද රතුයි කහයි ලොකු මල් වැටිච්ච අත් නැති ගවුම පිරිච්ච පපුවත් හීනි ඉඟත් නැඹත් පුළුල් උකුලත් නිතඹත් හැඩ දාර බේරිලා පේන්න ඇෙඟ් ගානට කිටි කිටියේ හිර වෙලා ඉන්නව. ඒ හින්දම හිර වෙච්ච ලැම හුස්ම ගන්නකොට උස් පාත් වෙන හැටි ඈතටත් පේනව. ඇත් දළ පාට පිරිච්ච මූණත් වාත්තු කරා වගේ රවුම් බෙල්ලත් අත් ගොබත් ලයිට් එළියට තවත් දිස්නෙට පේනව. ඇහැට ඇහැ හම්බු වෙච්චි ගමන් විදුලි කොටනව වගේ වෙනව. මං බිම බලා ගන්නව. එයා වාඩි වෙලා ඉන්න ගමන් හිර වෙලා ඉහළට ඉස්සුණු ගවුම වම් අතින් පහළට ඇදල පිරුණු දෙකලව වහගෙන පුටු ඇන්ද උඩ තියෙන සටහන් කොළ දිහා බලා ගන්නව. එයා අංජුලා. මං දේශනය පටන් ගන්නව.
විශ්වවිද්යාගලෙ අන්තිම අවුරුද්දෙ ඉගෙන ගන්න ළමයි ස්වාධීන පර්යේෂණ නිබන්ධයක් හැටියට පොතක් ලියන්න ඕනෑ. ඒකට හරියන අලූත් මාතෘකාවක් හොයා ගන්න හුඟ දෙනෙකුට බෑ. හුඟ දෙනෙකුට අපිටම මාතෘකා හොයල දෙන්න වෙනව. අංජුලා මාව හම්බුවෙන්න ආවා.
”මං කැමැතියි බොබ් මාලේගේ රෙගේ සංගීතයත් එයාගෙ රස්තා දහමත් ලංකාවට බලපාල තියෙන හැටි කරන්න” මට පුදුම හිතුණ. ඒක අලූත් පැත්තක්. ඒත් මේ වගේ ගෑනු ළමයකුට ඒක කරන්න පුළුවන් වෙයිද? රස්තා දහමත් ඒක අදහන අයත් අමුතුයි. ඒ වගේ අය ගැන හොයන්න යන්න නිර්භීතකමකුත් ඕනෑ” මං එයාට කියනව.
”නෑ මට පුළුවන්” එයා කියනව. හැඩකාර ඇඟ ඇතුලේ හයිය හිතක් තියෙනව කියල මට හිතෙනව. මං හිනාවෙලා එයා දිරිමත් කරනව. එළියෙ පුපුරු ගහන අව්වට රත්වෙච්ච වාතය කාමර ඇතුළෙ තෙරපෙන දවාලවල, ගස් මුදුන්වලට ගිරව් එකතු වෙන හැන්දෑවල සැරින් සැරේ ඇවිත් රස්තා දහම අදහන අය ගැන එයා හොයාගත්තු දේවල් මට හති ඇර ඇර කියනව. ඔහොම ඔහොම අවුරුද්දක් ගෙවිල යනව.
