Thursday, January 17, 2013

මොනවා කරන්නද ඉතින් ඔයාගේ සතුටට........

ම්ම්ම්ම් මම එලෙවල්ස් වලට අලුත් ස්කෝලෙකට ගියා, මට තාම මතකයි මම office 1ක ලගදි දැක්ක ඒ සුදු මුණ ම්ම්ම් කියලා වැඩක් නැ පට්ට cute , ඔයා මාව දැක්ක ගමන් හිනා උනා , ඉතින් කොහොම හරි මම මගේ class 1කට ගිහින් මාසයක් වගේ වෙනකොට මගේ මගේ යාළුවා සහන්ගේ seen 1කට class 1කට ගියා , දෙයියනේ ඔයා,........ අම්මෝ මට පිස්සු වගේ, කොහොම හරි සහනයට කියලා යන්තන් මුට්ටිය දාගෙන ඔයත් එක්ක ෆිට් උනා, ම්ම්ම් ටික දවසක් ඔහොම යද්දී අපි දෙන්නා මාරම ෆිට් 1කේ හිටියේ මතකද ඔයාට ??????? school 1කේ හැමෝම හිතන් හිටියේ අපි දෙන්නා සෙට් වෙලා කියලා, එදා ඔයාලට meeting 1ක් තිබුනා මම ඔය එනකං ස්කොලේ ඉවර වෙලා බලාගෙන හිටියා කෝ තාම නැ, වැඩක් නැ හිතේ තියාගෙන හිටිය හැමදේම ......... උනා , මොනවා කරන්නද ඉතින් අයෙ මහා වැස්සේ තෙමී ගෙනම යන්තං ගෙදර ආවා, වෙනදට වඩා ටිකක් පොෂ් විදියට ඊට පස්සේ දවසේ ස්කොලේ ගියා උදේ පාන්දර 6.30 ට විතර කෝ කවුරුත් නැ , :/ යන්තං 7.00 ට විතර ඔයාගේ යාළුවා ආවා , මම sure 1ටම හිතුවා අදත් ඉතින් හුලං තමා කියලා ම්ම්ම් කියලා වැඩක් නෑ .

"good morning අය්යා"

අම්මෝ තාම 7.15 ඒ වචන ටික ඇහුනා විතරයි දවල් 12 වෙලා වගේ දාඩිය දන්න ගත්තා, යන්තං ෂේප් වෙලා ටකස් ගලා මගේ පන්තියට දුව ගත්තා , අපෝ අපේ සෙට් 1කේ උන් ගිහින් ගම කලා මෙලෝම රහක් නැ , දන් ඉතින් මොනවා කරන්නද, මම දවස් 2, 3ක් විතර ඔයාට පෙන්න හිටියේ නැ , කොහොම හරි මමම ගිහින් යනතන් කියා ගත්තා , ඔයා මුකුත් නැතුව clz 1ට ගියා , කොහොම හරි අපේ 1ක් අයෙ මොකක් හරි කියලා අහගෙන , මෙලෝම රහක් නැති 1කෙක්ට ඔයා කියලා තියෙන්නේ , ඒකා රට වටේටම කියලා ඔයා මට කැමති උනා කියලා , අපෝ මල වදේ දන් ඉතින් හැම එකාම දැක්ක ගමන් කියන්නේ "මචන් කෝ party 1ක " ඔන්න ඕක, කොහොම හරි next week ඔයාලට exam මොනවා කරන්නද ඔයා ඕලෙවල් කරා රිසාල්ට් ආවට පස්සේ ඔයා ඉස්කෝලෙට අවා, ඔයාට A 8යි B 1යි කියලා ඇවිල්ලා කිව්වා , මට මාර ෆිට් 1ක් අවා school 1කේ බෙස්ට් ඔයා ,

දැන් තමා මම පිස්සු කරන්න ගත්තේ ඔයාගේ තාත්තා ඔයාව දුර ඉස්කෝලෙකට දැම්මා .........

after 5 yearz ඔයාව මට meet උනා අයෙම අම්මෝ ඇති යන්තං අයෙ ඔයා මගේ උනා කියලා දැනුනා අවුරුදු 5ක්ම ඔය ගැන හිත හිත තනියෙන්ම ගෙව්වට පව් නැ කියලා හිතුනා.... මගේ යාලුවෝ කොච්චර බැන්නද "වැඩක් නැ බන් වෙන 1ක් කරපන් කියලා ......" එතකොට මම උන්ට කොච්චර බනින්න ඇද්ද? දැන් ඕව වැඩක් නැ , කොහොම හරි මට ඔයාව අයෙම හම්බ උනා කියලා වැඩක් නැ ....... ඔයා මාත් එක්ක හිනා වෙලා මගේ ලගටම අවා , ඔයාගේ bag 1කෙන් මට card 1ක් දුන්නා , එයාගේ wedding 1ක next week ලු , එච්චරයි කිව්වේ ... එතන තිබ්බ car 1ට නැගලා පටස් ගලා ගියා , මොනවා කරන්නද ඉතින් ඔයාගේ සතුටට මම අනිවා ඔයාගේ wedding 1ට එන්නම් ඉතින්, ඔයාට බුදු සරණයි
Lakal Buwaneka

Wednesday, January 9, 2013

සමාවෙන්න රත්තරං !!!!

