සරසි උදේ පාන්දරින් නැගිට පොත් සකසන්නට විය . එදා ඉරිදා දිනයකි . ඉගෙනීමට ඉතා දක්ෂ සරසි A/L විභාගය සමත් වූ වහාම ගමේ දහම් පාසලේ ගුරුවරියක් ලෙස සේවය කලාය . ඒ ඇගෙ ඉගෙනීමටත් එය පිටුවහලක් වූ නිසාය . සරසිගේ පවුල ඉතා පුංචි පවුලකි . පවුලෙ එකම දරුවා සරසි විය . සරසිගේ පියා තැපැල් සෙවකයෙකි . ඉතා ගුණ යහපත් දරුවෙකු වූ සරසි ගමේ සියලු දෙනාගේ සිත් දිනාගැනීමට සමත් වූවාය . ඒ ඇගේ හැදියාව නිසාය .
සුදු සාරිය හැඳ කොණ්ඩය එක කරලට ගොතා දමා පොත් දෙක තුනකුත් අතැතිව කුස්සියට පැමිණියාය .
"අම්මේ එහෙනම් මං ගිහින් එන්නම් . අප්පච්චි ගියා නේද ? "
"ආ ඔව් පුතේ පුතාට පරක්කුත් ඇති නේද ?"
"ටිකක් විතර පරක්කුයි . එහෙනම් මම ගිහින් එන්නම් අම්මේ "
සරසි මවට දණ ඔබා වැන්දාය . ඉන්පසු දහම් පාසල වෙත පියමං කරන්නට වූවාය .
"ආ_ _ _ _ සරසි නංගී දහම් පාසල් යනවා නෙද ? අද ඉරිදනෙ ." ඒ නදීරය . ගමේ චණ්ඩියෙකු ලෙස කවුරුත් හැදින්වු නදීර පවා සරසිට හිස නමා කතා කරන්නේ ඇගේ තිබු හැදියාව හා චාම් ගති නිසාය .
"ආ _ _ _ ඔව් නදීර අයියේ . ගිහින් එන්නම් . " සරසි අඩිය ඉක්මන් කරමින් යන්නට පටන් ගත්තේ ඇයට පරක්කු වී ඇතැයි සිතුන නිසාවෙනි .
"ගුඩ් මොර්නින් මිස් "
ඒ හඬින් සරසි පිටුපස හැරී බැලුවාය . සුදු සරමක් හා අත් දිග කමිසයක් ඇඳ සිනා මුසු මුහුණින් බලා සිටින පිරිමි ළමයෙකි .
"ගුඩ් මොර්නින් "
සිසුවාද සරසි හා ගමන් මගට වැටුණෙය .
"මිස් මිස්ට මාව මතකද දන්නෙ නැ . ම්ං ගිය සතියෙ මිස්ගෙ පංතියට ආවෙ .
සරසි නැවත වතාවක් සිසුවා දෙස බැලුවාය . එය සැබැවකි . සරසිට දැන් එය මතකෙට අවේය .
" ආ ඔව්නේ මට දැන් මතකයි . මොකක්ද නම කිව්වෙ ?"
"මම මිස් තුහිත "
"තුහිත මොකද කරන්නෙ ?"
"මිස් මම ඉස්කොලෙ යනවා . ලබන අවුරුද්දෙ A/L . කොමස් කරන්නෙ මිස් . එත් එකොන් නම් මෙලෝ දෙයක් දන්නෙ නැ ."
"අනේ අනේ කියන හැටි විතරක් . මමත් ගිය අවුරුද්දෙ A/L කරේ . කොමස් කරේ . මට එකොන් වලට A පාස් එකක් ."
"ෂා මිස් නියමයිනෙ ."
"ටිකක් මහන්සි උනොත් තුහිතටත් අමාරු නෑ . ඔය වගෙ කිය කිය නිකන් හිටියොත් නම් කොහොමත් අමරුයි ."
"ඒක තමයි මිස් . මිස්ට පුලුවන්ද මට කියල දෙන්න ."