අවුරුදු හතරක් ඉඳල යන අයට සමුදෙන සාදය තියෙන සරසවියෙ සුන්දරම රාතිරුරුයේ පාට පාට දහස් ගණන් නිවෙන පත්තු වෙන ලයිට් එළියට රනින් රිදීයෙන් දිලිසෙන සාරි ගවුම් ඇඳල අඩි උස සපත්තු දාල කොණ්ඩ හදල මාල වළලූ පුරෝගෙන කැකිරි හිනා වගුරන සුරංගනාවියො රංචු මැද එයත් රැුජිනක් වගේ ඉන්නව. සුදු මේස රෙදි දාල රතු රෝස මල් පොකුරු මැද තියපු රවුම් මේසෙ වටේ එයා ඇත් දළ පාට ඇඟ පේන දැලක් වගේ රිදී පෙති අල්ලපු සාරියක් රිදී තනපට හැට්ටෙට ඇඳල දියමන්ති කැට පේළි පේළි තියෙන මාලය බෙල්ලට තද වෙන්න බැඳල කොණ්ඩෙ මුදුන් කරල සුදු රෝස මල් පොකුරක් ගහල වාඩිවෙලා ඉන්නව. මූණට ඇලෙන්න තීරු තීරු තියන යට රැුවුලත් පැත්තට පීරපු කළු කොණ්ඩෙත් තියෙන ඇත් දළ පාටම උස මහත හින්දි නළුවෙක් වගේ කෙනෙක් රිදී පාට ඉරි ඉරි තියෙන අත් දිග කමිසෙ දිලිසෙන කළු කලිසමට යට කරල ඉස්සරහ දිගට තියෙන දිලිසෙන කළු සපත්තු දාල එයා ළඟින්ම වාඩිවෙලා හිටිය. ඒ එයාගෙ බෝයි ෆ්රෙදන්ඞ්. ඒ දෙන්න රෝමියෝ ජුලියට් කියල මට හිතුණ. ? වෙලා සංගීතෙ වැඩිවෙලා හැමෝගෙම හිතෙත් ඇෙඟත් දාංගලේ වැඩි වෙනකොට මං එළියට ආව. සරුංගල් කාලෙ හන්ද හුළඟ තදට තිබුණ.
සීතල උඳුවප් මාසෙ උපාධි පරල් දානෝත්සවයේදී එයා ලෝගුව දාල ගිහිං උපාධිය ගත්ත. ඊට පස්සෙ දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, පෝය ගෙවිල ගියා. ඇසළ මාසේ කැකෑරෙන මද්දහනක දුඹුරු පාට පරණ ටීෂර්ට් එකකුත් කිලූටු ඩෙනිම් කලිසමකුත් ඇඳල සෙරෙප්පු දාපු කොණ්ඩෙ අවුල් වෙච්ච රැුවුලවත් හරියට නොකපපු උස මහත කෙනෙක් මාව හොයාගෙන ආව. ඇඟ දිගේ දාඩිය ගලන එයාගෙ මූණෙ හිඟන්නෙකුගෙ වගේ අසරණකමක් තිබුණ. මං ටික වෙලාවකින් අඳුනගත්ත. ඒ මං එදා දැකපු රෝමියෝ. එයා කතා කළා.
”සර් අංජුලාට අසනීපයි. එයාට පිළිකාවක්. බේරගන්න බැරි වෙයි. එයා දැන් ජීවිතේ අන්තිම හරියෙ ඉන්නෙ. සැරින් සැරේ එයා ආස කරන දේවල් ඉල්ලනවා. අපි හැමදේම ගෙනත් දෙනවා. රස්තා දහම ගැන උපාධියට ලියපු පොත ආයෙමත් බලන්න ආසයි කියල එයා කියනවා. එයා ගාව කොපියක්වත් නෑ. අනේ පුළුවන් නං මෙහෙ තියෙන පොත දෙන්න. එයාට පෙන්නල ආපහු ගෙනත් දෙන්නම්” මගෙ ඇඟ ගිනියම් වෙලා දියවෙලා කකුල් දෙක පාමුල වැක්කෙරෙනව වගේ දැනුණ. එක පෑන් පාරින් අනුමත කරල මං ඒ පොත ආපහු දුන්න.