"ඇයි අශේන් ඔයා මට මෙහෙම කරන්නෙ ? මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද ? කියන්න අශේන් කියන්න ? "

"සොරි තරු මට ඔයාව මැරි කරන්න බෑ . අයි ඇම් වෙරි සොරි . මට කොල් කරන්න එපා " අශේන් ඉක්මනින් කාරයට නැග පිටව ගියේය ..............

ලක්ශිකා දිල්ශානි "මගේ කතාව" අඩවියට ලියන අලුත්ම නව කතාව "සමාවෙන්න රත්තරන් !!!! "

ලඟදීම .............

Tuesday, January 8, 2013

මට කොහොමත් ඔයා එපා ඔයා එයත් එක්කම ඉන්න

ඔයා හොදටම දන්නවා වස්තුවේ මගේ පස්සෙන් මගේ ආදරේ ඉල්ලගෙන කොච්චර නම් නංගිලා අවදා කියලා, මට ඕනෙනම් ඒ හැම කෙනෙක් එක්කම යාලු වෙන්න තිබ්බා නමුත් මම කවදාවත් එහෙම කරේ නැ , මොකද මම කැමති න මගේ පනට කවුරුවත් හිනා වෙනවට, ඔයාට කවුරුවත් නොන්ඩි කරනවට මම කැමති නැ අන්න එක නිසා තමය පැටියෝ ඔයාගෙම අය්යා ඒ කා දිහා වත් හැරිලාවත් බැලුවේ නැත්තේ, ඒකත් ඔයා හොදටම දන්නවා, මට ඔයාව මම කැමති වෙලාවට හම්බ වෙන්න බැ, මම ආස වෙලාවට ඔයාගේ කට හඩ අහන්න මම පින් කරලා තිබුනේ නැ, ඔය දන්නවා අපි දෙන්න ආදරේ කරේ ගොඩක් වෙනස් විදියට, ගොඩාක් අය ආදරේ කරන්නේ ගොඩක් ලං වෙලා, එත් අපි ආදරේ කරේ ගොඩක් දුරින් ඉද ගෙන, මට ඔයාව බලන්න අස උනාම මම ඔයාගේ ස්කොලේ ලගට වෙලා ගිනි ගහන අව්වේ වේලි වෙලි ඉන්නවා ඔයාගේ ඔය පුන්චී මුණ බලන්න , මම ඒ වගේ කොච්චර දවස්නම් ඉන්න ඇතිද? අව්ව වැස්ස මේ හැම දේම විදෙව්වේ ඔය නිසා ඔයාට තියෙන ආදරේ නිසා, මම ඔයාට පිස්සෙක් වගේ ආදරේ කරා, ඔය කියන විදියට වෙනස් උනා, කොච්චර දේවල් කරාද , ඔයාට ඒවා මතද නංගියෝ????????????????

මගේ ජීවිතේ අහන්න ලැබුණු දුකම කතාව, එදා අහන්න ලැබුනා ,මම මගේ කුලුදුල් ආදරේ වෙන කෙනෙක් මව දල ගිහින් කියලා, ඒ ඔයා වෙන කොල්ලෙක් එක්කත් යාලු වෙලා කියලා, මට එදා මගේ ජීවිතේම එපා උනා , මතකද මම ඔයාව කොහොම හරි හම්බ වෙලා ඇහුවා , සුදු ඔයා අර කොල්ල එක්ක යාලු නේද කියලා,, ඔයා මම එක අහපු ගමන් කිව්වා ''පිසුද අය්යේ ඒ මගේ පස්සෙන් එන අය්යා කෙනෙක්'' කියලා කොහොම හරි ඔයාට පිලි ගන්න උනා ඔය එයත් එක්කත් යාලු වෙලා ඉන්නේ කියලා, මට ගොඩක් දුකය් මොනවා කරන්නද, මම ඔයාට මොනවා කරත් එක වචනයක් වත් කිව්වේ නැ, ඔයාට එක මතකය්නේ , ඉල්ලන හැම දේම දුන්නා, එත් ඔය මොකද්ද කරේ පැටියෝ , වැඩක් නැ ඕවා , අන්තිමට මම තීරණයක් ගත්තා ''මට ඔයාව එපා'' කියන එක මම ගොඩක් අමාරුවෙන් ගත්තා ,ඊට පස්සේ ඔය මට කතා කරා, මාව ඕන කිව්වා මම නැතුව බෑ කිව්වා මතකද, ආයේ සතියකට විතර පස්සේ ඔය ආයේ අර කොල්ලම එක්ක යාලු වෙලා , ම්ම්ම් මම දැනගෙන හිටියා ඕක වෙන බව කමක් නැ එක ඔයාගේ සතුටනේ , ඒ මොනවා උනත් ඔයාට මත එක්ක ඉන්න ඕනේ කියලත් මම දන්නවා . මට ආයේ ඔයාව එපා කවදාවත්ම එපා , මොනවා උනත් මට ඔයාව මතක් වෙනවා මම කොච්චර නම් අඩන්න ඇතිද තනියම , මට නින්දක් නැ , මහා රැත් මම තනියම අඩනවා , ඕවා දැන් වැඩක් නැ , මට කොහොමත් ඔයා එපා ඔයා එයත් එක්කම ඉන්න, බුදු සරනය්
Lakal Buwaneka

Thursday, January 3, 2013

සදනී ...........

