Thursday, January 3, 2013

නොගැලපෙන ඔයා වෙනුවෙන් හඩන මම


"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?"
"හ්ම්"
"ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?"
"මට බැරි නිසා"
"අහන්න අයිතියක් නැත්ද මට?"
"අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?"
"අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ"
"ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න"
"සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..."

"ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?"
"එහෙනම් මොකටද මට ආදරේ කලේ?"
"මට ඒක අමතක වුනා"
"එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?"
"මම අද ඔයා ගැන හිතුවා"

"අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු"
"මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ"
"මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා"
"මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය"
"මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි"
"ඉන්නව එහෙනම් මේකත් බලල යනවා"
"ඔය මොකක්ද?"
"පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?"
"මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙලා තියෙන්නේ"

"චික්ස්"
"මොකක්ද මැට්ටෝ අත කපාගෙන කලේ"
"මොකක් කියලද හිතන්නේ"
"මම දන්නේ කොහොමද ඕයි"
"අරූව මතක් වෙන්න තමුසෙගෙ අතේ මුද්දක් තියෙනවා...මට මැරෙනක තමුසෙගෙයි මගෙයි අන්තිම මේ හමුවීම මතක් වෙන්න මේ කැලල තියෙනවා."

"යන් තරිදු ගිහිල්ලා බෙහෙත් ටිකක් දාගන්න."

"එහෙනම් මට ඇයි මෙච්චර වෙලා ආදරේ නෑ කිව්වේ?"

"තමුසෙට ඕන මගුලක් කරගන්නවා..මැරෙනවා.. ඒත් ආයෙත් මගේ පස්සෙන් එන්න එපා.."

"ඒක කරන්න නම් ටිකක් අමාරුවේවි"
"ඉන්නව එහෙනම් මම යනවා"


"බුදු සරනයි"

නොගැලපෙන ඔයා වෙනුවෙන් හඩන මම


Credits goes to the original writer......

No comments:

Post a Comment