පහුවෙනිදා එයාට විස බීජ යයි කියල බයට වතුර නාල අලූත් ඇඳුමක් ඇඳන් මං එයා බලන්න ගියා. කැකෑරෙන ගිනි ගහන මද්දහනෙ මරණය පතාගෙන ඉන්න නෑයො බලන්න ඉවක් බවක් නැතුව දුවන සෙනඟ පීරගෙන මං හොයාගෙන හොයාගෙන ගියා. අන්තිමට වීදුරු කූඩුවක සුදු පාට ඇ`දක සුදුපාට අත් නැති නයිටියක් ඇඳන් හිසේ කෙස් ගහක්වත් නැතුව එයා වාඩිවෙලා හිටියා. ඒත් ඒ දෑස් එකපාරටම මාව දැකල එදා වගේම දිලිසුනා. නාරම්බික් වගේ තොල් පෙති දම් පාටට හැරිල තිබුණ. පියයුරක ලොකු රතු පැල්ලමක් තිබුණ. සේලයින්, ඉන්ජෙක්ෂන්, ලේ ගන්න කටු ගහලම අත් ඉදිමිල තිබුණ. ඉස්පිරිතාලෙදි වින්ද වේදනාව ඔක්කොම කියල අන්තිමට ”දැන් මට හොඳයි. ගෙදර ගිහිං සිංහල බේත් කරනව” කියල එයා කියනව. ඇස්වල අලූත් බලාපොරොත්තු නළියනව.
”මං ඔළුවට අත තිබ්බට කමක් නැද්ද’’ මං අහනව. ”කමක් නෑ සර්” එයා කියනව. මං එයාගෙ හිස් මුදුනට අත තිබ්බ. ”ඔයාට සනීප වෙයි බයවෙන්න එපා” මං කියනව. මගේ අතින් ගින්දර පිටවෙනව වගේ මට දැනෙනව. මං එහෙම ගොඩක් වෙලා හිටිය. එයත් පුරු පුරු ගාන පූස් පැටියෙක් වගේ කරබාගෙන හිටිය. ලෙඩ වෙලා ඉන්දැද්දි එයා බලන්න ඉස්පිරිතාලෙට එන්න නෑයෙකුටවත් යාළුවෙකුටවත් ඉඩ දීල තිබුණෙ නෑ. ටික වෙලාවකින් අක්ක ආව. තාත්තත් ආව. එයාගෙ බෝයි ෆ්රෙවන්ඩුත් ආව. මං ආපහු එන්න ආව.
ඇසළ මාසෙ ඉවර වෙලා හුළං අල්ලන නිකිනි මාසෙ ආව. රූපවාහිනියෙ විමුක්තිගෙ මහත්තයගෙ අයියගෙ මළ ගෙදර වාද්දුවේ. වැඩ හන්දා ? වෙලා එහෙ යන්න හිතුවත් ? පානෙ තනියම යන්න එපා කියල මගෙ හිත කිව්ව. අන්තිමට ධර්මෙත් අඬගහගෙන පානදුර හිරණ පැත්තෙන් ගියා. ගෙවල් දොරවල් හිඟ අහීමාන පාළු පැත්තක්. වාහනේ ඉස්සරහ රෝදෙන් මහ සද්දයක් ආව. අයින් කරල බලද්දි රෝදෙක පැත්තකින් දෙපොළක්ම කැපිල ගිහිං තිබුණ. මං වෙලාව බැලූව ? 8 යි. අපි ලයිට් එළියක් තියෙන හරියක් බලල අයින් කරල හදාගන්න බැලූව. ධර්මෙ රෝද මාරු කරනකම් මං කරුවල ගඟ දිහා බලාගෙන හිටිය. ගඟ දිගේ එන හුළඟ ඇෙඟ් එතෙද්දි මට එයා මතක් උනා. එයා ඉන්නෙත් මේ ළඟ. දැන් සනීප ඇති කියලත් හිතුණ. අපි වාහනේ හදාගෙන මළ ගෙදරත් ගිහිං ආපහු මහ ? එද්දි මට ඔැංඑ පණිවුඩයක් ආවා. ඒකෙ මෙහෙම තිබුණ. ”අංජුලා අද ? 8 ට නැති වෙලා. සර්ට කියන්නම කියල එයාගෙ අක්කා කිව්ව.”
එයා මිහිදන් කරන දා පිනි වේලෙන්නත් කලින් මං එයාගෙ ගෙදරට ගියා. ගාලූ පාරෙ ඉඳන් ගෙදෙට්ට යනකම් හැම පාරකම රෝස පාට සාටකෙත් එක්ක කළුපාට ලෝගුව දාල ගත්ත එයාගෙ උපාධි පිංතූරෙ දාපු දැන්වීම් අලෝල තිබුණ. අමුත්තො කවුරුවත්ම හිටියෙ නෑ. එකම එක පාරක් මිනිත්තුවක් විතරක් දැකල හිටි තාත්ත මාව අඳුනගත්ත.