සදනී , අද මම ඔයාව දැක්කා,ඔයත් මාව දැක්කා.අපි දෙන්නා නොහදුන වුන් වගේ දෙපැත්තට ගියා.සමහරවිට ඔයා මාව දකින්නේ නැතුව ඇති ඒත් මම ඔයාව දැක්කා.ඒත් මට ඔයා එක්ක කතා කරන්න , අඩුම ගානේ හිනාහෙන්නවත් බැරි වුණා සමහරවිට ඒ මගේ උද්දච්ච කම හින්දා නිසා වෙන්න ඇති කියලා ඔයා හිතනවා ඇති.ඇත්තෙන්ම මම දන්නේ නැ ඇයි මට ඔයත් එක්ක හිනා වෙන්න බැරි ඇයි කියලා මේ අවුරුදු පහට අපි දෙන්නා කොච්චර මූණට මූණ හම්බ වෙලා ඇතිද ? කොච්චර සැරයක් අහක බලන් යන්න ඇත්ද ?
ඇයි අපිට මීට අවුරුදු පහකට කලින් හිටියා වගේ හිනා වෙලා ඉන්න බැරි.සමහරවිට ඔයා ඇත්ත සිද්ධිය දන්නේ නැතුව ඇති.මම ඔයාව මුලින්ම දැක්කේ ඉස්කෝලේදී ඔයාගේ පන්තියට පොතක් දෙන්න ආපු වෙලාවේදීයි.මතකද ? ඔයාගේ පංතියේ හිටියා මගේ ගැන්සිය.උන් ගැනත් මම ඔයාට කියන්න ඕනේ හැබැයි පස්සේ.එදා මම ඔයාව දැක්ක ගමන් මට වෙච්ච දේ අදටත් මට පැහිදිලි කරන්න බැ.ඔයා ගැන හිත හිතා මම මාර ගේමක් දීලා ඔයාගේ පොටෝ එකක් කෝම හරි හොයා ගත්තා.ඒක පර්ස් එකේ දාගෙන හැම තැනම මම අරන් ගියා.රැට පොඩි එකෙක් වගේ ලග තියන් නිදා ගත්තේ.මම දැක්ක හීන ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.මට ඔයා ගැන තිබ්බේ අහිංසක ආදරයක් සදනී , ඒක ඒක පාර්ශික වුනත් හරිම සුන්දරයි.දවසට පැයක් දෙකක් නෙමේ මුලු දවසම මම හිතුවේ ඔයා ගැන.මගේ සිහින ලෝකය කඩන් වැටෙන්න පටන් ගත්තේ දවසක් මගේ පර්ස් එක යාලුවෙක් බැලුවට පස්සේ එයා මුලු ඉස්කෝලෙටම මේ ගැන කියලා තිබුනා.මුලු සෙක්ෂන් එකටම ඒදායින් පස්සේ ඔයා ගැන මගේ හිතේ තිබ්බ හැගිම් රහසක් වුනේ නැ.ඊට පස්සේ තමා මම ඔයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්නත් ආශ්‍රය කරන්න පටන් ගත්තේ මතකද දවල් ඉන්ටර්වල් එකේදි මම ඔයාගේ පන්තියට එනවා ඇවිල්ලා කොල්ලෝ එක්ක කතා කර කර ඉන්නවා,උදේට ගුඩ් මොර්නින් කියන්න පංතිය ගාවට ඇවිත් බලන් ඉන්නවා.
ඔයත් එක්ක විනඩියක් හරි ඉන්න ඔනේ හින්දා මම කරපු දෙවල් මතකද ? ඒ කාලේ තමා මම සතුටෙන්ම හිටිය කාලේ.මම ඒ දවස්වල මාගේ යාලුවන් කියලා හිතා හිටිය සමහර උන් මාව විහිලුවකට ගත්තා සදනි.
එදා ඔයා මම ගැන කෙමිස්ට්‍රී පන්තියේදි අහලා තිබ්බා.ඒක මට එදාම රෑ යාලුවෙක් කියුවා එදා රැ මට නින්ද ගියේ නැ.කෝම හරි මම ඔයාගෙන් යාලු වෙන්න අහන්න ඕනේ කියලා ඔයාව හම්බ වෙන්න දවස් ගානක්ම ආවා.දවසක් මම ඔයාට දෙන්න චොකලට් එකක් අරන් ඇවිත් හංගලා තිබ්බා ඒත් මේ කාලකණ්නි කොල්ලෝ ටික ඒක හොරෙන් අරන් කාල තිබ්බා අන්තිමට හිස් පෙට්ටිය බැග් එකට දාල තිබ්බා.එදා උන්ව මරන්න තරම් තරහක් තිබ්බත් අද මට ඒ ගැන දුකක් නැ.ඒ උන්ගේ හැටි අනිත් උන්ගේ හැගිම් තෙරුම් ගන්න තරම් හිතන්න හැකියාවක් උන්ට එදා තිබුනේ නැ.