"ම් ම් _ _ _ බැරි කමක් නැ . පුලුවන් වෙලාවක කියල දෙන්නම් .
දෙදෙනා කතා බහත් සමගම දහම් පාසල් බිමට පැමින සිටියහ .
"එහෙනම් මිස් මං පංතියට යන්නම් ."
"හොඳයි තුහිත ."
එදින තුහිතට දහම් පාසල් නිමාවී නිවසට ගිය පසු සරසිව සිහිවිය . ඇය පිලිඹඳව සිතන විට තුහිතට අලුත්ම හැඟිමක් සිතට එයි .
"අම්මේ අම්මේ _ _ _"
"ඇයි පුතේ ? "
"කව්ද අම්මේ අර එහා පාරෙ ලොකු ගෙදරක් හදල පදිංචි වුනේ ?"
ආ එ අය කොලඹ කට්ටියක් . හරි හොඳයිලු එක පුතෙක්ලු ඉන්නෙ . මං හිතන්නෙ ඒ දරුවා දහම් පාසල් එනවා ."
සරසිට ඔහුව සිහිවිය . එසේනම් ඒ තුහිත විය යුතුමය . මේ ලඟකදී දහම් පාසල් අවේ ඔහුය .
ඊලඟ ඉරු දිනයේදි තුහිත හමුවු පසු සරසි ඔහුගෙන් විස්තර අසුවාය .
"තුහිතලා නේද අර අලුතින් පදිංචියට ආවේ ?"
"ඔව් මිස් අපි තමයි . තාත්තිගෙ බිස්නස් වැඩ හුඟාක් තියෙන්නෙ මේ කිට්ටුවනේ .තාත්ති හිතන් ඉන්නෙ මටත් ඒ බිස්නස්ම පවරන්නලු මිස් . එකනෙ මට ඉගෙන ගන්නම කියන්නෙ එයාලා ."
"මං තුහිතට උදව් කරන්නම් . මට පුලුවන් විදිහට කියුල දෙන්නම් . වැඩක් නැති වෙලාවට අපේ ගෙදර එන්නකො . මං අපේ අම්මලාටත් කියන්නම් . "
"අනේ මිස් ලොකු දෙයක් ."
එතැන් පටන් තුහිත සවසට ගොස් සරසිගෙන් පාඩම් අසා දැනගත්තේය . ඒ මාස ගණනට තුහිත එකොන් විශයෙන් හොඳ මට්ටමක සිටියේය . තුහින එ කලයේදි සරසිට කතා කලේ අක්කේ කියාය . ඒ ඔවුන් දෙදෙනා අතර වැඩි වයස් පරතරයක් නොවු නිසාය .
දිනක් සරසිගෙන් තුහිත මෙසේ අසුවේය .
"අක්කේ අපේ ඉස්කොලෙ ප්‍රදර්ශනයක් තියෙනවා ලබන සඳුදා . අක්කිත් යමුකො මාත් එක්ක ඒක බලන්න ."
"මම ? අම්මලා කැමති වෙයිද දන්නෙ නැ මල්ලි ."
"හා හා මං නැන්දාගෙන් අහන්නම් . අපේ එක්සැම් වලටත් තව මාසයයිනෙ . අපි තමයි එක කරන්නෙ ."
තුහිත හොඳ ලමයෙක් වූ නිසා සරසිගේ මව හා පියාද එයට අකමැති නොවූහ .
සරසි උදේ පාන්දර නැගිට ලක ලෑස්ති වූයෙ තුහිතගේ පාසැලට යාමටය . ඇය උදෙ පාන්දර ලා කහ පැහැති කෙටි ගවුමකින් සැරසී දිගු කොණ්ඩය කඩා දමා පුංචි කට්ටක් ගැසුවාය . ඳඟකාර යුවතියක් බඳු වූ සරසි එදින වෙනමම ලස්සනකින් යුතුවිය .
ම්ව් පියන්ගෙන් අවසර ගත් සරසි තුහිත පැමිනෙන තෙක් බලා සිටියාය .