ටකරං තහඩු මඩුත් හිස් ප්ලාස්ටික් පුටු සිය ගාණකුත් උත්සවේට ලෑස්ති වෙලා පුංචි ගේ පොඞ්ඩ දිහා බලන් හිටිය. සාලෙ දිලිසෙන සුමුදු සැටින් රැුළි මැද සුදුපාට මනමාලි ගවුමක් ඇඳල වේල් දාල මල් පොකුරක් දෑතින් අරන් පහන් දැල් මල් වියන් මැද එයා සන්සුන්ව සැතපිලා හිටිය. පාත්වෙලා හිස සිඹින්න මට ඕනෑ වුණා. කිසිදාක මළ ගෙදරක අඬල නැති මගෙ ඇස් බර වෙන්න ගත්ත. මං එළියට ඇවිත් වම් අතේ ඇඟිලි දෙකකින් දෙහි ගෙඩියක් මිරිකනව වගේ ඇස් දෙක මිරිකල දැම්ම. අම්ම මා එක්ක කතා කළා.
”එයා ලෙඩින් ඉන්නව දැකල තියෙන්නෙ සර් විතරයි. යාළුවෙකුටවත් එන්න දුන්නෙ නෑ. අම්මේ සර් මාව බලන්න ආව. මගේ ඔළුවට අත තියල සනීපවෙයි කියලත් කිව්ව කියල මා එක්ක කිව්ව. යාලූවො එක්කත් එහෙම කියල තිබුණ. අම්මේ මට මේ වේදනාව දරාගන්න බෑ. අම්ම නැතුව මට යන්නත් බෑ. අපි හතර දෙනාම වහ බොමු අම්මේ කියල එයා අන්තිමට කිව්ව. මං මෙච්චර වේදනාවක් විඳිනව කියල අම්ම දන්නව නං පොඩි කාලෙදි මාව මරල දානව නේද අම්මෙ කියලත් කිව්ව. එයාගෙ පේරඳිනම සම්බන්ධෙට විරුද්ධ වෙලා හිටිය බෝයිගෙ පැත්තෙ අය ලෙඬේ දැනගෙන කසාද බඳින්න කියල කැමැත්ත දුන්නම මට මේ ලෙඬේ හැදුන එක ගැන සතුටුයි. දැන් මට එයාව බඳින්න පුළුවන් කියල එයා කියල තියෙනව” එහෙම කියල අම්ම ඈත හිස් අහස දිහා බලාගෙන හිටිය. මට මතක් වුණා මගෙ අම්ම මැරෙනකොට එයාට අවුරුදු විසිතුනයි. පුංචි දරු පැටව් තුන් දෙනා ගැන හිත හිතා මැරෙන්න ඇති. අංජුලාට අවුරුදු විසි පහයි. එයත් ඇස් ඉදිරිපිට පෙනි පෙනී තියෙන ලස්සන අනාගතේ ගැන හිත හිතා යන්න ඇති.
මං සමු අරන් එන්න හදද්දි එයා ළඟ මාස නමයක්ම වැටීගෙන උපස්ථාන කරපු එයාගෙ බෝයි, නිපුනගේ සාක්කුවේ තිබිච්ච අංජුලාගේ ෆෝන් එකට ඇලර්ට් එකක් ආවා. එයාගෙ හොඳම යාලූවා වත්සලාගේ බර්ත්ඬේ එක අද. විෂ් කරන්න අමතක වෙයි කියල කලින් ඇලර්ට් එකක් දාගෙන තිබිල. ඒත් ඉතිං දැන් එයාට වෙනද වගේ වත්සලාට සුබ පතන්න බෑනේ. ඒ වෙලාවේ වත්සලත් එතන හිටිය. ඇලර්ට් එක දැකල එයාගෙ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණ.