ඊට පස්ස දවසේ මම ඔයාට පොඩි තැග්ගකුත් අරන් ආවා ඒ වැලන්ටයින් ඩේ එක පහු වෙලා දවස් දෙක තුනක් ඇති.මම ඔයාව හම්බ උනේ ඉස්කෝලෙන් පස්සේ එතකොට මගේ තවත් යාලුවෙක් එතන හිටියා මම දැනන් හිටියේ නැ ඒ ගැන මොනවත් ඔයත් එක්ක යාලු වෙන්න ඌත් මට උදව් කරන්නම් කියලා කිව්ව එකෙක්.ඔයාට මම පැත්තකට අඩ ගහන් ගිහින් මෙහෙම ඇහුව්වා
.”සදනි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා “
එතකොට ඔයා කිව්වා “අයියෝ ඔයත් “
රැ තිස්සේ නිදි මාරාගෙන් පුරුදු වුනත් මට ඔයා ඉස්සරහා මොනවත් කියා ගන්න බැරි වුණා සදනී.මගේ පපුව පිපිරෙන්න තරම් වගේ.
මට කියා ගන්න පුලුවන් උනේ “මම ඔයාට අදරෙයි” කියලා විතරයි.
ඊට පස්සේ වෙච්ච දේ අදටත් මට අමතකයි.මට මතක මම  කාටද  මොකක්ද කියලා පයින්ම ගෙදර ගිය බව විතරයි.ගෙදර ගිහින් මම දවසම ඇඩුවා ඒ සුමානෙම මම කැවද නැන්ද කියලවාත් මට මතක නෑ.ඊලග සදුදා ඔයාට මම දුන්න තැග්ග ආපහු එවලා තිබ්බා.ඒ එක්කම ඔයා ඔයාගේ කාමර සගයාත් ගෙදරින් යවලා තිබ්බා.ඒ වැරැද්ද නිවැරදි කරන්න තරම් මම මානසිකත්වයක් හිටියේ නැ.ඔයා මට අකමැති වුනේ මගේ පෙනුම හින්දද ?
මෙච්චර කාලයක් ආශ්‍රයකරලා ඔයා මාව අදුන ගත්තේ නැද්ද ?
යාලුවෝ කිව්ව විදියට මම ඔයා ගැන හිතුවේ නැ.ඒත් අන්තිමට මට ඔයාගේ හිත ගන්න උදව් කරනවා වෙනුවට මාව නොමග යැව්වා ඔයා ගැන බොරු කියලා.මම භාහිරින් ලස්සන නැති වුණත් මම ඔයාට කරපු ආදරය ලස්සනයි පිවිතුරුයි.කොහොමත් කට්ටිය මගෙ පෙනුම විහිලුවකට අරගත්තා අනාගතයේදී අරගනිවී. මම යනකම් ඉදලා මට පිටිපස්සෙන් හිනා වෙන ලෝකෙක මම හිතුවේ ඔයා විතරයි මාව තෙරුම් ගත්තේ කියලා.ඊට පස්සේ මට කොල්ලෝ කොච්චර විහිලු කලාද ? මම එදාත් ඒවා ගනන් ගත්තේ නැ අදත් ඒවා ගනන් ගන්නේ නැ.නමුත් මම කැමති නෑ විහිලුවක් වෙන්න.මමත් හැගීම තියෙන කොල්ලෙක්.
එක බත් පත බෙදාගෙන මම මැරෙන්න වුනත් හිටිය උන් මාව තනිකලා මට දොහී වුනා.අඩනකොට මට ලෙන්සුවක්වත් දෙන්න එකෙක් හිටියේ නැ.මම වැටිලා හිටිය තත්ත්වේ දැකලා උන් හිනා වුනා.ඔයාගේ පින්තුරය මම ඔයා එව්ව එක්කෙනාට දුන්නේ තව ප්‍රශ්ණ ඕනේ නැති හින්දා.එයා ඇවිත් ඔයාට මොනවා කිව්වද දන්නේ නැ.ඒත් මම දන්නවා ඔයා අහිතක් හිතන්නේ නැති බව.මම කවුරුත් නොහදුන අදුරු ආගධයක මම තනි වුණා අන්තිමට මට එලිය වෙලා පාර කියා දුන්නේ මගේ රත්තරන් අම්මා.වචනයෙන් මොනවත් කිව්වේ නැති වුනත් මගේ අම්මා මමත් එක්ක මම විදපු දුක වින්දා කියලා මම දන්නවා.
සදනී මම ඔයාට මොනවා හරි කරානම් මට සමාවන්න.මීට පස්සේ මම ඔයාව පාරෙදී දැක්කම හිනා වෙන්නම් , මමත් එක්ක වචනයක්වත් කතා නොකර යන්න එපා.ඒ කාලේ අපි කරපු දේවල් අතීතය. දැන් අපි ඉන්නේ වර්තමානයේ.මම ඔයත් එක්ක තරහ නෑ ඔයා මමත් එක්ක තරහද ?


