Sunday, December 2, 2012

උපන්දින තෑග්ග…

මචං බිනියා…ඔව් කියපන්. මචං මං ගැන මුකුත් අවුලක් ගන්න එපා මේක කිව්වට. උඹ මගේ ෆිට් එක හින්දා කියන්නෙ…නෑ නෑ බං එහෙම අවුලක් නෑ, කියපන්…මං අද උඹේ ගෑනි වෙන එකෙක් එක්ක යනවා දැක්කා බං බයික් එකක…මේ සිද්ධිය බිනිත්ගේ කන වැටුනු පළමු අවස්ථාව මෙය නොවීය. එනමුත් පූර්ණගේ කතාවෙන් මොහොතක් ගොළු වූ බිනිත්ගේ නලළ දහඩියෙන් තෙත් වී තිබින. නෑ…නෑ…මේ…මේ…එයගේ අයියා වෙන්නැති බං…අද කොහෙද යන්න ඕන කිව්වා…මට වැඩ හින්දා මං කිව්වා අයියත් එක්ක යන්න කියලා…ආහ් අයියනම් අවුලක් නෑ…අපේ යුතුකමනේ ඕවා කියන එක…යැයි පවසා පූර්ණ තම කැබින් එකෙන් පිටව යන අයුරු බිනිත් බලා සිටියේ කිසිඳු අමුතු දෙයක් සිදු නොවුනු විලසිනි. එහෙත් ඔහුගෙ හිතේ තිබූ වේදනාකාරී අදහස් නිසාම ඔහුට කිසිඳු වැඩක් කිරීමට හිත දුන්නේ නැත. එනිසාම ඔහු එදින වේලාසනින් කාර්‍යාලයෙන් පිටව ගොස් තිබින. වෙනත් පිරිමි ප්‍රශ්නයකදී පිලිතුරු සොයා යන බාර් එක බිනිත් ගේ ප්‍රශ්න වලටනම් විසඳුම නොවීය. කුඩා කළ සිට ආගම දහමට ලැදිව උස් මහත් වුන බිනිත් එදිනද ගියේ පංසලටය. වෙනත් ප්‍රශ්නයක් ආ විට පංසලේ ලොකු හාමුදුරුවන්ගෙන් අනුශාසනා ලබා ගන්නා බිනිත් මේ ප්‍රශ්නය පිලිබඳ කිසිවෙකුටත් නොපැවසූයේ තම බිරිඳ ගැන ඒ අය වපැරසින් බලාවියැයි ඇති බිය නිසාමය. පංසල් ගොස් ගෙදර යන විට සපුමලී වඩාත්ම කැමති බූන්දි ගෙන යාමටද ඔහු අමතක කලේ නැත. කිසිඳු වෙනස් කමක් නොදක්වමින් බිනිත් හැසිරුනේ වෙනදාටත් වඩා ඇයට ආදරෙන් කතා කරමිනි. ඇයද පෙර සේම ඔහු සමග හැසිරුනේ මොකුත් නොවුන ගානටය. එයද බිනිත් හට වේදනා ගෙන දෙන්නක් විය මන්දයත් ඇය මේ කරන්නේ රඟපෑමක් බව ඔහු ඇයටත් වඩා හොඳින් දන්නා නිසාය. කෙතරම් ආදරෙන් සැලකූවත් ඇය අගේ සතුටනම් අත් හරින පාටක් පෙනෙන්නටවත් තිබුනේ නැත. ඒ දිනෙන් දිනම බිනිත්ට මේ ගැන විවිධ කථා කන ගැටුන හෙයිනි. කාර්‍යාලේ ඕපා දූපා කතා වෙන ගැහණුන්ගේද ප්‍රධාන මතෘකාව වී ඇත්තේ බිනිත්ගේ බිරිඳ හා සාරංගනම් මේ තරුණයා සමග එලිපිට නටනා මගුල් නාටකය ය. ඉවසාම හෙම්බත්ව සිටි බිනිත්ට ඉවසීම ඇරෙන්න තවත් කරන්න දෙයක් තිබුනේ නැත. ඒ සපුමලීගේ සතුට වෙනුවෙනි. දිනෙන් දින ගත විය සපුමලී ඇගේ චරිතය ඉතා හොඳින් රඟන්නට වූයේ කිසිඳු සැකයක් මතු නොවන ලෙසය. මේ කිසිත් නොදන්නා කෙනෙක් මේ යුවල දෙස පිටින් බලා නිගමනය කරන්නේනම් මේ ඉන්නෙ ලොකේ ඉන්න හොඳම කපල්ස් වලින් එකක් යැයි පවසනවා නොඅනුමානය.