එයා මිහිදන් කරන වෙලාවෙ මං විශ්වවිද්යාවලෙ අර දේශන ශාලාවෙම දේශනේක හිටිය. එතන හිටිය සිය ගාණක් ළමයින්ට එයා ගැන කියල රැුළි කළු කොණ්ඩෙ විහිදල රෝස පාට සාටකෙත් එක්ක කළු ලෝගුව දාල පපුව හරියට තිබුණ අර දැන්වීමේ පාට පිංතූරේ උස්සල පෙන්නුව. පපුව දාල ගියා වගේ හැමෝම ”ස් ස් ස්” කියල කටෙන් සද්ද කරල හුස්ම ඇතුළට ගත්ත. එයා වෙනුවෙන් මිනිත්තුවක් නිශ්ශබ්දව ඉන්න කියල මං ඉල්ලූව.
හැමෝම ඉද්ද ගැහුව වගේ හිටගෙන මීයට පිම්බ වගේ හිටිය. මිනිත්තුව ඉවරයි. හැමෝම වාඩිවුණා. මං වම් පැත්ත බැලූව. දෙවැනි පේළියේ තුන්වැනි පුටුවේ අංජුලා නෑ. එතන දුන්නක් වගේ රවුමට හදාපු ඇහි බැම තියෙන ලොකු ඇස් තියෙන බෙදුණු නිකටක් තියෙන වෙන කෙනෙක් වාඩි වෙලා හිටියා.
-මහාචාර්ය ගංගානාත් දිසානායකගේ පැණිවළලු කොලමෙන් උපුටා ගන්නා ලදී.-

එදා මගේ පෙම්වතිය අද ඔබේ
හතර වටින්ම කළුවර කරලා තව ටිකකින් ..අනෝරා
වැස්සක් කඩා හැලෙන ලකුණු .. මේ වගේ දවස්වලට කරන්න තියෙන හොදම දේ .ඔලුවේ
ඉදලම රෙද්දකින් පොරවාගෙන ඇදේ ගුලිවෙන එක කියලා අත්දැකීමෙන්ම දන්නා මම ඇදට
ගොඩ වෙලා ඇස් පියාගත්තා...ඒත් වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුනේ නැහැ ..කොහෙද
ඉතිං අපේ පාප මිත්‍රයෝ එක්ක ....
ටක්...ටක්.
කව්ද එකෙක් දොරට තඩි බානවා...
කව්ද?
චමින් මේ මම බං .. සමිත්.
සමිත් කියන්නේ ..පුංචි කාලේ ඉදලා මගේ හොදම මිතුරෙක් .. ඒත් ඔහුගේ තාත්තගේ රැකියාව නිසා ඔවුන්ට නුවරඑළියේ පදිංචියට යාමට සිදු උනා.. පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙනුමෙන් පසුව සමිත් නැවතත් අපේ නිවස අසල ඔවුන්ගේ මහා ගෙදර පදිංචියට ආවේ මෑතකදී ...
සමිත් වරෙන් මචං දොර ඇරලා තියෙන්නේ..
මොකද මේ මහා දවාලේ නිදාගන්නේ .. උබට කම්මැලිනම් වරෙන් මාත් එක්ක ගමනක් යන්න...
කොහේ යන්නද? අනික මේ මහා වැස්සේ ...
මගේ කෙල්ලව හම්බ වෙන්න යන්නේ . මම උබට දවසක් කිව්වේ කැම්පස් එකේදී මිට් උන කෙල්ලෙක් ගැන . අද එයාට ලෝ ක්ලාස් එකක් තියෙනවා ගම්පහ.. වරෙන් උබට එයාව හදුන්වලා දෙන්නත් ඕනේ.. මට ඉතිං පොඩි කාලේ ඉදලම උන්නු හොදම යාළුවා උබනේ .. ඔන්න අපේ වෙඩින් එකට උබව තමයි යාලුවට ගන්න ඉන්නෙත්...
.
.................................................. .................................................. .................................................. ......