Credits goes to the original writer......

නොගැලපෙන ඔයා වෙනුවෙන් හඩන මම


"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?"
"හ්ම්"
"ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?"
"මට බැරි නිසා"
"අහන්න අයිතියක් නැත්ද මට?"
"අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?"
"අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ"
"ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න"
"සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..."

"ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?"
"එහෙනම් මොකටද මට ආදරේ කලේ?"
"මට ඒක අමතක වුනා"
"එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?"
"මම අද ඔයා ගැන හිතුවා"

"අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු"
"මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ"
"මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා"
"මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය"
"මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි"
"ඉන්නව එහෙනම් මේකත් බලල යනවා"
"ඔය මොකක්ද?"
"පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?"
"මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙලා තියෙන්නේ"

"චික්ස්"
"මොකක්ද මැට්ටෝ අත කපාගෙන කලේ"
"මොකක් කියලද හිතන්නේ"
"මම දන්නේ කොහොමද ඕයි"
"අරූව මතක් වෙන්න තමුසෙගෙ අතේ මුද්දක් තියෙනවා...මට මැරෙනක තමුසෙගෙයි මගෙයි අන්තිම මේ හමුවීම මතක් වෙන්න මේ කැලල තියෙනවා."

"යන් තරිදු ගිහිල්ලා බෙහෙත් ටිකක් දාගන්න."

"එහෙනම් මට ඇයි මෙච්චර වෙලා ආදරේ නෑ කිව්වේ?"

"තමුසෙට ඕන මගුලක් කරගන්නවා..මැරෙනවා.. ඒත් ආයෙත් මගේ පස්සෙන් එන්න එපා.."

"ඒක කරන්න නම් ටිකක් අමාරුවේවි"
"ඉන්නව එහෙනම් මම යනවා"


"බුදු සරනයි"

නොගැලපෙන ඔයා වෙනුවෙන් හඩන මම


Credits goes to the original writer......

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු ප්‍රේම කතාවක ඇත්ත.............. රෝමියෝ ජුලියෙට්

**විලියම් ක්ශේක්ස්පියර්ට වැරදුනු තැන(වරද්දපු තැන)**

"...රෝමියෝ සහ ජුලියට් ඇත්තටම ජීවත් වූනා..."(හිනාවෙන්න එපා ඒකයි ඇත්ත)

ඔයාල හැමෝම රෝමියෝ ජූලියට් ඉන්ග්‍රීසි ෆිල්ම් එක බාලලා තියෙනවනේ.
බොරු මොකටද මමත් බලලා තියෙනවා.ඒ කතාව විලියම් ශෙක්ස්පියර් නම් කතුවරයාගෙ නාටකයක් ඇසුරෙන් ලියලා තියෙන්නෙ.. සාහිත්ය පාඩමක් බ්ලොග් කියවන ඔයාලට උගන්නන යසියට තේරෙන්නෙ නැති බව මම දන්නවා.ඒක නිසා ලෝකෙම දන්න ප්‍රසිද්ද ප්‍රේම කතාවක් අස්සේ හැංගිච්ච කවුරුවත් නොදන්නා ඇත්තක් තව ටිකකින් අන්තර්ජාලයට එකතු වෙනවා...
"කවුරුවත් නොදන්නා ඒ ප්‍රේම කතාවක ඇත්ත.."
රෝමියෝ කියන තරුනයා ඇත්තටම ගංජා සුරුට්ටුවක් කටේ ගහගත්තු රස්තියාදුකාරයෙක් නෙමෙයි.ඔහු සාමාන්ය පවුලක වැඩුනු තලෙලු දඩබ්බර තරුනයෙක්.ඉදලා හිටලා සිගරට් එකක් බොන.බියර් එකක් අරක්කු වීදුරුවක් කටේ තියන්නෙක්..
(අද සමාජයේ ජීවත් වෙන සාමන්ය තරුනයෙක් හා සමානයි.පිස්තෝලයක් දැකලාවත් තිබ්බ කෙනෙක් නෙමෙයි)


ඒ වගේම ජුලියටුත් මහා සල්ලිකාර පැලැන්තියක කෙල්ලෙක් නෙමෙයි.ඇයත් රෝමියෝට සමාන පවුල් පසු බිමක තැනැත්තියක්..ටිකක් දඩබ්බර දැකුම්කලු ලස්සනක් තියෙන, පැහැපත් සමක් ඇති කෙල්ලෙක්.නමුත් මොවුන් දෙදෙනා හදිස්සියේ හමුවෙන්නේ කොහොමද කියන එක ඉතිහාසයේ සදහන් නැති නිසා ඒක මට කියන්න විදියක් නෑ..(සොරි හොදේ)

දකින දකින කෙල්ලන්ට විහිලු කරන ජීවිතය ගැන බරක් පතලක් නොදැනෙන. සෙල්ලක්කාර තරුනයා සහ දඩබ්බර තරුනිය අතර මිත්‍රත්වයක් ඇති වෙන එක තාමත් අබිරහසක්.. නමුත් ඒ මිත්‍රත්වය දුරදිග යන්නේ නිතර දෙදෙනා හමුව් ජීවන තොරතුරු බෙදා ගැනීමට පොදුවේ මොවුන් ප්‍රිය කිරීමත් සමගම..

කතාවේ ශේක්ස්පියර් මොවුන් දෙදෙනා අතර අහසයි පොලවයි වාගේ වෙනස් කම් රාශියක් පෙන්නන්නේ.. ඔහු හිතින් ඔවුන් දෙදෙනා කිසිදා එක් නොවියහැක්කන් කියල ඔබටත් මටත් හංගන්න..

නමුත් ඇත්තටම ජීවත් වුනු රෝමියෝ ජුලියෙට් අතර තිබුනානම් තිබුනේ අසමානකම් දෙකයි..