සපුමලීගේ උපන්දිනය ලං විය. උපන්දිනයට පෙර දින බිනිත් සපුමලීට පැවසුවේ තමාට හෙට වැදගත් වැඩක් ඇති හෙයින් හෙට ඔෆීස් යෑම අනිවාර්‍ය බවයි. ඒ එවැනි වැඩක් ඇති නිසාම නොව සපුමලීට අමතක නොවන දිනයක් වන හෙට දිනද සාරංග සමග ගත කිරීම ඈ වඩාත් සතුටු වේ යැයි සිතු නිසාය. පහුගිය අවුරුදු කීපයම එකට සතුටින් සැමරූ සපුමලීගේ උපන් දිනය බිනිත්ටද අති විෂේශ දිනයක විය. මේ ඇයව හමු වූ පසු බිනිත් නොමැතිව ගෙවෙන පළමු උපන්දිනය විය. සපුමලීද බිනිත්ව නවත්වා ගැනීමට උත්සහ කලේ නැත. ඒ වෙනුවට ඇය කලේ දෙවියන්ට ස්තූති කිරීමය.
උපන්දින දා උදා විය. සපුමලී ඇස් අරින්නටත් මත්තෙන් නැගිට බිනිත් විසින් කිරිබතක් පිළියෙල කළහ.ඒ කළ ඔහු නොකියාම කාර්‍යාලයට පිටත්ව ගියේය. ටිකක් දහවල් වන විට කවුදෝ ගේට්ටුවට හයියෙන් තඩි බාන ශබ්දය ඇසී සපුමලී එහි ගොසින් ගේට්ටුව විවර කළාය. නාවර පෙරා ගත් හඩු ගැසුනු අවුරුදු දහයක දොලහක පමණ කොලු ගැටයෙක් සිට ගෙන සිටී. ඔහු අත තරමක් විශාල පාර්සලයක් හා ලියුම් කඩදහියක්ද වෙයි. ඒ සියල්ල සැනෙකින් සපුමලී අතට පත් කල කොළුවා ක්ෂණයෙන් නොපෙනී යන්නට විය. කිසිත් සිත ගත නොහැකිව සිටි සපුමලී ලියුම් කඩදහිය විවෘත කර බැලීය. එහි මෙසේ සඳහන් විය.
“ආදරණීය සපුමලී, ඔයාගේ සතුටට මම බාධා කරන්නේ නෑ…මේක තම්යි මට දෙන්න පුළුවන් හොඳම තෑග්ග ඔයාට….ඔයා සාරංගත් එක්ක බයික් එකේ යද්දි මේක අරගෙන යන්න…හැමදාම සතුටින් ඉන්න…මීට හැමදාම ඔයාට පණ වගේ ආදරේ කරන බිනිත්…”
මෙතෙක් කල් බිනිත් සියල්ල දැන තමා සමග ජීවත් වූවා යැයි දැනගත් නිසාම සපුමලීගේ කොඳු නාරටිය පණ නැති වී මුළු ඇඟම අප්‍රානික විය. ඇය උද්‍යානය අලංකරණය සඳහා තබා තිබූ බංකුව මත වාඩි වීම පාර්සලය ලිහන්නට විය. එහි තිබුනේ සම්පූර්ණයෙන් ආවරනය කරන ලද හෙල්මට් එකකි.

Credits goes to the original writer......

No comments:

Post a Comment