ගම්පහ ටවුමෙන් බැහැල සමිත්ගේ ගිර්ල් සිටින ගන්න පංතිය පැත්තට අපි දෙන්නා පියමන් කළා මම පාසල් කාලයේ උසස් පෙළ කරන අවදියේ පංති ආවෙත් ගම්පහ. ඒ කාලේ පංති ඇවිත් ගතකල සොදුරු මතකයන් අනුස්මරණය කරමින් ඉන්න අතර සමිත්ගේ යුවතියගේ පන්තිය ඉවරවී . යුවතියන් එකා දෙන්නා පාරට අවතීර්ණ වෙමින් සිටියා.. සමිත්ගේ කෙල්ලත් මගේ වයසේමලු . දැන් සමිත් ටත් වඩා එයාව දකින්න උනන්දුව තියෙන්නේ මට...
කෝ බං තවම නැද්ද...
දැන් මගේ කෙල්ලව බලන්න උබටද හදිස්සිය ... ටිකක් හිටපන් උන් ක්ලාස් ඉවර උන ගමන් පාරට දුවගෙන එන්නේ නැහැ.. අනිත් කෙල්ලොත් එක්ක වල් පල් දොඩවලා අන්තිමටම තමයි එන්නේ..
මේ.. උබලගේ මගුල් හින්දා මමයි කටු කන්නේ බලපන් වැහැගෙනත් එනවා...
මම එහෙම කිව්වේ පොද වැටෙන අහස දිහා බලාගෙන.. තව ඩිංගකින් හොද අනෝරා වැස්සක් කඩා හැලෙන ලකුණු අහසේ තිබුනා..
චමින් ,, අන්න එයා එනවා..
පාර කෙළවරෙන් එක කුඩයක් යටින් එන යුවතියන් දෙදෙනෙක්ව මට සමිත් පෙන්නුවා..
චමින් අර මල් මල් ගව්මක් ඇදගෙන එන්නේ.. එයා තමයි මගේ ගිර්ල් ඉදපන් මම ආවම උබට අදුන්වලා දෙන්නම්..
එහෙම කියලා සමිත් එයාට අත වැනුවා .. ඇයත් අපිව දැකලා යාළුවට සමුදීලා අපි දෙන්නා ඉන්න පැත්තට ආවා...
දෙවියනේ ..ශානි!!!!
පාසල් සමයේ මගේ ආදරය නොවේද මේ...
දෛවයය කොයි තරම් නම් නපුරු විදියට මට සරදම් කරනවද....
මොහොතකට අපි දෙදෙනාගේ නෙත් එකට ගැටුනා... හරියට තප්පර කිහිපයකට ලෝකයම නතර උනා වගේ හැගීමක් ...
ශානි මගේ පාසලට අවේ අතර මගදී.. ඒ වගේම එයා අතර මගදී පාසලෙන් වෙන් වෙලා ගියා.. එයා පිළිබද දුක්බර මතකයක් විතරක් ඉතිරි කරලා..
ශානිව දැකපු මුල්ම දවසේ ඉදලා මගේ හිතේ එයා ගැන විශේෂ හැගීමක් තිබුනා .. ශානිත් අනිත් අයට වඩා ගොඩාක් මට ලංවුනා .. අනිත් අයට වඩා මට විශේෂයක් දක්වන වග මට තේරුනා ..නමුත් ඒ සහෝදර කමද මිතුරු කමද ආදරේද කියලා තේරුම් ගන්න බැරුව මම කොයි තරම්නම් ලතවුනාද ....
කෙලි කවට කම් සිනහා මැදින් ගෙවීගිය පාසල් සමය කොයි තරම්නම් සුන්දරද.. එක බත් පත බෙදාගෙන කාලා.
හිතේ සැහැල්ලුවෙන් කුරුළු පිහාටුවක් වගේ පාවෙලා ගිය සොදුරු පාසල් මතකයේ හැම සිදුවීමක් තුලම ශානි මගේ ලගින්ම හිටියා...
කවදාවත් අමතක නොවෙන ඒ දුක්බර දවස....මට අද වගේ මතකයි ...