+ රෝමියෝ ජුලියට්ට වඩා ටිකක් උස තරුනයෙක්.(දෙදෙනා එකට සිටිනා විට ලොකු උස පරතරයක් තිබුන"

+රෝමියෝ ජුලියෙට්ට වඩා මාස හයකින් බාලයි.(ගතානුගතික අදහසින් පිරි ජුලියෙට්ගේ දෙමාපියන් පිරිමියා වසර කිහිපයකින් වැඩිමල් වියයුතුය කියන මතයේ හිටියා)

එතරම් සුලු වෙනස් කම් මේ තරම් දෙනාගේ නෙත් අග කදුලු රැදවූ ප්‍රේමාන්වුතයක් බිහිකලේ කොහොමද එහෙනම්?

"ඉතින්  එහෙනම් කොහොමද රෝමියෝට ජුලියෙට් ව හම්බ වෙන්නේ?"
ඒ කාලේ අපේ වගේ ටියුශන් ක්ලාස් තිබ්බද නෑ. මම මූලාශ කරගත්ත ග්‍රන්තයේ සදහන් වෙන විදියටනම්, සල්පිලකදි සිද්ද වෙන අකරතැබ්බකින් තමයි. මේ ප්‍රේම හුටපටේ පටන් අරගෙන තියෙන්නේ.

මෙහෙමයි ඒ සිද්දිය වුනේ..
ජුලියෙට් සහ ඇයගේ මිතුරන් සල්පිලේ කඩයක් කඩයක් ගානේ ඇවිදිද්දී තමයි..(අද කෙල්ලෝ වගේම තමයි ඒ කාලෙත් කෙල්ලො ශොපින් කියලා කරන්නෙ ජොගින් නේ)

මම මක්කද කිය කිය හිටියේ....??  :D

රෝමියෝගේ ඇවැස්ස නෑනා (නැන්දගේ දූ) ජුලියෙට් ගේ මිතුරියක්. මේහිදී රෝමියෝ ජුලියෙට් එකට මුනගැසුනත් එය හුදෙක් නෑනන්ඩියගේ උවමනාවට සීමාවූවක් වෙනවා..(love at first sight එකක් නෙමෙයි ආරම්බය)

රස්තියාදුකාරයෙක් ලෙසින් සැරසි රෝමියොන්ට පලමු දැක්මෙන් පෙම් කිරීමට තරම් මානසික අස්තාවරබවක් ජුලියට්ට තිබිලා නෑ. නමුත් සැනෙකෙලිය අවසාන වී මෙම තරුනියන් නිවසට යනවිට වීදියේ සිටි මැරවරයින් පිරිසක් ජුලියෙට් හා පිරිස නවතාගන්නවා.. අවාසනාවකට හෝ වාසනාවකට ජුලියෙට් හැර අනෙක් සියලු දෙනාම පැන ගන්නවා..ඇදුම් ඉරා ලිංගික අතවරයකට ඔන්න මෙන්න තියෙද්දී මත් වතුරක් බොමින් යන රෝමියෝ සහ පිරිසට මේ දසුන දැක්කත් රෝමියෝ පමනක් එය නවතා දැමීමට යනවා.

මෙහිදී දරුනු පිහි ඇනුමකට පවා ලක්වන රෝමියෝ වීදීකොනක වැටී සිටියදී පසුවදා උදෑසන සොයාගන්නවා.ඒත් සමගම ඒ අසලින් යන රාත්‍රී ආරක්ශක මුරයකට පින් සිද්දවෙන්න එදා ජුලිඑට්ගේ ජීවිතය බේරෙනවා.ඒත් සමගම ලෝකයක් ගොනාට ඇන්දවූ රොමීයෝ ජුලියට් කතාවස්තුවට ඌන පූරකය නිර්මානය වෙනවා..

අදික ලෙස රෝගාතුරව සිටින රෝමියෝ බැලීමට දෙතුන් වාරයක් ජුලියෙට් පැමිනියතතේ කිසිම අවස්තාවක මතකයක් තබා ගැනීමට තරම් රෝමියො යහපත් ශරීර සුවයකින් ඉදලා නෑ.ඒ එන හැම වාරයකදීම මල්පොකුරක් අරගෙන එන්න ජුලියට් අමතක කරලත් නෑ.

එහෙනම් කොහොමද මේ යුවල යාලුවෙන්නේ..
ඒක සිද්දවෙන්නේ රෝමියොගේ නෑනන්ඩිය (ජුලියට්ගෙ යාලුවාගේ අක්කා) විවාහ වන දිනයෙදි. එදා තමයි ජුලියෙට් පවසන්නෙ තමා ඔහු රෝගී අවදියෙදි බැලීමට ආව බවක්. විවාහ සාදයේ අවසානයත් සමගම ඔවුන් දෙ‍දෙනා හොදම මිත්‍රයන් වෙනවා..
පසුව නෑනන්ඩිය හරහා ලිපි මගින් මිත්‍රත්වය පවත්වාගෙන යන මොවුන් ටික කලකින් පෙම්වතුන් වෙනවා..මේ අතරදි රෝමියෝ සතු රස්තියාදුකාර ගුනාංගයන් වලින් ඇයට ඔහුව එපා වෙනවා.