"අද අක්කා ගොඩාක් ලස්සනයි ."
තුහිත එය කීවෙ අමුතුම අකාරකටයි . එයින් සරසිගේ හිතටද අමුත්තක් දැනුනි .
බස් රථය කෙමෙන් කෙමෙන් සැතපුම් ගිලා ගන්න අතර තුර සරසි එක පාරටම තුහිත දෙස බැලුවාය . ඇය දුටුවේ තුහිත තමන් දෙස බලා සිටින අයුරුය . ටික වේලාවකින් තුහිනගේ පාසල ලඟට යාමට ඔව්නට හැකිවිය .
"අපි කැන්ටින් එකෙන් මොනව හරි කමු " තුහිත කීවේය .
" හා _ _ . සරසි කිවේ ඇයටද බඩගින්නක් තිබු බැවිනි .
සරසි හා තුහිත මේසයේ අසුන් ගත්තාය . ඔව්න් ෂොටීස් කා සිසිල් බීම පානය කලෝය . ඒවාට සල්ලි දීමට නැගිට ගිය තුසිත එනතුරු සරසි මේසය මත තිබූ තුහිතගේ පර්ස් එක විවර කල බලුවාය . එහි ඉදිරිපස දමා තිබුනෙ සරසිගේ ඡාය රුවකි . සරසි ගැස්සී ගියාය . ඒ සමගම පැමිණි තුහිත .
" ඕක නම් බලන්න එපා " යැයි කීවේය . නමුත් ඒ වන විට සරසි එය බලා හමාරය .
"මේ මොකක්ද ? " ඇය ඡායාරුපය පෙන්වා අසුවාය .
"එදා කඨින පිංකම දවසේ ගහපු ෆොටො එකක් මිස් . ලස්සන නිසා පර්ස් එකට දා ගත්තා . "
"අපි යමුද මිස් ඇතුලට ?"
"හා යමු "
නමුත් ඔහු ඇයට මිස් කීවේ ඇයි ? මේ ගමන ආ වෙලේ සිට සිදුවන්නේ අමුතු දෙවල්ය . සරසිට අමුතුම භයක් ඇති විය .
ඔව්න් දෙදෙනා පාසල් ප්‍රධාන ශාලාවේ වූ ප්‍රදර්ශන කුටියට ගොඩ වූවොය . ඒ සමගම පැමිණි තුහිතගේ මිතුරන් පිරිසක් ඔව්න් දෙදෙනා අසලට පැමිණියොය .
"ආ මචන් තුහිත . කොහොමද ඉතින් ?
"හොඳයි බං ."
"මෙයාද අර කිව්ව ගර්ල් . වාව් මාර ගති බං . උඹල දෙන්නා හොඳට මැචින් . "
"පිස්සුද බං මෙ මගේ මිස් . "
"හරි හරි බං එහෙම තමයි කියන්නෙ ." ඔව් දෙ දෙනා සිනා සිසී එතෙනින් ඉවත් විය .
සරසිගේ දෙනෙතට කඳුලු පිරිනි . එය තුහිතද දුටුවේය .
"මිස් අනේ අඬන්න එපා . මං ඔයාට අදරෙයි . "
සරසි ඒත් අඬුවාය . නමුත් සරසිද තුහිතට ආදරය කලාය .
"තුහිත අපිට ඒ දේ ගැලපෙන්නෙ නෑ . මං ඔයාට වඩා වැඩිමල් . ප්ලිස් මාව ගෙදර එක්ක යන්න . ඒ දේ වෙන්නෙ නෑ තුහිත . "
එදා සරසි නිවසට ආවේ ඉතා දුකිනි නමුත් ඇය ඒ දුක මවට පෙන්නුවේ නැත .
"කොහොමද පුතේ ගමන ?"
"හොඳයි අම්මේ . මට ටිකක් මහන්සියි "
"පුතා ටිකක් නිදාගන්න . එතකොට මහන්සිය ඇරිල යයි . " සරසි ඇඳෙන් ඇල වූවාය . ඒත් සමගම ඇයට නින්ද ගියාය .