අපේ සාමාන්‍ය පෙළ විභාහගයේ අන්තිම දවස... විභාහග ශාලාවෙන් එලියට ආව ගමන්ම ශානි මගේ ලගට ආවා...
චමින් අපි මෙහෙන් යන්න හදන්නේ... අද තමයි ඔයා මාව දකින්න අන්තිම දවස..
මට ඒ වෙලාවේ දරාගන්න බැරි දුකක් ඇති උනා . මාව දාලා යන්න එපා ශානි කියන්න හිතුනත් . ඒවා කටින් පිට කරන්න තරම් ශක්තියක් මට තිබුනේ නැහැ...
අපේ තාත්ති රට යනවා චමින් ... අම්මිටයි මටයි විතරක් තනියම මෙහෙ ඉන්න බැරි නිසා අපි බදුල්ලේ ඉන්න මාමලාගේ ගෙදර නතර වෙනවා.. අම්මී කිව්වා මාව එහේ ඉස්කෝලෙකට දාන්නම් කියලා උසස් පෙලට ..
අපි හෙට උදෙන්ම මෙහෙන් යනවා චමින්
ඔයාට අපිව දාලා යන්න දුක නැද්ද ශානි ..
ඔයාට මව දාලා යන්න දුක නැද්ද කියලා අහන්න බැරි කමට මම එහෙම ඇහුව.
මම එහෙම අහපුවම ශානි මගේ අත තදින් අල්ල ගත්තා.. ඒ ලස්සන ඇස් වල කදුළු බිදු දෙකක් දිලිසෙනවා...
දුකයි චමින් .. හැම දේටම වඩා මට දුක ඔයාව දාලා යන්න වෙන එකට..
එයා එහෙම කියනකොට මගේ ඇසුත් තෙත් වීගෙන එනබව මට තේරුනා..
ඒ අතර එයා එයාගේ පොත් ගොඩින් එක පොතක් අරගෙන ..එකේ අන්තිම පිටුවේ මොනවද ලියලා මගේ බෑග් එකට දැම්මා...
චමින් ඔයා ඔය පොත තියාගන්න මාව මතක් වෙන්න. මාව මතක් වෙන්න වෙන දෙන්න දෙයක් මගේ ගාව නැහැ මේ වෙලාවේ.. මේ පොතේ අන්තිම පිටුව ඔයා ගෙදර ගිහින් බලන්න දැන් බලන්න එපා...
මේ පුංචි රටේ අපි ආයේ කවදා හරි හමුවෙයි චමින් . සමහර විට අපි හමු නොවෙන්නත් පුළුවන් .. ඒත් මට විස්වාසයි අපි දෙන්නා ආයේ නොවැරදීම හමුවෙනවා...
මම යනවා..චමින්.
එදා මට නින්ද ගියේම නැහැ . නින්දත් නොනින්දත් අතර ගෙවුණු රාත්‍රිය පුරාවටම ශානි මගේ හිතේ
හොල්මන් කාලා..
දෙවියනේ ශානි යන්න හදන්නේ මගේ හිතත් අරගෙනම නේද...
උදේ තමයි සිහියට ආවේ.. ශානි මොනවද ලියලා පොතක් දුන්න වග ..
මම ඉක්මනට ගිහින් පොතේ අන්තිම පිටුව පෙරලුව......
I love you chamin…
Don’t forget me…..
Your shani,
දෙවියනේ ශානිත් මට ආදරේ කරලා නේද.. පාසලේදී මට වටහාගන්න නොහැකි උන ශානිගෙ හැසිරීම ආදරය නේද... මට හැමදේම ආයෙමත් මැවී මැවී පෙනෙන්න ගත්තා..
මම ඒ වෙලාවේම ශානිගෙ ගෙදර හොයාගෙන ගියා ... ශානිලා කුලියට හිටිය ඇනෙක්ස් එක හොයාගත්තත් ඒ වෙන කොට මම පරක්කු වැඩි.
මම එයාට ආදරෙයි කියලා කියන්නත් ඉස්සර ඇය ගිහින්.. මගේ ආදරේ නොදැනම ඇය ගිහින්...