කලින් ලිපියේ මා කී ලෙසම ඇගේ දෙමාපියන්..
"ගැහැනියක් ඇයට වඩා බාල මිනිසෙකු සමග විවාපත් වීම දෙවියන්වහන්සේගේ වයිරයට ගොදුරුවේ"
යන මතය තදින් එල්බ සිටිනවා.පසුකාලීනව එම සමාජයෙන් වියපත වී යන මතයක් වුනත් ඒ මොහොතේ ජුලියට් ගේ මනසට එය තදින් බලපානවා..මේ හේතුව නිසා පෙම්වතුන් මෙන් පෙම් ලිපි මගින් ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන. දරුවන් සාදන ප්‍රමානය ගැන ඔවුන්ට සලකන අයුරු ගැන කතිකාකර ගත්තත්
"i love you" ලෙසට ආදරය ප්‍රකාශ නොකිරීමට ජුලියට් වග බලාගන්නවා.....

ජුලියට් හමුවීමට ප්‍රතම රෝමියො විසින් වෙනත් තරුනියන් කිහිප දෙනෙක් සමග සම්බද්තාවයන් පවත්වාගෙන ගියත් ඒව වැඩිකලක් පැවතුන ඒවා නොවෙයි.. ඒ අතීතය ඔහු ඇයගෙන් සගවනවා.නමුත් අවාසනාවකට ඇගේ නෑනන්ඩිය විසින්ම මේ සම්බන්ද කාරනාවන් ඇත්තටත් ඔබ්බට ගිය ආකාරයෙන් ලෙස ඇයට පවසනවා ..

තමන්ටත් වඩා ආදරය කල රෝමියෝ කෙරේ ඈ වයිරයෙන් බැදෙනවා..නමුත් ඇගේ ජීවිතය බේරාදීමට උපකාරයක් වශයෙන් ඈ ඔහු සමග දිගටම ලිපි හුවමාරු කරගන්නවා.

(එහෙනම් ඇයි නෑනන්ඩිය ලිපි හුවමාරුවට උදව් කලේ?..එයට හේතුව ලිපිය අවසානයේ සදහන් කරන්නම්)

 ඒ ලිපි මගින් දෙදෙනා හට දෙවෙනි වරට හමු වීමට අවස්තාවක් යෙදෙනවා..
 දිනක දෙදෙනා නිවැසියන්ට හොරෙන් වීදියකදී හමුවෙනවා.. එහිදී ඔවුන් මිතුරන් සේ ඉදිරියට සිටිය යුතු බව ඈ ඔහුට සදහන් කරනවා..
ආදරෙන් ඈ කෙරෙහි මුසපත්ව සිටින රෝමියෝ ඇයව සිප ගැනීමට යන අවස්තාවකදී ඈ අතුල් පහරකින් ඔහුව නවතනවා.

ඉන් පසුව ඔවුන් දෙදෙනා ඒ අයුරින් හමු වූ වගක් නම් මූලාශ්‍රයේ සදහන් වෙන්නේ නෑ..නමුත් සැමවිටම පාහේ ජුලියට් සිය මිතුරියගෙන් රොමියෝ ගැන විමසනවා.තොරතුරුවල නිවැරදිබව පිලිබදව ප්‍රශ්නයක් තිබුනත්. ඇය තවම රොමියෝ ගැන සිතනා බවත් ප්‍රේම කරනා බවත් මෙහිදී අපට වැටහෙනවානේ...


කතාවේ අවසාන කොටසට අපි එනවා. ඒ දෙදෙනාගේ වෙන්වීම.

හැන්දෑවක රෝමියො ගනිකාවක සමග කතාකරමින් සිටිනායුරු දිනක් ජුලියට්ගෙ නෙත ගැටෙනවා..මේ නිසා ඈ මාසයක් ඇතුලත ඇගේ පියා සේවය කල සමාගම් අදිපතිගේ පුත්‍රයා සමග විවාහ වෙනවා.
විවාහ උත්සවය අති උත්කර්ශවත් අයුරින් සිදුවූ බවත්.. වසර කිහිපයක් යනකන් එම අවස්තාව ගැන නගර වැසියන් කතාකල බවත් මූලාශ්‍රය තව දුරටත් සදහන් කරනවා..

රෝමියෝ විවාහ උත්සවයට බලෙන් යාමට උත්සාහ කල විටක සිරගතකරනවා..
සිරෙන් පිටත් කල විටක "ඕඛ්" නම් විසක් ආහාරයට ගෙන රෝමියෝ සියදිවි හානිකරගත් වගක් අවසානයේදි සදහන් වෙනවා..නමුත් මූලාශ්‍රයම සදහන් කරනවා ජුලියට්ගේ සැමියා විසින් ඔහුව වස දී සිරේදීම ගාතනය කලා යැයි රාවයකුත් එවකට තිබුනු බව..


විලියම් ශේක්ස්පියර් යනු ජුලියට් ගේ පුතා.රෝමියෝගේ නෑනන්ඩිය පසුකාලීනව ඇගේ සේවිකාව වේනවා..
නෑනන්ඩිය තමන් කල පවට පාපෝච්චාරනයක් වශයෙන් මෙය ශේක්ස්පියර්ට සදහන් කරන්නෙ කුඩාකලසිට රචනයට ඔහු හැකියාවක් දක්වපු නිසා..
නමුත් පසුකාලීනව ඔහු මෙම ප්‍රේම කතාව වෙනස් අයුරකින් ලෝකයට ගෙන ගියේ ඇයිද කියලා මුද්‍රනය නොවූ ඔහුගේ අවසාන තිරරචනයේ සදහන් කරතිබුනේ...ඔහුට තවත් කෙනෙකු සනසාලන්නට එම කතාව වෙනස් කරන්න සිදුවුනා යනුවෙන්...
අවසානයේ ඇය දාහත් හැවැරිදි ඔහුට  මේ දේත් සදහන් කරලා තියෙනවා.....