පසුදා සරසි දැන ගත්තේ වෙනම කතාවකි .
"බලන්න පුතේ අර තුහිත පුතාලා ගමෙන් ගිහිල්ලා . මෙච්චර හිටියා . ඒ ලමයා අපිටවත් කිව්වෙ නැනෙ . ඇයි ඒ දන්නෙ නෑ ." සරසිට ඇඬුම් වාවාගන්න බැරිවිය . ඇය හඬමින් කාමරය තුලට ගියාය .
දින සති මාස ගතවෙමින් වසර හතරක කාලයක් ගත වුණි .
දිනක් සරසිලාගෙ ගෙවත්තට ඇතුලු වූයේ කලු පැහැති නවීන කාරයකි . කාරයෙන් බැස්සේ වෙන කවුරුවත් නොව තුහිතය . මෙය දුටු සරසිගේ මව්පියෝ පුදුම වූහ .
"ආ තුහිත පුතානේ . කොච්චර කාලෙකින්ද ? එන්න එන්න ඇතුලට ."
"කෝ ඇන්ටි සරසි ?"
"ආ අපෙ කෙල්ල ගෙදරට නාකිවෙවී ඉන්නවා පුතෙ අන්න කාමරේ ."
තුහිත දොර රෙද්ද මැත් කරමින් කාමරයට පැමිණියෙය . සරසි ජනේලයෙන් ගෙමිදුල දෙස බලා සිටියාය . ඇගේ දැස් තෙත් වී තිබුණි . තුහිත දැක ගත් වහාම ඒ දැසින් කඳුලු බිඳු රූටා වැටුණි .
"සරසි ඔන්න මං විභාගෙ පාස් උනා . තාත්තිගෙ බිස්නස් ඔක්කොම දැන් පාලනය කරන්නෙ මම . තාමත් ඔයාට අදරය කරනවා . එක අඩුවයි . මං ඔයාට වඩා අවුරුද්දක් බාලයි . මාව බඳිනවද ? "
සරසිට කතාකරගැනීමට පවා නොහැකි විය . හිටි වනාම ඇය ඔහුට තුරුලු වුවාය .
"මාත් ඔයාට හුඟාක් ආදරෙයි . එකයි මෙච්ච්ර කල් බලන් උන්නෙ . "
ටික වෙලාවක් එහෙමම උන් ඔවුන් නැවත මුහුනින් මුහුණ බැලුවෝය .
"දැන් මම ඔයාට වඩා හුඟාක් උසයි . " තුහිත කීවෙ සරසිගෙ දෙවුරට දැතම තබාගෙනය . සරසි සිනා මුසු මුහුනින් සිටියෙය .
"හා හා දැන් කාමරෙට වෙලා ඉඳලා බෑ අන්න ලෙලි පොඩ්ඩ බලන්න අපේ අම්මලත් ආවා ." සරසිට දෑස් අදහාගත නොහැකි විය . සරසි හා තුහිත එකටම වාගේ මැද සාලයට පිවිසුනෝය . තුහිතගේ මව හා පියා සමග සරසිගෙ මව් පියෝ කතාවකය . සරසිගේ මව සරසි දෙස බලා ...
"කෙල්ල අවුරුදු 4 කට පස්සෙ අද තමා හිනා උනේ පුතෙ ."
සෑම දෙනාගෙම දැස් වල සතුටු කදුලුය .
"මගේ පුතාට හොඳටම ගැලපෙන දුව සරසි දූ තමයි " ඒ කතාවෙන් තුහිතගේ දෑඟිලි තුල සරසිගේ දෑඟිලි පැටලුනි .
අතීතයට සමුදෙමින් වර්ථමානය ඔව්න්ට ආසිරි පැතුම් එක් කරද්දී සරසි හා තුහිත මුහුදු වෙරළෙ රළ දිහා බලා සිටියෝය
කතාව - ලක්ෂිකා දිල්ශානි .
ගලේවෙල .
Credits goes to the original writer......
No comments:
Post a Comment