ඒත් එයා කිව්වා වගේම නැවතත් අපි හමුවෙලා...ඒත් අපි දෙන්නම බලාපොරොත්තු නොවුන මොහොතක . බලාපොරොත්තු නොවුන තැනකදී ...
චමින්.. උබ කොයි ලෝකෙද බං ඉන්නේ.. මම දැන් කී පාරක් කතා කලාද... මම දැන් ශානිකා ගැන කිව්ව දේවල් උබ අහගෙනද හිටියේ..
සමිත් ශානිට මාවත් මට ශානිවත් හදුන්වලා දෙන්න ඇති .. ඒත් ඒ එක දෙයක්වත් මට ඇහුනේ නැහැ. මගේ හිත තිබුනේ වෙන ලෝකෙක.. මම හිතන්නේ ශානිත් හිටියේ.. මගේ තත්වෙම තමයි..
අපි දෙන්නට දෙන්නා මුණු දිහා බලාගෙන උන්න මිස වචනයක් වත් කතා කාලේ නැහැ.. අවුරුදු ගානකට පසු නැවත හමුවීමක් ..
චමින් මමයි ශානිකයි පන්සලට යනවා ..ඔයත් එන්න අපි එක්ක යමු .සමිත්ගේ හඩින් මම පියවි ලොවට ආවා...
අනේ බැහැ සමිත් මට තව වැඩකුත් තියෙනවා ඉක්මනට යන්න ඕනේ...
අනේ මන්ද උබට මොනවා වෙලදා කියලා .. වැහින්නත් එනවා එහෙනම් ඉක්මනට පලයන්...
අපි යනවා .. යමු ශානි..
එහම කියලා සමිත් ශානිගෙ අතින් අල්ලාගෙන පන්සල පැත්තට ගියා... ඔවුන්ට වැඩි ඈතකට යන්න ලැබුනේ නැහැ ..පොද වැස්ස තරමක් දරුණු උනා.. සමිත් එයාගේ අතේ තිබුන ලොකු කුඩය ඉහලාගෙන ශානිගේ උරහිසට අතක් දාලා ලගට කර ගත්තා...
ඒත් ශානි ....
ශානි හැරිලා මම ඉන්න පැත්ත බැලුවා ..මම තවම හිටපු තැනමයි...
ඊට පස්සේ ශානි සමිත් ගෙන් මැත් වෙලා වැස්සේම තෙමි තෙමි මම ඉන්න තැනට දුවගෙන එනවා..
දෙවියනේ ශානි මේ මොනවද කරන්නේ... මට මුකුත් හිතාගන්න ඉස්සර ශානි දුවගෙන මගේ ලගටම ආවා..
චමින් හය්යෙන් වහින්නයි එන්නේ ඔයා තෙමෙයි ....
එහෙම කියලා එයාගේ බෑග් එක ඇරලා පුංචි ලස්සන කුඩයක් මගේ අතේ තිබ්බ...
තෙමෙන් නැතුව පරිස්සමින් යන්න චමින් .. මම යනවා.
පාසලේදී අන්තිම දවසේ දැක්කා වගේම වේදනාවක් මම අදත් ශානිගෙ ඇස්වල දැක්ක..
සමිත්ට අපි ගැන කියන්න එපා ශානි..
මම එහෙම කිව්වත් ඇය මුකුත් කිව්වේ නැහැ හිනහ වෙන්න උත්සහ කාලා පමනයි .. ඒත් එදා වගේම ඇගේ දෙනෙතේ කදුළු බිදු දිලිසුනා..
මම යන්නම් චමින්...
ඇය එහෙම කියලා නැවතත් දුවල ගියා සමිත් ගේ කුඩය යටට..
ඔවුන් ටික දුරක් යන තුරු බලා සිටි මම.. කුඩයත් ඉහලාගෙන බස් නැවතුමට යාමට පිටත් උනා...
ශානි මගේ වෙලා උන්නු යුගය අවසන් ..දැන් ඈ අයිති සමිත්ට ............
Credits goes to the original writer.......

Subscribe to:
Posts (Atom)