"මා රෝමියෝට ..එනම් මාගෙ ඇවැස්ස මස්සිනාට කුඩා කලසිට පෙම්කලා..මා ඉදිරියේදීම මාගේ හොදම මිතුරියට ඔහු හිමි වීම මට දරාගත නොහැකි වුනා. එනිසා ඔවුන් වෙන්කිරීමට ම ජුලියට් රෝමියෝ කෙරෙහි බිදෙව්වා...දෙවියන් වහන්සේගෙන් මා ඒ ගැන සමාව අයදිනවා...

නමුත්..

රෝමියන්ගේ දයිවය නිසා ඔහුගේ අකල් ගාතනයේ පාපය මා බාරගන්නේ නෑ..."

Credits goes to the original writer......

ජීවිතය නම් පුදුමාකාරය..

යායුතු තැනක් නොමැතත් කොහුවලින් නුගේගොඩ දෙසට යතුරු පැදිය හැරවූවෙමි. කෙතරම් සිත කීවත් වේගය වැඩි කල නොහැක.. රැකියාස්තානයෙන් නික්ම නිවෙස් වෙත දුවන දහසකුත් මිනිසුන් මැද නිවහනක් නොමැති එකම පුද්ගලයා මම ද??

ලානිල්  තද නිල් බ්ලවුසයක් සහ නිල් ඩෙනිමකින් සැරසුනු අඩි පහයි පහක පමන තරුනියක් රිදී පැහැ කුඩයක යටින් කලබලයෙන් ඉදිරියට ඇදෙයි. මා යතුරු පැදියේ වේගය අඩු කර තවත් පාරේ වම්පසින් ඉදිරියට ඇදුනෙමි.

වම අතට හැරුනු ඈ අසල පිහිටි නිමි ඇදුම් වෙලදසැලකට පිවිසියාය. මම ද වමට සිග්නල් දමා යතුරු පැදිය පාරෙන් ඉවතට කලෙමි..

" ස්‍ර්.. බයික් එක අතනින් පාර්ක් කරනවද?"
" ඕකේ.."
විගහින් යතුරු පැදිය තාප්පයක මුල්ලට කල මා.. හැඩලය ලොක් කර .. වෙලෙද සැල වෙතට දීවෙමි..

"ස්‍ර් හෙල්මට් එක"

හෙල්මටය තබා ටෝකනය ගත් මම කාන්තා ඇදුම් ඇති පලමු මහල වෙතට දිවීමි..ඇය එහි විය යුතුය...
හතරවටින් එල්ලූ නිමි ඇදුම්ය. තැනින් තැන කාන්තාවන් නිමි  ඇදුම් තෝරයි.නමුත් ඈ දකින්නට නොමැත.. දෙවන මහලක් ඇතත් එහි ඇත්තේ පිරිමි ඇදුම්ය... නමුත් මා ඉහල මහලට ගියෙමි..

ඈතින් පෙනෙන ඉගටිය තෙක් දිග කෙලින් කෙස් කලබ නම් ඇයගේම විය යුතුය.. නමුත් මේ ඇයමද?..වසර ගනනක් ගත වී ඇත.. ඇය හුගාක් වෙනස් වී තිබෙන්නට පුලුවන..මා ඉදිරියට ගියෙමි..

" excuse me miss"
 "yes "

මා නෙත් ඉදිරියෙන් වූයේ නැවත කිසිදිනක මා නොදකිනු ඇතැයි සිතූ ඒ ස්ත්‍රී රූපයයි... ඇගේ අත මුව වෙතට ගියේ ය.. කෙතරම් උත්සාහ කලත් වචනයක් පිටවූයේ මගේ මුවින් නම් නොවෙයි..

" සහන් මේ ඔයාමද?"
"ඔව් ඔව් මම තමයි.. මොකද මෙතන කරන්නේ.."
"මම මොකක් කලාම ඔයාට මොකද?"

"සන්දි how's this ?"
බොඩිෆිට් ටීශර්ටයක් හැදි කවුදෝ ඩයලයක් කඩ්ඩෙන් කෙටුවේ ය... උගේ කොන්ඩය කුකුල් කරමලකි... රැවුල වැව් ඇත්තේත් දාර දාර ය. සන්දීපනීට සන්දි කියන්නට මූට ඇති අයිතිය කුමක් ද..

"ah roshan.. this is sahan... my class mate ...sahan this is roshan... my fiancee"
එය ඈ කිව්වේ ටයිල් පොලොව දෙස බලාගෙනය .. මා මෙහි තවදුරටත් සිටිනුයේ කුමකටද ?
"guys.. i have to go.. my girl friend is waiting bellow..good luck buddy"
ඔහුගේ උරහිසට තට්ටුවක් දැමූ මා.. අවසන් වතාවට ඇගේ රූ සිත්තම් කරගතිමි.

ජීවිතය නම් පුදුමාකාරය.. අතීත පරිච්චේදයන්හි නිදන් ගතවූ සමහරක් චරිතයන්ගේ පුනරෝප්පත්තියෙන් ආත්මය කෙතරම් විදවීමකට ලක්වන්නේද?..මා ෆුල් ෆේස් හෙල්මටයට බැසගතිමි.

Credits goes to the original writer......